Monday, April 30, 2012

ඇඩ්ඩ්‍රස් එක කොහෙද?




















Image Copyright Information : The original photo belongs to Jim Richardson, contributing editor, National Geographic.

හොඳ ෆොටෝ එකක් දැක්කා...කොමිටල් සිතුවිල්ලක් ආවා...








Thursday, April 26, 2012

ජනපතිගේ ගඳ බෝයිස්ලා අනාගත් දඹුළ්ල



කොන්තරාත්තුවලට කචල් අදින ජනපතිතුමාගේ ගඳ බෝයිස්ලා දඹුල්ලේ ඇද්ද කචල් එක දැන් මහා වාතයක් වී ඇති බව පෙනේ. ඇමති ජනක කියනාදෙය ඇත්ත නම් (අපි දන්නේ නැත) සාකච්ඡාවෙන් පන්නා ගන්නට තිබුණු පල්ලිය සාකච්ඡාවට කලින් ගඳ බෝයිස්ලාගේ ක්ෂණික මෝචන දේශප්‍රේමය නිසා දැන කොරගන්නට බැරිවෙන්නම වැඩ සිද්ද වෙලාය.

අඩුම ගණනේ සාකච්ඡාව අසාර්ථක වෙලා තම්බිටික පාට් දැම්මානම් ගඳබෝයිස්ලාගේ දෙසප්‍රේමය හා බොදුබැති පෙම උතුරායාම සාධාරණීකරන්නට තිබුණාය.

එව්වා කොයිද අෆිත් එක්ක ෆුහ්....සාකච්චා කරන්නේ බයියලාය. ගඳ බෝයිස්ලා කරන්නේ ඉස්සෙල්ලාම ගහලා රෙන එකය. පිහිද ගන්නේ කොහොම කියලා කල්පනා කරන්නේ රීගෙන ගාගත්තාට පස්සේය.

පිස්සු නටන්නට කලියෙන් පොඩ්ඩක් කතාබහ කරලා වැඩේ ගොඩදාගන්න පුලුවන්දැයි බලන්න කිව්වොත් එහෙම කියන උන් පට්ට දේශද්‍රෝහීන්ය. රට කන්නට ඉන්නා ඩොලර් කාක්කන්ය. රටට ආදරේ නැත. 

රටට ආදරේ ජනපතිතුමාත් එතුමාගේ ගඳබෝයිස්ලාත් විතරමය.

ජනපතිට වැඩ කරන ගඳ බෝයිස්ලා කොහොමත් ඔහොමය. උතුරා පෙණ නගින (පෙණ නගින්නේ අරක්කු නිසාය) දේසප්‍රේමය හා බුද්ධ ප්‍රේමය නිසා ගොඩින් බේරාගන්න පුලුවන් ඕනෑම එකක් මත තරඟෙට පහරා ඊට පස්සේ පලාතම ගන්දස්සාර වෙනකොට බටහිර කුමණ්ත්‍රන හා බටහිට ඩොලර් වලින් යැපෙන දේසීය කුමණ්ත්‍රණ කරුවන්ගේ කුමණ්ත්‍රණ ගැන දොඩවමින් හිස් ලූලූ අත දුවනවාය. කෙස් කඩාගෙන කෑමොර දෙමින් පඹයෝ පුච්චනවාය, පෙලපාලි යනවාය.

වැඩේ ඉවරවෙනකොට රට මුලුලෝකෙටම ගඳවෙලාය. ඒත් ගඳ බෝයිස්ලා යහතින්ය.

කල්පනාවෙන් වැඩකොට ජාම බේරාගන්නට තිබූ ජිනීවා අනාගෙන නාඩගමක් කරගත්තේ වීරවංශ ගඳබෝයියාය. ඒවගේම සමාදානෙන් කාගේවත් හිත් නොරිදෙන්න බේරාගන්නට තිබුණු දඹුල්ල ඇනුවේ ඉනාමළුවේ ගඳබෝයියාය.

ඕනෑම ප්‍රශ්ණයකදී ඉස්සෙල්ලාම සරම උස්සාගෙන කෑගැසීම එතුමාගේ ස්ටයිල් එකය. ජනපතිතුමාට එතුමාගේ ශෛලියට ගැලපෙන ගඳ බෝයිස්ලා ඕනෑම වැඩක් සඳහා සොයාගත හැකිය. 

