Friday, March 23, 2012

අසාද්ට කොකා පෙන්වන චීනය හා රුසියාව/අපේ මාමලාගේ LSD සිහින


අසාද්ට කොකා පෙන්වන චීනය හා රුසියාව

චීනය හා රුසියාව සිරියාවේ අසාද් මහත්තයාට කොකා පෙන්වන්නට පටන්ගෙන ඇත. ඉස්සෙල්ලා රුසියාව කිව්වේ දවසකට පැය දෙකක සටන් විරාමයක් ඕනෑ කියාය. ඒ කියන්නේ තුවාල කාරයින් ඉස්පිරිතාල වලට ගෙනියාගන්නට, මළමිනී ටික වලලන්නට, තුවක්කු සුද්ද කර තෙල්දාලා උණ්ඩ පුරවාගන්නට කාලය ලබාදිය යුතු බවයි. ඉතුරු පැය 22 මරාගන්නට පුලුවන.

දැන් රුසියා චීන දෙබෑයෝ කියන්නේ සිරියාව තවත් කාළකණ්නි නොකර ඇමරිකන් ආක්‍රමණයකට පාර නොකපා අසාඩ් ගෙදර යායුතු බවයි.

රුසියානු සිරියානු සබඳතා 1971 තෙක් ඈතට දිවෙයි. රුසියාව සිරියාවේ ප්‍රධාන ආයුධ සැපයුම්කරු වුනු අතර 2012 අවසන් වන විට රුසියාව සිරියාවට අයත් මධ්‍යධරණී මුහුදේ තොටුපලක් වන ටාටෝස් (Tartous) අංග සම්පූර්ණ නාවික හමුදා මධ්‍යස්ථානයක් කොට සිරියාවට භාර දෙනු ඇත. චිනයද එසේමය, චීනය හා සිරියාවේ ආර්ථික හා මිලිටරි සබඳතා බොහෝ ඈතට දිවෙයි.

දැන් රුසියාවට හා චීනයට අවශ්‍යවන්නේ කෙසේ හෝ අසාඩ් ඇමරිකාව මැදිහත් වුනු ආයුධ සන්නද්ධ අරගලයකින් පන්නා දමන්නට පෙර රාජ්‍යතාන්ත්‍රික පීඩන මගින් ගෙදර යැවීමයි. ඇමරිකන් ආධාර ලබන සන්නද්ධ අරගලයකින් අසාඩ් පන්නා දැමුව හොත් වාසිය ඇමරිකාවට බවත් වසර ගණනාවක් තිස්සේ තමන් සිරියාවේ ආයෝජනය කල ප්‍රකෝටි ගණන් ආයෝජන අණතුරේ වැටෙන බවත් රුසියාව හා චීනය හොඳාකාර දනී.

මේ නිසා මෙතෙක් කල් දිවෙන් දිව ගාගත් මිතුරෙකු මෙන් වුනු සිරියාවේ අසාඩ් දැන් රුසියාවටත්, චීනයටත් මහත් ඇණයක් වී ඇත.

රුසියාවත් චීනයත් සදාකාලිකව උණ්ඩුකපුච්ච කපාගෙන තමන් වෙනුවෙන් පෙනීසිටින බවට ඉර හඳ සේ විශ්වාස කල අසාඩ් මහත්තයා දැන් දැන් කණ්නාඩියක් ඉදිරියට ගොස් "තමුසේ මාර ගොනෙක් ඕයි..." යනුවෙන් තමන්ටම බැනගන්නවා ඇත. දැන් අසාද්ට ඉතිරිවී ඇත්තේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා බ්‍රසීලය පමණකි. ඒකත් තව කොච්චර කාලෙකටදැයි ලංකා සී නිවුස් එකෙන්ම දැනගන්නට පුලුවන.

අපේ මාමලාගේ LSD සිහින


ගෝඨාභය මහත්තයා චීනෙට ගියවෙලාවේ "අපේ සහය අඛණ්ඩයි..." කියලා ගෝඨාභය මහත්තයාට දිවුරලා කියලා තියෙනවා. 

