Sunday, March 25, 2012

ශ්‍රී ලංකාවට විරුද්ධව ජිනිවාහීදී ඉන්දියාව චන්දය ප්‍රකාශකිරීම මහා පාවාදීමකි - Sunday Times of India (25/03/2012)



අද (25/03/2012) ඉරිදා ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට ලිපි දෙකක් සපයන උතුරු ඉන්දියානු ලේඛකයින් දෙදෙනෙකු ඉන්දියාව ජිනීවාහිදී ලංකාවට විරුද්ධව චන්දය ප්‍රකාශ කිරීම  මහා පාවාදීමක් ලෙසත් අසල්වැසි මිතුරු රටකට නොකල යුතු අකටයුත්තක් බවත් ප්‍රකාශ කරයි.


මෙම ලිපි දෙකෙහි සම්පූර්ණ ස්කෑන් පිටපත් පහත අඩංගු කොට ඇත.


හිතවත් අසල්වැසියෙකු පාවාදීම - ස්වපන් දාස්පුප්තා
  • ශ්‍රී ලංකාවේ බෙදුම් වාදී ත්‍රස්තවාදීන් බිහිකොට පෝශණය කලේ ඉන්දිරා ගාන්ධි අගමැතිනියයි.
  • ඇය විසින් ගන්නා ලද්දේ මහත් අමනෝඥ්ඥ තීරණයක් බව වැඩිකල් නොගොස් ඇයටම වැටහෙන්නට විය

  • ශ්‍රි ලංකාවේ දෙමළ බෙදුම්වාදී විශ අසල්වැසි තමිල්නාඩුව කරාද පැතිරෙන්නට මේ මෝඩ ක්‍රියාව හේතුවිය
  • 2009දී ප්‍රභාකරන් ඇතුලු එල්.ටී.ටී.ඊ සංවිධානය සමූළඝාතනය වූ විට වඩාත්ම සතුටුවුනේ ඉන්දියානු ජනතාවයි. ඒ ඉන්දියාවටද පිලිලයක් වෙමින් තිබූ කොටි ත්‍රස්තවාදිය විනාශ වුනු බැවිනි
  • කරුණු එසේ තිබියදී මන්මෝහන් සිං රජය ඉතා නිවටව තමිල්නාඩුව පිනවීමට ලංකාවට විරුද්ධව චන්දය දීම මහා පාවාදීමකි

ලිපි විශාල කොට කියවීමට Right Click කොට New Tab එකක විවෘත කරන්න (Right Click + Open in a new tab)


ශ්‍රී ලංකාවට විරුද්ධ චෝදනා  නැගුවද  ඉන්දියාවද වරද කරුවෙකි - අනහිතා මුඛර්ජි
  • ශ්‍රි ලංකාවට විරුද්ධව මානව හිමිකම් චෝදනා නැගුවද ඉන්දියාවද විශාල වශයෙන් මානව හිමිකම් උල්ළංඝනය කරයි!
  • ශ්‍රී ලංකාවට චෝදනා කිරීමට පෙර ඉන්දියාව සිය ඇතුලාන්තය තුල වගකීමකින් බැලිය යුතුයි.


6 comments:

Anonymous said...

කරන්න දෙයක් නැහැ...., රාජපක්ෂ වගේ දඟ ළමයින්ට සමහර වෙලාවට ටොක්කක් දෙකක් දෙන්න වෙනවා.

දුකා said...

මේ ලිපි දෙකේ ලින්ක්ස් දාන්න පුලුවන්ද?

රංචාගොඩ මුදියන්සේ said...

දුකා said...
මේ ලිපි දෙකේ ලින්ක්ස් දාන්න පුලුවන්ද?
------------------------
මේවා අද මුද්‍රිත පත්තරේ තිබිලා ස්කෑන් කරපු ලිපි. එක ලිපියක ඔන්ලයින් පිටපත හමුවුනා, ලින්ක් එක පහල ඇත. අනෙක නම් අන්තර්ජාල සංස්කරනයට ඇතුලත් කර නැතිබව පෙනෙයි.

http://timesofindia.indiatimes.com/articleshow/12399339.cms

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඒකට ලංකාවේ පත්තර , ආණ්ඩුවට විරුද්ධ දෙයක් ලියන්න හිතන්නෙවත් නෑ ... කොහොම වුනත් ලංකාව පැත්තෙන් බැලුවාම ඉන්දියානු රජයේ තීරණය පවාදීමක් තමයි , ඒකට එකම හේතුව තමිල්නාඩුව නම් ඒක ඉන්දිය මධ්‍යම රජයේ පිට කොන්ද ගැන බරපතල ප්‍රශ්නයක් මතුකරනවා , නමුත් ඔබ ලිපියක සඳහන් කලා වගේ ඔතන ඊට එහා ගිය කාරණාත් තියන බව තමයි මට හිතෙන්නේ ,ඒ කියන්නේ රාජපක්ෂට පාඩමක් උගන්වන්න වුවමනාවක් ඉන්දියාවටත් තිබුනා වෙන්න පුලුවන් !

Anonymous said...

මේ වගේ දෙයකදී රාජපක්ෂ ටොකු කනවට කැමති අය සතුටු වෙන එක වැරදියි. රාජපක්ෂ විතරක් ටොක්ක කෑවනම් කමක් නෑ. එත් ?? අනික අද රට ත්‍රස්තවාදයෙන් මුදවාගත්තේත් ඔය මානව හිමිකම් කැඩුවා කියන රණ විරුවෝ.. ඉතින්??

ක්සැන්ඩර් | Xander

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
මේ වගේ දෙයකදී රාජපක්ෂ ටොකු කනවට කැමති අය සතුටු වෙන එක වැරදියි. රාජපක්ෂ විතරක් ටොක්ක කෑවනම් කමක් නෑ. එත් ?? අනික අද රට ත්‍රස්තවාදයෙන් මුදවාගත්තේත් ඔය මානව හිමිකම් කැඩුවා කියන රණ විරුවෝ.. ඉතින්??

ක්සැන්ඩර් | Xander
------------------------------
මුල සිටම අපේ ගැටලුව වුනේ හමුදාව මානව හිමිකම් කඩපු එකවත්, මහින්ද මහත්තයා පිලිබඳ දේශපාලන වෛරයකුත් නොවේ.

අපේ ගැටලුව වුනේ ඉතා සාධනීය ලෙස, රටට අවමානයක් හා හමුදාවට අවමානයක් නොවන ලෙසත් හෙමින් විසඳාගන්න තිබුණු රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් දේශීව විමල් වීරවංශ ඇතුලු ජාතිවාදී දේශපාලන සොරුන් හටත්, ජිනීවාහිදී රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට කිසිසේත් නොගැලපෙන සජින් වාස් වැනි සපත්තු ලෙවන්නන්හටත් පවරාදී මේ පරාජය බලෙන් ඇඟේ ගසාගත් පරාජයක් හා අවමානයක් වීමයි...

මෙය මහින්දගේ දේශපාලන පරාජයක් නොව රටක් ලෙස අප ලැබූ පරාජයක්, හැබැයි වගකිවයුත්තා මහින්ද රාජපක්ශ මිස වෙන කිසිවෙකුත් නොවේ. මේ නාඩගම මුල සිටම රඟදැක්වුනේ ඔහුගේ උවමානාවන් පරිද්දෙනි. එහි අස්වැන්න ඔහු නෙලාගෙන ඇත.