කිව්වම මොකද?-අතිශයින්ම බොළඳ සුදු වෑන් චෝදනා


ආණ්ඩුව රට හදන්නට සියලු සංවර්ධන කටයුතු අංක එකට දමා ඉදිරියට ගමන් කරමින් සිටී. මැයි දිනයේ තේමාව ද රට එකට යන්නය.
මේ තත්ත්වය තුළ ආණ්ඩුවට එරෙහිව එල්ල කරන සියලු චෝදනා පුස්සක් බින්දා සේ පළ රහිතය. ඒ නිසා ආණ්ඩුවට එරෙහිව අලුත් චෝදනාවක් එල්ල කර තිබේ.
ඒ සුදු වෑන්වලින් මිනිසුන් පැහැර ගැනීමේ පදනම් විරහිත චෝදනාවකි. එක් පුදගලයකු බිරිඳට නොකියා හොරගමනක් ගොස් අසුවූ විට බිරිඳට කීවේ තමන් සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් අතරමග දමා ගිය බවය. ඒ නිසා සුදුවෑන් චෝදනා ආණ්ඩුවට එරෙහිව එල්ල කරන අතිශයින්ම බොළඳ චෝදනාවක් වී තිබේ. ආණ්ඩුවට එරෙහිව එල්ල කරන අතිශයින්ම බොළඳ චෝදනාවක් වී තිබේ.
ආණ්ඩුවට මිනිසුන් පැහැර ගන්නට වේලාවක් නැත. කවුරුන් හෝ පැහැර ගැනීමේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහොත් ඔහු සොයා ගැනීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට ය. 
සුදු වෑන්වලින් මිනිසුන් ඔසවාගෙන ගිය වකවානුවක් අපි පසුකර සිටින්නෙමු. අද මේ ආණ්ඩුවට සුදු වෑන් චෝදනා එල්ල කරන අය කළ යුත්තේ එදා රටක් වටින මිනිසුන් සුදුවෑන්වලින් පමණක් නොව ජීප්රථවලින් ද ඇදගෙන ගොස් මහ මුහුදට බිළිඳුන් හැටි සිහිපත් කළ යුතු ය. මවගේ ඇකයේ සිටි රිචඩ් සොයිසා මහ රෑ ඇඳගෙන ගිය හැටි ද ඔහුගේ මළමිනිය කොරළවැල්ලෙන් මතුවූ සැටි ද සිහිපත් කළ යුතුය.
ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමාට ද පැහැර ගැනීමේ භීතිකාවක් වැළඳී තිබේ. පුතා පැහැරගත් විට ඒ ගැන පැමිණිලි කරන්නට අම්මා ;පාලිසියට ගියා ය. පුතා පැහැර ගත් පුද්ගලයා පොලිසියේ සිටි බව අම්මා කීවේයැයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීතුමා කියා සිටී. පදනම් විරහිත බොරු පැමිණිලි කරන්නට එපා යැයි ආරක්ෂක ලේකම්වරයා මන්ත්‍රීවරයාට කියා තිබේ.
http://www.dinamina.lk/2012/04/26/_art.asp?fn=v120426

මේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්තය. ආණ්ඩුවට රට සංවර්ධනය කරනවා හැරෙන්නට වෙන කිසිදෙයක් කරන්නට වෙලාවක් නැත, ඉස්පාසුවක් නැත. උදේ ඉඳන් රෑවෙන තෙක් රට සංවර්ධනය කරන්නට වලිකන ආණ්ඩුවට සුදු වෑන් චෝදනා එල්ල කිරීම විදේසීය කුමණ්ත්‍රණ කරුවන්ගේ දේසීය කොන්ත්‍රාත් කරුවන්ගේ ඩොලර් චෝදනාවක් පමණකි.

ඔය බොරු වලට ජනතාව රැවටුනු කාලය වියරය. ජනතාව දැන් බුද්දිමත්ය. තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නේ එබැවිනි.

මීට කලින් පැහැරගෙන ගියා යයි කියන සාගර සේනාරත්නයාද කුමාර් කාරයා මෙන්ම හොරෙන් කොටු පනින්නට ගොස් ගෑනීට මාට්ටුවූවා වන්නට ඇත.

ලලිත් හා කූගන්ද, ප්‍රගීත් එක්නැලිගොඩද සිය හොර අඹුවන් සමග විදෙස් රටවල කම් සැප විඳිද්දී මෙහේ ඉන්න ඩොලර් කාළකණ්නි බොරුවට මේ හොඳ ආණ්ඩුවට චෝදනා කරයි

ආණ්ඩුව මැයි දිනය පවා යොදාගන්නේ සංවර්ධනය ප්‍රොමෝට් කරන්නටය. තේමාව රට පකට ... සමාවෙන්න රට එකට යන්නයි.

මේවා පොලොව නුහුලන අපරාද නොවේද?

Saturday, April 21, 2012

මීහරකාගේ කොමෙන්ටුව......