ඔය විධියට චීනය හා රුසියාව අසාඩ් මහත්තයාටත් කොච්චර පොරොන්දු දෙන්න ඇතිද? අසාඩ් මහත්තයා තමන්ගේ රටේ ජනතාව ඉල්ලා සිටි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රතික්ශේප කරමින් තමන්ගෙම මිනිස්සු සමූළඝාතනය කරමින් හරි බලයේ එල්ලිලා ඉන්න හදන්නේ පිස්සු නිසා නොවේ, එක්සත් ජාතීන්ගේ ආරක්ශක කවුන්සලේ නිත්‍ය සාමාජිකයින් වන චීනය හා රුසියාවේ සහයෙන් ජාත්‍යන්තර බලපෑම් වලින් ගැලවිලා ඉන්නට පුලුන්වන් කියලා හොඳාකාරවම විස්වාස කල නිසයි. 

රුසියාවත් චීනෙත් මේ විධියට කොකා පෙන්න්යි කියලා අසාඩ් කීයටවත් හිතන්න නැතුව ඇති. නැතිනම් මිනීමරන්නේ නැතුව මිනිස්සු ඉල්ලන දේවල් ටිකක් හරි දීලා වැදගත් විදියට පෙන්ශන් යන්න තිබුණා ඒයාට. චීනාගේ හා රුසියන් කාරයාගේ ලණු ගිලලා දැන් ඇමරිකන් ඇමරිකන් සන්නද්ධ මැදිහත්වීමකටත් පාර කපාගෙන තියෙන්නේ.

පොතක් පත්තරයක් නොකියවන, යමක් දන්නා එවුන් කොන්කරමින් නොදන්නා එවුන්ගෙන්ම උපදෙස් ගන්නා අපේ මාමලා ඉන්නෙත් චීනය හා රුසියාවේ සහය පිලිබඳ එල්.එස්.ඩී සිහිනයක. එල්.එස්.ඩී විදගත් කෙනාට පාට පාට සුන්දර ලෝක මැවිලා පේනවා. සිහින සැබෑ වෙනවා. යථාර්තය නැතිනම් රියැලිටි එකෙන් මිදිලා තමුන් කැමති කැමති සුන්දර අත්දැකීම් ලබන්නට එල්.එස්.ඩී උදව් වෙනවා.

අපේ මාමලා විදේශ ප්‍රතිපත්තිය හදාගෙන ඉන්නෙත් යථාර්තයෙන් මිදිලා චීනය හා රුසියාව කියන සුන්දර එල්.එස්.ඩී සිහිනය මත යැපෙමිනුයි. අසාඩ් මහත්තයාත් දැන් එයා මෙච්චරකල් ගිලි සිටි සුන්දර එල්.එස්.ඩී සිහිනයෙන් මිදුනා වගේ අපේ මාමිලාටත් ලඟදීම සුන්දර චීන, රුසියන් එල්.එස්.ඩී මිත්‍යාවෙන් සිහිනයෙන් මිදෙන්නට සිදුවේවි. එතකම් කොකාකෝලා වර්ජන ගූගල් වර්ජන කරකර රට තවත් වලට තල්ලු කරන්න පුලුවන් එයාලට.

අඩුම ගණනේ අසාද්ට තවමත් ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව සිටී. අපෙ මාමිලාට ඒකත් නැත.




7 comments:

Anonymous said...

පුක හපාගෙන ඉන්නෙ ෆොනී එනකම් නේද? හොර ගෙඩියා

Anonymous said...

//LSD සිහින//
මොකක්ද කණ්ඩුල ඒකේ තේරුම
දන්නෙ නැති නිසයි අහන්නේ...

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
පුක හපාගෙන ඉන්නෙ ෆොනී එනකම් නේද? හොර ගෙඩියා
--------------------------

ෆොනී නොවෙයි බං, මහින්දයා හොඳයි පොලොවේ පය ගහලා, දන්න කියන එවුන්ගෙන් උපදෙස් අරගෙන මේක හරියට කරනවනම්. මොන පිස්සු නාඩගමක්ද බං මූ මේ නටන්නේ?

පිරපාහරයත් නැති එකේ ලස්සනට මේක ගෙනියන්න තිබුනනෙ කක්කා කරගන්නේ නැතුව...

කොහෙද ඉතින් කක්කා කරගෙනමනෙ පුරුද්ද...

රංචාගොඩ මුදියන්සේ said...

