Wednesday, March 21, 2012

ද්වේශහිතයිෂී දොස්තර ගුණදාසගේ අලුත්ම සොයාගැනීම :ඇමරිකාවේ ඉගෙනගත් මන්මෝහන් සිං CIA කාරයෙකි! [ආචාර්ය මන්මෝහන් සිං ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ නොව, කිසිදු ඇමරිකන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගෙන නොමැත.]

"කොන්ග්‍රස් පක්ෂ නායකත්වය ඉතාලි කාන්තාවක විසින් දරද්දී අග්‍රාමාත්‍ය ධූරය හාවර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබූ සී.අයි.ඒ. නියෝජිතයෙකු වන මන්මෝහන් සිං දරද්දී..."

පිස්සු තදවුනු දත්දොස්තර කියන විධියට මන්මෝහන් සිං සී.අයි.ඒ ඒජන්තයෙක් වන්නේ එයා හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්ත නිසාලු!ගිය සතියේ ලොකු අයියා වුනු මන්මෝහන් සිං අද සී.අයි.ඒ කාරයෙකි. [මන්මෝහන් සිං කිසි දිනක ඇමරිකාවේ ඉගෙන ගෙන නොමැත, උගන්වාද නොමැත, විස්තර පහලින් ඇත]

හත්දෙයියනේ හාවර්ඩ් එකේ ඉගෙන ගත්ත එකා සී.අයි.ඒ වෙනකොට ඇමරිකන් දේශයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දිවිහිමියෙන් ගරුකරමී අවනතවෙමී කියලා ඇමරිකන් කොඩියට අතගහලා ඇමරිකන් කොඩිය යට දිවුරුම් දීලා පුරවැසිකම ගත්ත එවුන් සී.අයි.ඒ ලොක්කෝ වෙන්න එපෑයැ. එතකොට මහින්ද මහත්තයා වටේටම ඉන්නේ සී.අයි.ඒ එකේ බොස්ලානේ. දොස්තරට මේක අමතක වුනේ වයස නිසාද මන්දා?

ගෝඨාභය, බැසිල්, ඩලස්, මහින්ද සමරසිංහ, මේ කට්ටිය ඔක්කෝම ඇමරිකන් පුරවැසියෝනෙ. මුන් ඔක්කෝම එකතුවෙලා අපේ සිංහල බෞද්ධ ජනාධිපතිතුමාට කරන වින්නැහිය දත් දොස්තරට පේන්නෙම නැද්ද?

ගේ අස්සේ ඉන්න සී.අයි.ඒ කාරයෝ ටික පේන්නේ නැති තරමට ඇස් පොට්ට දත් දොස්තරට දිල්ලියේ ඉන්න සී.අයි.ඒ කාරයන්ව හොඳට පේනවා.

ඒ විතරක්ද, මන්මෝහන් සිං වගේම අපේ ආදරණීය ජනාධිපතිතුමාගේ ලේකම් ලලිත් වීරතුංග මහත්තයා ඇමරිකාවෙන් දීපු ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වය දිනාගෙන ඇමරිකාවට ගිහිල්ලා පෙන්සිල්වේනියා රාජ්‍යවිශ්ව විද්‍යාලයේන් පස්චාත් උපාධිය අරගත්තනේ.


එතකොට දත් දොස්තර ගුණදාස දන්නේ නැති වුනාට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයාත් සී.අයි.ඒ ඒජන්තයෙක්. ඇයි මිනිහත් ඇමරිකාවේ ඉගනගෙන තියෙනවානේ.


මන්මෝහන් සිං හාර්වඩ් විශ්වවිද්‍යාලයේ ඉඳගෙන සී.අයි.ඒ ට්‍රේනින් ගන්නකොට ලලිත් වීරතුන්ග පෙන්සිල්වේනියා රාජ්‍යවිශ්ව විද්‍යාලයේ ඉඳගෙන සී.අයි.ඒ ට්‍රේනින් ගිහිල්ලා තියෙනවා. :)  :)  :)

දත් දොස්තර ගුණදාසට පිස්සු නැතහොත් දැන් දැන බොරු කියයි : මෙන්න ඇත්ත.....


ආචාර්ය මන්මෝහන් සිං ඇමරිකාවේ හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ නොව, කිසිදු ඇමරිකන් විශ්වවිද්‍යාලයක ඉගෙන ගෙන නොමැත. උගන්වාද නැත!

ආචාර්ය මන්මෝහන් සිංගේ ජීව දත්ත මෙන්න;
  
EDUCATION /Qualification:
Stood first in BA (Hons), Economics, Punjab University, Chandigarh
1952; Stood first in MA (Economics), Punjab University, Chandigarh
1954; Wright's Prize for distinguished performance at St John's College, Cambridge, UK
1955 and 1957; Wrenbury scholar, University of Cambridge, UK
1957; DPhil (Oxford), DLitt (Honoris Causa); PhD thesis on India's export competitiveness

OCCUPATION /Teaching Experience:
Professor (Senior lecturer, Economics, 1957-59
Reader, Economics, 1959-63;
Professor, Economics, Panjab University, Chandigarh, 1963-65
Professor,International Trade, Delhi School of Economics,University of Delhi,1969-71
Honorary professor, Jawaharlal Nehru University,New Delhi, 1976
Delhi School of Economics, University of Delhi,1996

Working Experience/ POSITIONS:
1971-72: Economic advisor, ministry of foreign trade
1972-76: Chief economic advisor, ministry of finance
1976-80: Director, Reserve Bank of India

Sources :
http://www.indiatoday.com.au/yourstory-primeministerindia.htm
http://www.careers360.com/news/3952-India-s-best-students-Dr-Manmohan-singh



6 comments:

Anonymous said...

මා අසා ඇති පරිදි විමල් වීරවංශ ඉන්දියාවට වනස්පති තෙල් අපනයනය කරන ව්‍යාපාරයකට සම්බන්ධ යි. දැන් බලමු මෙයා ඉන්දියන් භාණ්ඩත් වර්ජනය කරන්න කියයිද කියලා...

ඔබේ ලිපිය නම් 5*****

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔය නාකි දොස්තරයට කොහොමටත් පිස්සු

Mundeer said...

ඊටත් අමතරව, Wikileaks වල තියෙන ඇමරිකන් රහස්‍ය වාර්තා වල ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයා ගැන තියෙන හැම තැනම තියෙනවා ( protect at any cost ) කියල. සාමාන්‍යයෙන් ඔය කෑල්ල දාන්නේ මොනවගේ අයටද කියල දන්න අය දන්නවා.

නරකයා....!! said...

දැන සිටියේ නැත...

Anonymous said...

"ජී.එල්. පීරිස් CIA කාරයෙක්" - ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

බලන්න --->

http://173.193.236.37/sinhala/index.php?option=com_content&view=article&id=1522:2012-04-02-00-30-48&catid=1:general&Itemid=53

Anonymous said...

දයාන් ජයතිලක CIA කාරයෙක් - ෂේණුකා කියයි.

බලන්න --->

http://173.193.236.37/sinhala/index.php?option=com_content&view=article&id=1529:-cia-&catid=1:general&Itemid=53

අනේ අම්මාපල්ලා ඔහොම ගිහිල්ලා මරාත් CIA කාරයෙක් කියලා කියයිද දන්නේ නෑ!