මිහරකා says:
දැන් අපේ දේශප්‍රේමී නෝනාවරුන් සහ මහත්තුරුන්ගෙන් අහන්නේ……
1.) අපි අතරේ සිංහලයෙකුට වලක් කපපු නැති එකෙක් ඉන්නවද ?
2.) අල්ලපු ගෙදර ඉන්න සිංහලය ඉහල යනවට ඉරිසියා නොකරපු එකෙක් ඉන්නවද?
3.) තමන් අතරේ එකට හිටපු සිංහලය ඉහල ගියාම ඒ ගැන හිතට දුකක් දැනුනු නැති එකෙක් ඉන්නවද?
4.) තමන් සිංහල දන්නවා උනත් ඉංගිරිසි බැරි එවුන් ඉස්සරහ (උන් අපහසුතාවයට පත් වෙනවා කියල දැන දැනත්) වැඩා වෙන්න ඉංගිරිසියෙන් ටෝක දාල නැති එකෙක් ඉන්නවද?
අනික් පැත්තෙන් ගත්තාම………..
5.) තමන් ඉහල ගියාම තමන් එක්ක එකට හිටිය සෙට් එකට බොරු සෝබනේ දාපු නැති එකෙක් ඉන්නවද?
(එසේ කල විට උන්ගේ හිත රිදෙනවා කියල දැන දැනත්) බොරු සෝබනේ දාල සතුටු උනේ නැති එකෙක් ඉන්නවද?
හ්ම්ම්…… මුස්ලිම් මිනිස්සු කෙසේ වුවත් අපිත් අපිටම කෙලවන්න හවුල් වෙලා නේද? හයියෝ………..

--------------------------------------------------------------------------------------------------------------
ලංකා සයිබර් නිවුස් අඩවියේ පලවූ "අන්‍යාගමිකරණයට එරෙහිව දඹුල්ලේ විරෝධතාවක්, මහනාහිමිවරුනුත් එයි - April 20, 2012 at 2:34 pm | Lanka C News." යන ලිපියට කොමෙන්ටු 70කට වැඩිය වැටී තිබුණි. ඉන් එක් කොමෙන්ටුවකි ඉහත පිටපත් කොට ඇත්තේ.

සයිබර් නිවුස් මඩවලේ ලගිමින් ජාතිවාදී උමතුව මෙන්ම උපතින් වුරුම වූ මෝඩකම හා බාලකම ප්‍රදර්ශණය කරන්නාවූද ඉඳ හිට අපගේ බ්ලොග් අඩවිවලටද පැන එවැනිම කොමෙන් කොටන්නාවූද සුවහසක් දේසීය දෙගාත් මීගවයින් අතර "මීහරකා" යන අන්වර්ත නාමයෙන් තමන්ව හඳුන්වාගත්, නම මීහරකා වුවත් දැනුම හා විචාර බුද්ධිය අතින් මුහුකුරා ගිය ඒ නම් ගම නොදන්නා මිනිසාට මාගේ ප්‍රණාමය...

බුදුදහමින් පෝෂණය වුනු සිංහල බෞද්ධ ජනතාව ඉතා අවිහිංසකයි... (දඹුල්ල මුස්ලිම් පල්ලිය කඩා බිඳ දමයි )


බෞද්ධකම උග්‍රවී අන්‍යාමික ස්ථාන විනාශකරන අවිහිංසක බෞද්ධයින්...


ජඩ පත්තරකාරයින් මේ ජාතිවාදි ක්‍රියා වලට සුදුහුණු ගාමින් ඒවා සාධාරණීකරනය කරන අයුරු



Friday, April 20, 2012

බොරු, පට්ටපල් බොරු සහ මහ බැංකු ස්ටැටිස්ටික්ස්


2010දී ඩොලර් 2400ක් වූ ඒකපුද්ගල ආදායම 2011දී ඩොලර් 2836ක් වීමේ ආස්චර්යය ගැන දිනමිණ කඩමාල්ල මහා පම්පෝරි ගැසුවේය. ආණ්ඩුවේ පඩිකන (නැතහොත් ජරාව කන) ඉකොමික් ඉස්පැසලිස්ට්ලා කියනා විධියට මෙය මහින්දා චින්තනය අනුව රට ලබන සීග්‍ර සංවර්ධනයේ ප්‍රතිපලයකි.

සැබැවින්ම ආස්චර්යයකි! එහෙත් ආස්චර්යය පුපුරා යන්නේ රුපියලෙන් ගණනය වන දල ජාතික නිශ්පාදිතය ඩොලර් බවට හැරවීමේදී සුදුකරන ලද හංගලා ගැහිල්ල හෙලිවීමෙන් පසුවයි.