Anonymous said...
//LSD සිහින//
මොකක්ද කණ්ඩුල ඒකේ තේරුම
දන්නෙ නැති නිසයි අහන්නේ...
---------------------------

එල්.එස්.ඩී කියන්නේ මත් ද්‍රවයයක්. ඒක විදගත්තම විකාරරූපී මැවෙනවා. යතාර්තය බිඳ වැටෙනවා. අරූපී දේවල් (මේස පුටු වගේ කියමු ) පණ ඇවිල්ලා ඇවිදිනවා පේනවා, තමන්ට පියාබන්න ඕනැ කියලා හිතුවොත් සමහර විට LSD ගහපු එකෙකුට තමන්ගේ අත්තටු පියාපත් වෙලා පියාබන්න පුලුවන් කියලා පෙනෙන්න ඉඩ තියෙනවා

LSD on wiki :

http://en.wikipedia.org/wiki/Lysergic_acid_diethylamide

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//මහින්දයා හොඳයි පොලොවේ පය ගහලා, දන්න කියන එවුන්ගෙන් උපදෙස් අරගෙන මේක හරියට කරනවනම්//

මෙන්න මේක තමයි කථාව , මහින්දට විරුද්ධ මොනව හරි කිව්ව ගමන් සමහර උන් අහන්නෙ ඉතින් ෆොන්සේකා ආවම හරියයිද කියලා . උන් තේරුම් ගන්නේ නෑ ආණ්ඩුවක් විවේචනය කරන්නේ ආණ්ඩු පෙරලන්නම නෙවෙයි කියලා

ලිපියේ කරුණු වලට එකඟයි !

Observer said...

ශතවර්ෂ ගණනාවකම සිට චීන්නු ප්‍රසිද්ධ මොකටද දන්නවාද? මූණ ඉච්ඡාවට හිනා වෙලා යටින් මොකක් හරි කපටි වැඩක් කිරීමට, විශේෂයෙන්ම වෙළඳ කටයුතු වලදී. චීනයෙන් බඩු ගෙන්වා මෙහි විකුණන ලාංකික වෙළඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම මට කියූ කරුණක් තමයි යම් කිසි භාණ්ඩයකට ඇණවුමක් දුන් පසු පෙන්වන සාම්පලයට වඩා තත්ත්වයෙන් බාල බඩු චීන වෙළඳුන් විසින් එවන බව. එවිට සිදු වෙන්න තිබෙන පාඩුව සිදු වී හමාරයි. චෙක් ජනරජයේ ව්‍යාපාරිකයෙක් මා සමග පැවසුවේ ඔහු විසින් චීනයෙන් ගෙන්වූ සුදු ළූණු තොගයක් එරට බලධරයන් විසින් විනාශ කළ බව. හේතුව ඔහුට එවා තිබුණේ සාම්පලයෙන් පෙන්වූ සුදු ළූණු නොව, යම් කිසි ආකාරයකට කෘත්‍රිමව සැකසූ 'සුදු ළූණු' වීම. මා දන්නා පරිදි 'දුප්පත්' ඉන්දියානු අපනයන කරුවෝවත් මෙවැනි නින්දිත වැඩ නොකරති.

රුපියල් ප්‍රකෝටි ගණන් වියදම් කර ගොඩ නැගූ නොරච්චෝලේ විදුලි බලාගාරය අද වැඩක් ගැනීමට නොහැකි සුදු අලියෙක් වී හමරයි. මෙයද චීන වික්‍රමයකි. චීන්නුන්ගේ මත්තල ගුවන් තොටුපලට අත් වන්නේත් මේ ඉරණම ම බව ට සැකයක් නැහැ.

චීන්නුන්ට, මහින්ද නිකං ජෝකරයෙක් පමණයි. ඉතින් දැන් මූණට සිනා සී, මානව හිමිකම් කවුන්සිලයේදී ඡන්දයත් දී පසුව මහින්ද සහ ඔහුගේ ජෝකර් විගඩම් එපා වූ දවසට ඔවුන් අහක බලා ගන්නවා සිකුරුයි.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔබා - මාත් ඔය කථාව අහල තියෙයි ,දේශකයෙක් වරක් සඳහන් කරපු විදිහට ජපනා ගේ බඩු තොගයක දෝශ ප්‍රතිශතය 2%ක් කිව්වොත් ඇත්තටම දෝශ ප්‍රමාණය 0.2% විතර , නමුත් චීනා 2%ක් කිව්වොත් 20% උනත් වෙන්න බැරි නැහැ