Thursday, March 8, 2012

අමෙරිකාව හා යුරෝපය ශ්‍රී ලංකාවේ රජය වෙනස් කිරීමට කිසිදා මැදිහත් නොවන්නේ ඇයි?

"අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වන්නේ ආණ්ඩුව ලවා බලය බෙදීමේ උගුලට පය තබවා ගැනීම පමණි. ඉන් පසුව ආරම්භ වන්නේ ආධිරාජ්‍යවාදීන්ගේ පැලෑන් බී හෙවත් දෙවන කුමන්ත‍්‍රණයයි. ලිබියානු මෙහෙයුමකින් පවතින පාලනය වෙනස්කිරීමේ කුමන්ත‍්‍රණයයි. 


ඉහත උපුටාගැනීම ලංකා සී නිවුස් හි පලවුනු "විකට ඇඳුම් ඇඳගෙන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පැරදවිය හැකිද?" යන දීර්ඝ ලිපියේ කොටසකි. ලේඛකයා ගොඩනගන මූලික තර්ක වලින් එකක් පැහැදිලිව මේ පරිච්ඡේදයේ සඳහන්වේ. එනම් බටහිර විසින් බලහත්කාරයෙන් බලය බෙදීමකට රජය පොළඹවන බවත් එසේ නොහැකිවුවහොත් ඊළඟ පියවර යුධමය මැදිහත්වීමක් මගින් මහින්ද රාජපක්ශ රජය පලවාහැර බටහිර ගැති රූකඩ ආණ්ඩුවක් පත්කර ගැනීමක් සිදුවන බවත්ය.

මහින්ද රාජපක්ශ රජය පලවා හැරීමට බටහිරට සැබැවින්ම අවශ්‍යයද?

ඒ සඳහා ඔවුන්ට ඇති උවමනාව කුමක්ද?

මහින්ද රාජපක්ශ රජයෙන් ලබාගත නොහැකි වෙනත් බටහිර ගැති ආණ්ඩුවකින් ලබාගත හැකි / ඔවුනට අත්‍යාවශ්‍යවන මොනවා අප රටේ තිබේද? ඔවුනට උවමනා මොනවාද?

  • එප්පාවල පොස්පේට් නිධිය?
  • යපස් නිධිය?
  • ත්‍රිකුණාමල වරාය?
  • මන්නාරමේ තෙල්?

මේ අතරන් යන්තම් හරි බටහිරට වැදගත් යයි සිතිය හැක්කේ ත්‍රිකුණාමල වරාය හා මන්නාරම් බොක්කේ තෙල් පමණ. මන්නාරමේ තෙල් නිධි තෙල් ලැබෙන්නටත් කලියෙන් ඉන්දියාවේ රජයේ තෙල් සමාගමක් වන කයර්න්ස් සමාගමට විකුණා හමාරය. 

ත්‍රිකුණාමලය වරාය යුධමය අතින් වැදගත් බව සැබෑය. එහෙත් චීනයට පසු ආර්ථික බලවතා වෙමින් සිටින ඉන්දියාවට අරියාදුවක් වන පරිදි අමෙරිකාව හෝ යුරෝපය ලංකාව දෙස බැලීමක් හෝ සිදුවන්නේ නැතිබව අපේ දේසප්‍රේමී පින්සිරිලාට නොතේරුනාට සත්‍යයකි. 

අපේ වරායට හා යපස් නිධියට වඩා ඉන්දියාව සමග ඇති වෙළඳ ගණුදෙනු යුරෝපයට හා ඇමරිකාවට වටී

ඉන්දියාව සමගින් වන ඩොලර් ට්‍රිලියන ගණන් ගණුදෙනු වරායක් නිසා නැතිකරගන්නට අමෙරිකාව හෝ යුරෝපය කිසිදා කැමති වන්නේ නැත. 