සාමාන්‍යයෙන් දල ජාතික නිශ්පාදිතය, ඒක පුද්ගල ආදායම වැනි දෑ ගණනය කිරීමේදී මුලින් එය රුපියල් වලින් ගණනය කරන අතර (සියලු ගණුදෙනු සිදුවන්නේ රුපියල් වලින් බැවින් ) පසුව එය ඩොලර් අගයක් බවට පරිවර්තනය කරයි. සාමාන්‍ය සම්ප්‍රදාය නම් මෙසේ ඩොලර් බවට හැරවීමේදී එක්තරා ස්ථාවර විනිමය අනුපාතයක් (base exchange rate) වසර ගණනාවක් පුරා භාවිතා කරයි. උදාහරණයක් ලෙස  1USD = රු.100 ලෙස වසර 2005 සිට 2015 තෙක් යොදා ගත හැකිය, එවිට 2005 සිට 2015 දක්වා සෑම වසරකම දලජාතික නිශ්පාදිතය රුපියල් වලින් ඩොලර් වලට හරවන්නේ එකක් රුපියල් 100 යන අනුපාතයටයි.

මෙසේ කරන්නේ නිතර වෙනස්වන විනිමය අනුපාතය මගින් ගණනය කිරීම් හා සංසන්දනය කිරීම් වලදී සිදුවන වැරදි නිගමන වලක්වා ගැනීමටයි.

එහෙත් අපේ මහ බැංකු අයියලා 2010 හා 2011 දලජාතික නිශ්පාදිතයින් ඩොලර් බවට හරවා තිබෙන්නේ විනිමය අනුපාත දෙකකටය. 2010දී 1 USD = රුපියල් 113කට වන අතර 2011දී 1USD = රුපියල් 110.54ක් ලෙසය.

මේ අනුව දලජාතික නිශ්පාදිතය හා ඒකපුද්ගල ආදායම වැඩිවී තිබෙන්නේ රටේ නිශ්පාදන හා ආදායම වර්ධනය වූ නිසාම නොව සංචිත ටික පුච්චමින් ඩොලර් එක උඩ තියාගෙන සිටි නිසාය.

මෙය වෙන්නේ කොහොමදැයි සරල පැහැදිලි කිරීමක් කරනවා නම්;
2010 හා 2011 වසර දෙකේම ඒක පුද්ගල ආදායම රුපියල් 100,000ක් ලෙස ගනිමු. එනම් ඒක පුද්ගල ආදායම රුපියලෙන් ගණනය කිරීමේදී වැඩිවීමක් නැත.
දැන් අපේ මහ බැංකු ඩොලර් සූත්තරේට අනුව 2010 දී ඩොලරය රුපියල් 113 ලෙසද 2011 දී ඩොලරය රුපියල් 111.54 ලෙසද ගෙන 2010 හා 2011 ඒක පුද්ගල ආදායම් ඩොලර් වලට පරිවර්තනය කරමු.

2010 per capita income in USD = 100,000/113      = 884.95 
2011 per capita income in USD = 100,000/111.54 = 896.53
කොහොමද වැඩේ??? 2010 හා 2011 වසරවල දල ජාතක ආදායම සත පහකින් හෝ වැඩි නොවුනත් වෙනස් විනිමය අනුපාත නිසා ඩොලර් වලින් පෙන්වන විට වැඩිවීමක් පෙන්වා ඇත....
ඔන්න ඔහොම තමයි අපේ චාටර්ඩ් එකවුන්ටන්ට් කබ්සිතුමා අපටත්, රටටත්, රජටත්, ලෝකෙටත් ආස්චර්යමත් සංවර්ධනයක් මවා පාන්නේ.....

හි‍යැක් ෆුහ්....





Thursday, April 19, 2012

ඉන්දියන් කාරයෙක් හේමාස් බෝඩ් එකේ! දේශප්‍රේමීනි නිදිද? ඉන්දියන් ආක්‍රමණය නොපෙනේද?



කඩෙන් කඩේට බඩගාමින් ඇමරිකන් පිටි ගන්නේ ඇයිදැයි අසමින් චාටර් වෙමින් සිටි දේසප්‍රේමී පප්පලාට මහන්සියට නින්ද ගිය අතරේදී ඉන්දියන් කාරයෝ දේශීය තම්බි හේමාස් කොම්පැණියට ඉන්දියන් කාරයෙක් රිංගවා ලංකාවේ ව්‍යාපාරික ක්ශේස්ත්‍රය ආක්‍රමණය කිරීමේ කුමණ්ත්‍රණයක නිරතවී සිටී.

මෙසේ රිංගවා ඇත්තේ එසේ මෙසේ ඉන්දියන් කාරයෙකු නොව කසිකබල් ලොරි හදන ටාටා කොම්පැණියේ එකෙකි. ඒ මදිවාට ගෝපාල් ක්‍රිෂ්ණන් නම්වූ මේකා දෙමළෙකි.

