Monday, March 5, 2012

ජිනීවා නාඩගම - කෙළවරක් නොපෙනෙන ප්‍රශ්ණ - තව කොතෙක් කල් නාට්ටිය මෙහෙම ගෙනියන්නද??


කවුරුත් කියන්නේ ජිනීවා නාඩගම පෙන්නා බූමිතෙල් ප්‍රශ්ණය හා අනෙකුත් ප්‍රශ්ණ අමතක කරගත් බවය. ඒ ආණ්ඩුවේ සුපුරුදු ක්‍රියාන්විත ස්වභාවයයි. ප්‍රශ්ණයකින් ගොඩ ඒමට, නැති ප්‍රශ්ණයක් මවයි. ඒත් ඇත්ත කුමක්ද?

ඇත්ත කතාව නම් ප්‍රශ්ණ එලෙස යට නොයන බවයි. එහෙම බොරු නාඩගම් නටා ප්‍රශ්ණ යට ගසා අමතක කරවිය හැකිනම් කිසිම රටක ආණ්ඩු පෙරලෙන්නේ නැත. හැම රටකම හැම ආණ්ඩුවක්ම අඩු වැඩිය ඔය සෙල්ලම කරයි. ඇමරිකාවේ පවා ජෝර්ජ් බුශ් දෙවනි වර ජයගත්තේ සැත්තැම්බර් 11 ප්‍රහාරය හා ඉරාකයේ ඇෆ්ඝනිස්ථානයේ බොරු යුද්ධ විකුණමිනි. ඔබාමා ඉතිහාසයේ නොවූවිරූ ජයක් ලැබීමට එයද හේතුවකි

රජපස රංචුව සංදර්ශණ හා බොරු දේශප්‍රේමී නාඩගම් නටමින් කරන්නේ අවසානය පමාකරගැනීමක් මිස අවසානය නසා සදාකාලය ලබාගැනීමක් නම් නොවේ.

අවසානය පමා කරන්නට දගලන්නට දඟලන්නට එය බිහිසුණුවෙයි. ගඩාෆිලාට, සදාම්ලාට වුනේත් එයමය. ඔවුන් දශක ගණන් සිය අවසානය පමාකර ගත්හ, ඒත් අවසන ලැබුණේ කුමක්ද? බිහිසුණු අපවාදාත්මක මරණ පමණකි. මළපහ කරන්නටත් රත්තරනින් වැසිකිලි තනාගෙන හිටි උන් මැරනකොට මැරුණේ කිලිටි රෙදි හෝ හිරකරුවන්ගේ ජම්පර ඇඳගෙනය. හිට්ලර් වෙඩිතියාගත්තේය, මුසෝලිනි මරා කකුල් කෙටිවලින් එල්ලා ප්‍රදර්ශණය කරන ලදී. ප්‍රභාකරන්ට කළපුවේ මඩකාගෙන මැරෙනකොට තිබුනේ හැඳ සිටි සරම පමණකි.

මිනීමරු පොල් පොට් සිය දකුණු අත මෙන් සිටිමින් පොල්පොට් ගේ ජන සමූලඝාතන වලට ඉත සිතින් උදවු කල සොන් සෙන් හා පවුලම මරාදම්මේ සැකය නිසාය. මරණදඬුවම නියමවු පොල්පොට් නිවාස අඩස්සියේදී මියගියේය. ඔහුව වසදී මරාදැමුනු බවට සැකයක් ඇත්තේ මරන පරීක්ශණයකින් තොරව හදිසියේ ආදාහනය කොට දැමූ නිසාය.

ලොව හොඳ නරක කියා දෙයක් පවතිනතාක් මොන රාජාටවත් මිනී මරාහෝ, බිල්ලන් පෙන්වා හෝ සංදර්ශණ පවත්වා හෝ අවසානය සදාකල් පමාකරගත නොහැකිය. රබර් බෝලය යට යවන්නට යවන්නට එය වේගයෙන් උඩට එයි.

රාජපක්ශ අද බලිතොවිල් ශාන්තිකර්ම වල වහලෙකු වී ජීවත්වෙයි. ඔහු භාරහාර වෙන්නේ ලක්ශ ගණන් මිනිස්සුන් ගේ වැදුම් පිදුම් වලට ලක්වෙන දෙවිවරුන් හටය. ඔහු වෙනුවෙන් මේ දෙවිවරුන් හට භාර වෙන්නට යන්නේත් ඒවා ඔප්පු කරන්නට යන්නේත් මර්වින් සිල්වා නැමති අධම, ගණිකාවන් පමණක් නොව පිරිමින් ද ඇසුරු කරන, ලොව මිනිසෙකුට කල හැකි සියලු පාප කර්ම කරමින් සිටින වසලයෙකි. මේ පාපතරයා තවත් එවැනිම වසලයෙකු වෙනුවෙන් කරන කන්නලව් අසාගෙන ඒවා ඉශ්ඨ සිද්ධ කරන්නට දෙවියෙකු නොව මළ පෙරේතයෙකු හෝ ඉදිරිපත් වේදැයි සිතන්නට පුලුවන්ද?