අමෙරිකාව හා යුරෝපීය රටවල්වල රැකියා දස දහස් ගණනක් ඉන්දියාව වෙත යවන මේ බිලියන ගණන්වල අපනයන මත රඳා පවතී.
  • ඉන්දියාවට රෆාලේ වර්ගයේ ප්‍රහාරක ජෙට්යානා 150 විකිණීමේ භාග්‍යය ප්‍රංශය ලබාගත්තේ මේ ලඟදීය. ගනුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 11කි. 
  • ඉන්දියානු ගුවන් හමුදාව අමෙරිකාවේ C-17 ග්ලෝබ්-මාස්ටර් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා 16ක් මිලට ගත්තේ එකක් ඩොලර් මිලියන 218 ගණනේය. මුලු ගණුදෙනුවේ වටිනාකම ඩොලර් බිලියන 3.5කි 
  • ඉන්දියානු මගී ප්‍රවාහන ගුවන්යානා සමාගම් යුරෝපයේ එයාර්බස් සමාගමෙන් 2011 වසරේ පමණක් ඇනවුම් කරන ලද ඒයාර්බස් A320 යානා ගණන පමණක් 200කට අධිකය (එක් A320 යානයක මිල ඩොලර් මිලියන 55කි ). 
  • අමෙරිකාවේ බෝයිං සමාගම මේ ගුවන්යානා ඇනවුම් තමන්ට ලබාදෙන්නැයි නිරන්තරයෙන් කන්කෙඳිරි ගාන අතර ගිය අවුරුද්දේ ඔබාමා මුම්බායි නුවරට පැමිණ වැඩිහරියක් කාලය ගතකලේ අමෙරිකාවේ අවි ආයුධ, න්‍යශ්ඨික තාක්ශණය, මගී ගුවන්යානා හා පරිගණක මෙවලම් ඉන්දියාටව විකුණාගන්නට පොට පාදාගන්නටය
  • ඉන්දියාවේ යුධ සබ්මැරීන අලුත්වැඩියා කොන්තරාත්තුව ගියේත් ප්‍රංශයේ තේල්ස් නම් සමාගමටයි.
  • ලඟදීම ඉන්දියාවේ ත්‍රිවිධ හමුදාවම නවීකරණය කිරීමේ සැළසුම් එලිදක්වන අතර ඩොලර් ට්‍රිලියන ගණන් වටිනා මේ කොන්තරත්තු ලබාගැනීමට අමෙරිකාව හා යුරෝපය බලුපොරයක නිරතවෙනු නොඅනුමානය.
  • 2010 වසරේ ඉන්දියාව අමෙරිකාවෙන් ආනයනය කල භාන්ඩවල වටිනාකම ඩොලර් බිලියන 19කි.
  • 2010 වසරේ ඉන්දියාව යුරෝපා සංගමයෙන් ආනයනය කල භාන්ඩවල වටිනාකම යුරෝ බිලියන 44කි.
  • එක්සත් රාජධානිය ඉන්දියාව වෙත අපනයනය කරන ලද භාණ්ඩවල වටිනාකම ස්ටර්ලින් පවුම් බිලියන 2කට අධිකය.
අවාසනාවකට ආණ්ඩුවේ ලණු කැරලි පිටින් ගිළින අපේ මොට්ට වාහේලා හිතාගෙන ඉන්නේ ඉන්දියානු සාගරයේ ඉන්දියාවේ හෙවනැල්ලට වැසී තිබෙන ලංකාවට ඇමරිකින් යුරෝපියන් මිලිටරි හෝ අනවශ්‍ය දෙශපාලන බලපෑමක් කරනතෙක් රාජපස්සලා කෙසේවෙතත් ඉන්දියාව උඩබලාගෙන ඉඳියි කියලාය. ඉන්දියාව එසේ විරුද්ධ වන්නේ අපට ඇති ආදරයකට කරුණාවකට නොව ලංකාවට වන විදෙස් අතපෙවිම් ඉන්දියාවේ ආරක්ශාවට තර්ජනයක් ලෙස ඔවුන් අනිවාර්‍යයෙන් සලකන නිසාය.