මෙයින් පෙනෙන්නේ හේමාස් අයිතිකාර යුසුෆාලිලාගේ දේශද්‍රෝහී භාවය නොවේද? හොඳ ඩිරැක්ටර් කෙනෙක් ඕනෑනම්  හොඳ සිංහල බෞද්ධයෙකු තෝරාගන්නට ඉඩ නැතුවාද? 



Tuesday, April 17, 2012

මිතුදම් වඩයි ප්‍රතිලාභ ගොඩයි!!! [ශ්‍රී ලංකාව දැවැන්ත සංවර්ධිත රාජ්‍යයක් සමග...]


නොනාවරුනි, මහත්වරුනි අපිට දැන් ධනවත්, බලවත්, තෙදවත් හොඳ මිතුරෙක් සිටී - පලස්තීනයට ජයවේවා! [හියැක් පුහ්..]


Monday, April 16, 2012

කොටි සමූළඝාතන යුධමෙහෙයුමේදී ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දුන් ජවිපේ සිටි කුමාර් කොටියෙක්ද?

ඇත්තටම ඌ කොටීයෙක්ද?

ඌ කිටියා නෙමෙයි කොටියා කියලා දැනගත්තේ කවද්ද ? ජවිපෙ කඩාගෙන ගියදාද? ඊට කලින්දාද?

ඉන්දියන් හමුදාවට බෝම්බ ගහද්දීත් ඌ කොටීයෙක් ද? නැත්නම් කොටියා වුනේ ඊට පස්සේද?

ඊටත් ගොඩක් කලින් දැනගෙන හිටියනම් විමල් වීරවංශත් කොටීයෙක් වෙන්ඩ බැරිද? ඌත් කී සැරයක් නම වෙනස් කරලා තියෙනවද? ඌට ඔච්චර සල්ලි කොහෙන්ද?

ඌ කොටියා කියලා දැන දැනත් ඌට ඕස්ට්‍රේලියාවට පනින්න ඉඩ දුන්නේ ඔස්ට්‍රේලියාවට තියෙන බය නිසාද?

ඇමරිකාවට බය නැති, එන්ගලන්තෙන් ගේම ඉල්ලන, නෝර්වේට  කනට ගහපු, මන්මෝහන් සිංට මරුටියක් බස්සපු අපි ඕස්ට්‍රේලියාවට බයයි?

බයයිද? කැතයිද? ලැජ්ජයිද?

ඇහුවට තරහ වෙන්න එපා.....කොටි කුමාර් එක්ක ඔච්චර තරහ කට්ටිය කොටි කේපීට මුකුත් කියන්නේ නැත්තේ එයා දැන් බුදු බණ අදහන යහපත් ළමයෙක් වසයෙන් ඉන්න නිසාද?

අවසාන වසයෙන්.....

කවුරුහරි ජවිපේ පිංවතෙක් නිළවශයෙන් ප්‍රකාසයක් කරනවාද "කුමාර් මහත්තයා කියා කෙනෙක් කිසිදිනක ජවිපේ සිට නැත, එහෙම එකෙක් ගැන දන්නේද නැත, බොරුනම් විජේවීරගෙන් අහලා බලන්නකො...මේවා අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ" යනාදී වසයෙන්??




ආණ්ඩුවේ හොට බිම ඇන්නවූ ඔපරේශන් "ප්‍රේමකුමාර්"


ගුණරත්නම්ගේ ඇත්ත නම ඔස්ට්‍රේලියාව දැන සිටියා
රාජ්‍යතාන්ත්‍රිකයන් දැනුවත් කරන්න පියවර
අපරාධ කල්ලි කොටුකර ගැනීමේ ඉඩ ඇහිරිලා

අතුරුදන් වූ කොටින්ට පිටරටින් නව හැඳුනුම්පත්

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනාවරණය කරයි


යුද ගැටුම් හේතුවෙන් අතුරුදන් වී ඇතැයි ලයිස්තු ගත කර ඇති බොහෝ දෙනෙක් විදේශ අනුග්‍රහය යටතේ නව හැඳුනුම්පත් ලබාගෙන ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලාංකිකයන් දහස් ගණනකට යුරෝපය ඇතුළු රටවල නව හැඳුනුම්පත් ලබා දී ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

මේ අනුව මෙරට අතුරුදන් ලැයිස්තුවල සිටින කොටි ක්‍රියාකාරිකයන්ට විදේශයන්හිදී රැකවරණය ලැබෙන බවද ඒ මහතා අවධාරණය කරයි.