එපමණක්ද නොව රන්මැලි සෑය වටා බඩගායි. ඒ බඩගාන්නේද තමන් විසින්ම රහස්පොලීසියට අල්වාගනන්ට වැඩසිද්ධකරන ලද හොරෙකුගේ උපදෙස් අනුවය. වෛරයෙන් පිරි හොරා සෙතක් ශාන්තියක් වෙන උපදෙසක් දෙයිද? නැත. මැරවිනගේ කන්නලව්ද එසේය ගැහැණුන් හා පිරිමින් සමග බුදියමින්, රහමෙර බොමින්, මිනිමරන්නට කොන්තරත් දෙමින්, දහඩිය මහන්සියෙන් හම්බ කරනා මිනිසුන්ගේ සල්ලි කප්පම් ගණිමින් පමනක් නොව තවත් දේවාලයක් වසර සියගණන් පැරණි පූජාවන් පවා කඩා කප්පල් කරනා මුගේ කන්නලව් අසන්නට තරම් නිවට දෙවිවරු කොහි සිටිත්ද?

මෙවැනි අශුද්ධ මිනිසෙකු ලවා දෙවියන්ට කන්නලව් කරවා ගන්නට මහින්ද රාජපක්ශ සිතින් කොතරම් අසරණ, පරාජිත මිනිහෙක් වනවා ඇත්ද?

වෙනත් මිනිසුන්ගේ නම් අඩුම ගණනේ මෙවැනි කටයුතු වලට යන්නේ තමුන්ගේ කසාද ගැහැනියය. එක්කෝ ගැහැණිය විශ්වාස නැත. නැතහොත් වලත්තකම් හෙලිවීම නිසා ඒ ගෑණීට දැන් මූට මොනවා වුනත් කමක් නැතුව ඇතිවා වන්නට පුලුවන. ගැහැනිය කතෝලික වීම ප්‍රශ්ණයක්ලු, එහෙත් අනන්ත කතෝලික ගැහැණුන් දේවාලවලට ගොස් දෙවියන් හට කන්නලව් කරයි. දේවාලය ඇතුලට යන්නට තහනම් නම් පිට හිඳගෙන හෝ තමන්ගේ දුක කියා පිහිටක් ඉල්ලයි. පිහිට ලැබෙන්නට දේවාලේ ඇතුලේම ඉන්නට අවශ්‍යනැත. අවශ්‍යවන්නේ යහපත් කල්ක්‍රියාවෙන් පසුවන තැනැත්තෙක් පිරිසිදු සිතින් අවංකව පිහිට යැදීම පමණකි. මෙය බෞද්ධ විශ්වාසයයි.

වටේ සිටිනා තක්කඩින් බයට හෝ වාසියට කරන්නට කියනා ඕනෑම සංදර්ශණයක්, පෙලපාලියක් උද්ගෝෂණයක් කරයි. එයට වියදම් ලෙස ලැබෙන මිල මුදල් කුට්ටි පිටින් යටිමඩි ගසා ගනියි.

ලෝකයේ බලසම්පන්නම අසරණයා තව කොතෙක් කල් මේ නාට්ටිය ගෙනියන්නද?





2 comments:

Anonymous said...

බලය තමන්ගෙ අතට ගන්න කොච්චර දුෂන, ජඩ වැඩ කරත් එක දවසක් තමන්ගෙ මිනිස්සුන්ට ඇත්ත කියලා, දුෂිතයින්ව සමජයෙ යටට ගෙන්න කටයුතු කරොත් මිනිස්සු ගෞරව කරයි. දෙවියන්ට යැදලා වැඩක් නැහැ කියන දෙ තෙරුම් ගන්න තරම් මෙ පාලකයින්ගෙ මනස පරිනතයි :D. වැදගත් උගත් මනුස්සයො පිරිසක් ලඟ හිටියනම් මෙ දෙ වෙන්නෙ නැහැ. රටෙ හිටපු දක්ෂතම මිනිස්සු පිටරටවල, අනිත් මිනිස්සු බොහොම නිහඩව ඉන්නවා. මැද්දෙ හොරු විරයො වෙලා. රට ඇතුලෙ කර්මාන්ත වැහෙනවා. ගොවියො හිඟා නොකා හිඟා කනවා. බැංකුවල ඉලක්කම් විතරක් වැඩි වෙනවා. ජනමාධ්‍ය තුලින් බොරු වපුර වපුර කරන නාඩගම ඉවර වුණෙ නැත්තම් ලොකු විනාසයක් රටට වෙන්නෙ. මෙතන බොරු සිංහ පාර්ට් පෙන්න පෙන්න ලොකය ඉදිරියෙ මුළු ජාතියම හිඟන්නො කරනවා. රටෙ ඉන්ජිනෙරුවන්ව, උගත් මිනිසුන්ව හැල්ලු කර කර රටෙ මිනිස්සුන්ගෙන් එකතු කරන සල්ලිවලින් තමන්ගෙ සුඛවිහරණය ඔනැවටත් වඩා සකසගන්නවා. බොරුව හැමදාම ගෙනියන්න බැහැ. බුදුහාමුදුරුවන්ට වැරදුනෙ නැහැ වැරදුනෙ මිනිස්සුන්ට. බුදු වචනය හැල්ලු කරලා ජිවත් වෙලා බලමු.අපිට මොකද වෙන්නෙ කියලා.

ජයශ්‍රී said...

අනවශ්‍ය බොරු වැඩවලට වෙන මහන්සියෙන් දශමයක මහන්සියක් වෙලා ඵලදායක එක හරි වැඩක් කලොත් මේ එට ගොඩ දාන්න පුලුවන්.

ඒත් එහෙම කරන පාටක් වත් නෑ.