එවැනි මෝඩ වැඩවලට ගොස් ඩොලර් බිලියන ගණන් අපනයත් තම රටවල්වල මිනිස්සුන්ගේ රස්සාවලුත් නැතිකරන්නට අමෙරිකාවත් යුරෝපයත් මෝඩ නැත.

ඉරාක, ඇෆ්ඝන් යුද්ධවල වියදම

ඉරාක, ඇෆ්ඝනිස්ථාන යුද්ධයට අමෙරිකාව මෙතෙක් වියදම් කර ඇති මුදල අවම ඇස්තමේන්තුවලට අනුව ඩොලර් ට්‍රිලියන 3කි. ට්‍රිලියනයක් යනු මිලියනයේ ඒවා මිලියනකි. එනම් බිලියන 1000කි. අපේ අවප්‍රමාණ වන රුපියල් වලින්නම් බිලියන 117,000කි. මේවාගේ තුන්ගුණයක් අමෙරිකාව ඇෆ්ඝනිස්ථානයේදී හා ඉරාකයේදී පුච්චා ඇත.

තර්කයක් විධියට ඇමරිකාව හෝ යුරෝපය ඉන්දියාව සමග ඇති ප්‍රකෝටිගණන් වෙළඳ ගණුදෙනු අවදානමට පත්කරගෙන ලංකාවට මිලිටරිමය මැදහත්වීමකට එනවා යයි සිතමු. 

වියදම පියවාගන්නේ කෙසේද? 

ඉරාකයේ, ලිබියාවේ, ඉරාණයේ තෙල් තිබේ. අපේ තෙල් දැනටමත් අයිති ඉන්දියාවටය. 

එතකොට රාජපස්ස මැතිඳු ගෙදර යැවීමේ මහා යුධ මෙහෙයුමට වියදම් පියවාගන්නේ යපස් නිධිය හා පොස්පේට් නිධිය විකුණලාද?

රස්සාව බේරගන්න, සමුර්ධි කාඩ් එක අවලංගු නොකර තියාගන්න, පොහොර සහනාධාරෙ ගන්න, භූමිතෙල් කූපන් එක ගන්න එහෙමත් නැත්නම් පිළුනු බත්මුලයි අරක්කු කාලටයි සිංහ කොඩි වනාගෙන පෙලපාලි යන අසරනයින්ට මේවා කියලා වැඩක් නැත. ඒ අසරණයින්ව පාරට දක්කන තක්කඩින්ට මේවා කියලාද වැඩක් නැත.
















16 comments:

ජයශ්‍රී said...

නොදන්නකමට අහන්නේ.ඇෆ්ගනිස්ථානයේ තෙල් තියෙනවද?

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඕවා තේරුම් ගන්න බැ අපේ ඇයින්ට , බොහොමයක් දෙනාට තදබල ඉන්දියානු විරෝධයක් තියන නිසා ඉන්දියාව බටහිර සේරම එකතු වෙලා අපිට කෙලවන්න බලාගෙන ඉන්නවාය කියලයි හිතන්නේ , කොටින්ම බටහිරට තියන ලොකුම අභියෝගේ තමයි ලංකාව කියලයි මුන්ගේ විග්‍රහය

-------------------------------
මචන් කමෙන්ට් ෆෝම් එක වෙනස් කලොත් නරකද ? දැන් ඊමේල් වලින් කමෙන්ට් බලන්නත් බෑ .Comments embed කරල රිප්ලයි දාන්නත් හැදුවා නම් හොඳා මම හිතන්නේ

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@ජයශ්‍රි - එහෙම මොකුත් මේ පොස්ට් එකේ තියනවද ? මම දැක්කේ නෑනෙ ඔයි

Terence Kahapola Arachchi said...