දේශපාලන රැකවරණ පතමින් ඕස්ට්‍රේලියාව සහ වෙනත් රටවලට නීත්‍යනුකූල නොවන අයුරින් යන අය පවා ආරක්ෂා කරන බව පවසන ආරක්ෂක ලේකම්වරයා මේ නිසා මෙවැනි පුද්ගලයන් පිටරටවලට යැවීමට වගකිව යුතු සංවිධානාත්මක අපරාධ කල්ලි කොටුකර ගැනීමට ශ්‍රී ලංකාවට ඇති ඉඩ ඇහිරී ඇති බව කියයි. අලුතෙන් පිහිටුවන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා වන ගුණරත්නම් නැමත්තාට එන් 1016123 යටතේ ඕස්ට්‍රේලියානු රජය වෙනත් නමකින් ගමන් බලපත්‍රයක් ලබාදී තිබුණේ ඔහුගේ සත්‍ය නම දැන සිටියදී බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

http://www.dinamina.lk/2012/04/16/
--------------------------------------------------------------------------------------------------------
ප්‍රේමකුමාර් මෙහෙයුම, හෙවත් රංගනය හෙවත් පැහැර ගැනීම ගැන බොහෝ ලිපි ලියැවී තිබේ. සමහර ලිපිවලට අනුව සුදුවෑන් කල්ලිය එනවිට කුමාර් මහත්තයා දිමුතු නංගී සමග එක සයනයේ සිට ඇත. ඒක උන් දෙන්නා ගේ වැඩක් මිසක් අපේ වැඩක් නොවේ. කසාද මිනිහෙක් තවත් ගැහැණියක් සමග සිටීමෙන් පැහැර ගැනීම හා වද හිංසා කිරීම සාධාරණ නම් මුලු මහත් ඇමතිමණ්ඩලයත් පැහැරගත යුතුය. කතාවේ හැටියට ජනාධිපතිටත් බේරෙන්නට හම්බුවෙන්නේ නැත.

මේ අතර කුමාර් කොටියෙකුද වී තිබේ. කුමාර්ගේ නම වෙනස්වීමද මහත් ගැටලුවක් ලෙස පෙන්වාදෙමින් ඇත. කුමාර්ගේ නම වෙනස්වීම ගැන දොඩවන ආරක්ශක ලේකම් ඒ මිනිහාව පැහැර ගැනීමෙන් රටට වී ඇත අපකීර්තිය ගැන වචනයක් නොකියයි. අඩුම ගනනේ පැහැරගත්තේ කවුදැයි හොයන බව හෝ නොකියයි. ඒ කිසිවක් නොකියමින් ඒ මිනිහගේ නම, රෑට නිදා ගත් ගෑනී හා ඔස්ට්‍රේලියානු රජයේ වැරදි ගැන දොඩවමින් මුසා බස් කියන්නේ කා රවටන්නට දැයි ආරක්ශක ලේකම් තුමා සිතා බැලිය යුතුය.

වැඩේ අනාගත්පසු බේරෙන්නට මොකක් හෝ ඇදබෑම, කාගේ හෝ චරිතඝාතනයක් සිදුකිරීම ආණ්ඩුවේ කටු ලෙවකන සුනඛයින්ගේ සුපුරුදු චාරිත්‍රයයි. එයින් තමන්ගේ ඇණ ගැනීම වසන් කරගෙන වෙන දෙයක් ඉහලට ඔසවා තැබීම බලාපොරොත්තුවේ. මෙවැනි අවධානය වෙනතක යොමුකිරීමේ ක්‍රියා ලංකාවේ හොඳින් ක්‍රියාත්මක වන්නේ ලංකාවේ බොහෝදෙනෙක් තමන් හරිම සුචරිතවාදීන් බව හිතාගෙන ඉන්නා නිසාය. තමන් හොඳ වුවත් අනුන් වැරදිය ඒ නිසා කුමාර මහත්තයා දිමුතුගේ බඩ උඩ සිටියා යයි දැක්කා වගේ කියන කතා මාර ආතල්ය. කුමාර් මහත්තයාට දිමුතුත් එක්ක ලැබුණු චාන්ස් එක ඔයිටත් වඩා කැත ගැහැණියක් එක්ක (දිමුතුගේ ඇති  ලස්සනක් නැත - මට පෙනෙනා විධියට) ලැබුණානම් මං සුදනා සුචරිතවාදී අයියලාගේ කෙරුවාව බලාගන්නට පුලුවන.

ඔය සියලු කතා අස්සේ පැහැර ගැනීම හා වදහිංසා කිරීමේ චෝදනාව යටපත්වෙයි. ආණ්ඩුවේ වධකයින්ට ඕනෑත් ඒ ටිකමය. කුමාර් පැහැර ගැනීමට වඩා ඔහු ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම නිසාත් ආණ්ඩුව වැටී ඇත්තේ බලවත් කසල ගොඩකටය.