නොදන්නකමට අහන්නේ.ඇෆ්ගනිස්ථානයේ තෙල් තියෙනවද?
-------------------------------

දන්න නිසා පිලිතුරු දෙන්නම්. ඇෆ්ඝනිස්ථානයට අමෙරිකාව ඇතුලුවුනේ හේතු දෙකක් නිසා.

හේතුව 1] දහස් ගණනක් අමෙරිකානුවන් මරා දැමූ බින් ලාඩන් ඇෆ්ඝනිස්ථානය තුල සැඟවී ඇතැයිද, එවක නිළ ඇෆ්ඝන් රජය වුනු තලේබාන් රජය බින් ලාඩන්ව ආරක්ශා කරනබවට වුනු විශ්වාසය මත පදනම්ව.

හේතුව 2] ඇෆ්ඝනිස්ථානයේ තෙල් ඇත. බාකු හා ජව්ස්ජාන් පලාත්වල බැරල් බිලියන 3.8කට වඩා තෙල් ඇති බව සොයාගෙන ඇත . එපමණක් නොව ඉතා වටිනා ඛණිජ නිධි අතිවිශාල සංඛයාවක් ඇෆ්ඝනිස්ථනය පුරා විසිරී පවතී.

වැඩිදුර විස්තර සඳහා පහත ලින්ක් බලන්න

http://en.wikipedia.org/wiki/Mining_in_Afghanistan


http://www.nytimes.com/2010/06/14/world/asia/14minerals.html
(U.S. Identifies Vast Mineral Riches in Afghanistan)

රංචාගොඩ මුදියන්සේ said...

ස්තූතියි. මම ඇෆ්ඝනිස්තානයේ ඛණිජ හා තෙල් සම්පත් ගැන ලිපියක් ලියමිනුයි සිටියේ. ඇමරිකාව ඇෆ්ඝනිස්ථානෙට ගියේ බින් ලාඩන් හොයාගන්න වඩා ඒ මාර්ගයෙන් තලේබාන්ලා පන්නලා හිතවත් ආණ්ඩුවක් පත්කරගෙන තෙලුයි ඛණිජයි කොල්ලකන්න.

අවාසනාවට අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ අපේ පොස්පේට් නිධියයි යපස් නිධියයි තමයි ලෝකේ ලොකුම, වටිනාම ඛනිජ සම්පත් කියලා.

කියන්න හොඳ නෑ මෙහෙම..... ඒත් ඉතින් කූඹියට හුජ්ජ බිංදුව ගංගාව වගේනේ ඒවාගේ තමයි ඉතින් අපිට ඔය යප්ස් නිධියයි පොස්පේට් නිධියයි. මුලු ලෝකෙම ඕක කන්න කෙලහලනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ

Anonymous said...

very good post

Anonymous said...

very good post

Anonymous said...

very good post

Anonymous said...

ඇයි බන් අපිගාව තෙල් නැතිව අහසින් යන දඬුමොනර යන්ත්‍ර සාස්තරේ තියෙනව නෙ. ඊළඟට ඕන ප්‍රශ්නයක් විසඳගන්න නාථ දෙයියත් ඉන්නව. ඒ දෙක ගන්න තමයි ඇමරිකන්කාරයට ඕනෙ.

අංජන said...

ඕකට තව හොඳ හෙතුවක් කිව්ව මහාචාර්ය නලින් ද සිල්ව. ලින්ක් එක හම්බ උනොත් දන්නම්. " මේඛ සිහ්ංහල භෞද්ධ රාජ්යය "...., ඒකයි ඔය...

රංචාගොඩ මුදියන්සේ said...

මචන් කමෙන්ට් ෆෝම් එක වෙනස් කලොත් නරකද ? දැන් ඊමේල් වලින් කමෙන්ට් බලන්නත් බෑ .Comments embed කරල රිප්ලයි දාන්නත් හැදුවා නම් හොඳා මම හිතන්නේ
-------------------------

මම කැමතියි එහෙම comment දාන ක්‍රමයක් හදන්න. ඒත් කරන්නේ කොහොමද කියන දැනුම නෑ මට. ඉගෙන ගන්න පුලුවන් තැනක ලින්ක් එකක් තියෙනවානම් දාන්න...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

බ්ලොගර් අලුත් ඉන්ටර්ෆෙස් එකද භාවිතා කරන්නේ ? එහෙම නම් මේ විදිහට කරල බලන්න . පරණ එකේ වුනත් වෙනසක් නැතුව ඇති

01) Blogger Dashboard -> Settings->post and Comments -> Under comment section find " Comment Location" label -> select " Embedded" -> save settings

දැන් පොස්ට් එක පල්ලෙහාටම කමෙන්ට් බොක්ස් එක ඇවිත් තියෙන්න ඕනි , දැන් බ්ලොග් එකට ගිහින් බලන්න රිප්ලයි කියල එකක් කමෙන්ට් යටින් වැටිලා තියනවද කියල එහෙම නැත්නම් ටෙම්ලේට් එක වෙනස් කරල හෝ රිෆ්‍රෙශ් කිරීමක් කරන්න වෙනවා ,ඔය දෙකෙන්ම පොඩ්ඩක් බ්ලොග්ගෙ ආකෘතිය වෙනස් වෙන්න පුලුවන් නිසා බැකප් එක අර්න් තියා ගන්න වෙයි , මේ ගැන ගුගල් දෙවියන්ගෙන් උදව් ගතහැකි How to change bloggert template ,How to back up and restore blogger template වගේ සෙවුම් භාවිතා කරන්න . පහල තියෙන්නෙ රීෆ්‍රෙශ් කරගන්න විදිහ(New Blogger Interface)

Blogger Dashboard-> Template -> Edit HTML-> Proceed->"Revert widget templates to default"(Bottom/left )

ජයශ්‍රී said...

@බුවා,කණඩුල,Scientist,

ස්තුතියි.උත්ප්‍රාසයෙන් ඇහුව වගේ පෙනුනට ඇත්තටම නොදන්න නිසයි ඇහුවේ.

Anonymous said...

අපේ රටේ වගේම හැම රටකම ඉන්නවා ජනගහනයෙන් 50-60% ක් විතර තමන්ගේ පරාසයෙන් එහාට කිසි දෙයක් දන්නේ නැති, දැනගන්න අවශ්‍ය නැති කොටසක්. අවාසනාවකට අපේ රටේ පොලිටික්කෝ මේ කොටස ගොනාට බූරුවාට අන්දාගෙන ඉන්නේ මුන්ගේ නූගත් කම, දුප්පත් කම හා වස්තුව මිල මුලදලට ඇති කෑදරකම තමන්ගේ පැවැත්මට අවශ්‍ය නිසා. හැම පක්ෂයකම පොලිටික්කන්ට මෙය අදාලයි.

නරකයා....!! said...

//රස්සාව බේරගන්න, සමුර්ධි කාඩ් එක අවලංගු නොකර තියාගන්න, පොහොර සහනාධාරෙ ගන්න, භූමිතෙල් කූපන් එක ගන්න එහෙමත් නැත්නම් පිළුනු බත්මුලයි අරක්කු කාලටයි සිංහ කොඩි වනාගෙන පෙලපාලි යන අසරනයින්ට මේවා කියලා වැඩක් නැත. ඒ අසරණයින්ව පාරට දක්කන තක්කඩින්ට මේවා කියලාද වැඩක් නැත.//

මෙන්න මේ කැල්ලට තමා මම වැඩිපුර කැමති

රංචාගොඩ මුදියන්සේ said...

@ Buwa,

Thanx for the instructions. Will try it out in the weekend. :)