ජිනීවාවලදී නරිනාඩගම් නටමින් ලංකාවේ මානවහිමිකම් උල්ලංඝනය වෙන්නේ නැතැයිද ඕනෑනම් ඇවිත් බලන්න යයිද තප්පුලෑ කට්ටියට කනේ පහරක් ආණ්ඩුවෙන්ම ලබාදී ඇත. ජිනීවා චෝදනා සත්‍යබව ආණ්ඩුව විසින්ම ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඔප්පු කොට ඇත්තේ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු වුනු ආණ්ඩු විරෝධී ක්‍රියාකාරිකයෙකු පැහැර ගැනීමෙනි. ලංකාවේ දේශපාලන විරුද්ධවාදීන් සැබැවින්ම පැහැරගෙන ගොස් වධහිංසා කරන බවත් ඔස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීම නොවන්නට කුමාර්ට (දිමුතුට කෙසේ වෙතත් ) අත්වන්නේත් එම ඉරණම බවත් අද ලංකාවේ අමන ජහමනයාට කෙසේ වෙතත් ලෝකයට පැහැදිලිය.

මේ ඇත්ත වසන් කරන්නට දැන් කුමාර්ගේ චරිතය මෙන්ම දිමුතු ආටිගල නැමති අවිවාහක කාන්තාවගේ චරිතය ඝාතනය කරන්නටද රජපස සුනඛ නඩය වැඩට බැස ඇත. නොඉතුරුනු කිරිකළය මෙන්ම බිම වැටුනු කිරිබත් කෑල්ල ෆොටෝශොප් පිහිටෙන් හදාගත්තා වාගේ මුන් හදන්නේ ලෝකයාට රටම කිචවීම රටේ එවුන්ගෙන් වසන් කරගන්නටය.

දැන් කුමාර් ඉන්දියන් හමුදාවට බෝම්බ අටවපු කතාවක් කියයි. ඔයවැනි කතාවත් ඉරිදා පුවත්පතක පලවී සී-නිවුස් පඩ්ංගුවට එක්කොට තිබෙන බව මමද දුටුවෙමි. කුමාර් ඉන්දියන් හමුදාවට බෝම්බ ඇටෙව්වානම් කුමාර් ජනාධිපතිගේ සුරතලෙකු විය යුතුය. ඉන්දියන් හමුදාවට නොව පාර්ලිමේතුවටම බෝම්බ අටවන්නට තරම් කේන්තියකින් රජතුමා මේදිනවල පසුවෙයි. එහෙව් එකෙක් මන්දිරයට වඩම්මවා හැලප නොකවා පැහැරගත්තේ ඇයිදැයි සිතෙයි. සමහර විට පැහැරගන්නට ඇත්තේ හැලප කවන්නට වන්නට පුලුවන.

හෙට අනිද්දාට තවත් එකෙක් පැහැර ගනු ඇත. ඉන්පසු ඒ මිනිහාගේ චරිතය ඝාතනය කොට පැහැරගැනීම සාධාරණීකරනය කිරීමට තවත් කතා ගොතනු ඇත.





Thursday, April 12, 2012

බොරු සුනාමි අණතුරු ඇඟවීමේ අධිරාජ්‍යවාදී ඇමරිකන් කුමණ්ත්‍රණය පරදවමු! - විමල් වීරවංශ


පැසිෆික් සුනාමි අණතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ඊයේ සුනාමි අණතුරු ඇඟවීමක් නිකුත්කලේය. ඒ ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් නිසාය.

මුළු රටම කළබල විය. මිනිසුන් ලවක්දෙවක් නැතුව දුවන්නට විය. අපගේ දේශප්‍රේමී රජය ජනතාව සුනාමි වලින් රැකගැනීමට මොනතරම් සූක්ශම සැළසුම්, වැඩපිලිවෙලව යොදා බුරුතු ගණන් මහජන නියෝජිතයින් පත්කලටද ඇමරිකන් පැසිෆික් සුනාමි අණතුරු ඇඟවීම නිසා ජනතාව නිරපරාදේ බොරු භීතියකට පත්කලහ.

මේ සුනාමි අණතුරු ඇඟවීම වෙන කිසිවක් නොව වේගයෙන් දියුණුවෙමින් යන මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කොට දේශප්‍රේමී රජය කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය වැඩිකිරීමේ ඇමරිකන් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක් බවට සැක නැත.

සිරස වැනි ඇමරිකන් ගැති මාධ්‍ය ඔස්සේ දියත් වුනු මේ කුමණ්ත්‍රණයට රජයේ මෝඩ නිළධාරීන්ද හසුවී සුනාමි අණතුරු නිකුත් කලහ. එයින් ජනතාව වඩාත් කළබලයට පත්විය. මේ කුමණ්ත්‍රණය වහා පැරදවිය යුතුමය....

දේශප්‍රේමී ජනතාවනි මින්පසු සුනාමි අණතුරු ඇඟවීමක් ලැබුණු විට සරම කරටගෙන දුවන්නට පෙර අණතුරු ඇඟවීම ආවේ ඇමරිකාවෙන්දැයි සොයා බලන්නට උත්සුක වන්න. අණතුරු ඇඟවීම ඇමරිකාවෙන් නම් එය ඔබාමා-හිලරි-බ්ලේක් කුමණ්ත්‍රණයකි. නිවී හැනහිල්ලේ ගෙදරට වී සිටින්න



Wednesday, April 11, 2012

2011 බජැට් එක 2012 බජැට් එකත් ගිලී


අප මහාපුරුශයාණෝද, මහ රජාණෝද එසේම දන්න ෆිනෑන්ස් එකක් නැතත් ෆිනෑස් මිනිස්ටර් ලෙස තමන්ම පත්කරගන්නා ලද්දා වූද මහින්දස් ජනපතිතුමා 2011 බජැට්ටුව ඉදිරිපත් කරමින් කියාසිටියේ 6.8% වන ඇස්තමේන්තු අයවැය හිඟය පියවා ගැනීමට දේශීය බැංකුවලින් රුපියල් බිලියන 42ක් බලාපොරොත්තුවන බවත්, මෙම අගය ඊට වැඩි නොවන බවත්ය.

අද වෙනකොට 2011 බජැට්ටු වසරින් 70%ක් ඉක්ම ගොස් ඇත. තවත් 30% කාලයක් ඉතිරිව ඇත. දැන් ෆිනෑන් මිනිස්ටර් රජතුමා ඉදිරිපත් කල රජයේ වියදම් සඳහා බැංකු ණය ගැනීමේ බජැට්ටු ඉලක්කත් ඇත්තටම ගත් ණය කන්දරාවත් කොහොමදැයි බලමු.

බජැට් පොරොන්දුව අනුව රජයට වසරටම ගත හැකි දේශීය බැංකු ණය : බිලියන 42කි


අද වෙනකොට රජය දේශීය බැංකු වලින් කඩාගෙන ඇති ණය ප්‍රමාණය : බිලියන 192කි!!!

එනම් බජැට් ඉලක්කයට වඩා සීයට 450ක වැඩි ණය කන්දරාවකි. අවුරුද්දෙන් තවත් 30% ඉතිරිව ඇත. ඔය කාළය ගැටගහ ගන්නට ගණ්නා ණයද සමග මිහින් රජ පාණ්ඩුව තවත් ලෝක වාර්තාවක් තබමින් බිලියන 250ද පන්නනු ඇත.


වඩාත් සිනාවට කාරණය නම් 2011 ගැට ගසා ගන්නට මේවන විටත් දේශීය බැංකු ණය බිලියන 192ක් (මිලියන වලින් කියනවානම් මිලියන 192,000ක්!!!) හිඟාකා ඇති පාණ්ඩුව 2012 බජැට් කොළපතේ සටහන් කර ඇති පරිදි 2012 ගැටගසා ගන්නට දේශිය බැංකු වලින් බලා පොරොත්තු වන්නේ බිලියන 68ක් පමණකි! 

පේනවනේ මොනතරම් ඉදිරි දැක්මකින් කස්ටිය රට පාලනය කරනවාද කියලා. 2011 ගැට ගහගන්නට බිලියන 192ක් මදි සිඟන සිටානාලා 2012ම කරන්නට යන්නේ බිලියන 68කින්ලු... හික්ස්

Tuesday, April 3, 2012

රුසියන් ගොන් බඩු වර්ජනය කරව්! කබල් රුසියන් මිග් යනා මුහුදට දමා අලුත් ඒවා චීනෙන් ගෙනෙව්!

කක්කි විමල්, චම්-පක්ස්, සයිකියැට්‍රික් ගුණදාස දැන් මොකද කියන්නේ? 


රුසියන් බඩු වර්ජනයකුත් ගෙනෙමුද? 


චීනා ඉන්නවානේ ඉතින්. චෝයි චීනා නේද? ඌත් ඔලුව අතගගා ඉඳලා ලඟදිම මහ රජ්ජුරුවන්ට චින මහා ප්‍රාකාරයක්ම බස්සවයි ඇවිද ගන්න බැරිවෙන්න.