Friday, December 30, 2011

ආතල් කුඩුවීම....

වසරක් ගෙවී නව වසරක් උදාවීම සැමට මහත් සතුටක් සැනසිල්ලක් උදාවන කාලයකි. පඩි නඩි බෝනස් නිසා ප්‍රයිවෙට් සෙක්ටර් කට්ටියද, නිවාඩු වැඩි නිසා පබ්ලික් සෙක්ටර් කට්ටියද, සේල් දමා අවුරුද්ද තිස්සේම විකුනාගන්නට බැරිවී දූවිලි වදිමින් එක්ස්පයර් වෙමින් තිබූ බඩු මුට්ටු කාගේ හෝ ඇඟේ ගැසීමට හැකිවුනු නිසා බිස්නස් සෙක්ටර් එකේ කට්ටියද මහත්වූ ප්‍රමෝදයෙන් මේ කාලය ගෙවාදමයි. ව්‍යාපාරයක් ලෙස මෙන්ම ව්‍යාපාර හා හොර ජාවාරම් ආරක්සාකරගැනීම සඳහා පොලිටිකල් සෙක්ටර් එකේ ඉන්නා කස්ට්ටියටද මේ ඉතා ප්‍රීතිමත් කාලයකි. අවුරුද්ද මුලුල්ලේම මරාගත් ඔපසිසන් හා ගවර්න්මන්ට් එවුන් එකට එක බෝතලය හිස්කරමින් මහජනයාට කොකා පෙන්වමින් ලොකු හෝටල් වල ජවුසන් නටන කාලයකි මේය.

එහෙත් අවාසනාවට අපේ ඇත්තන් කිහිප පොලකට නව වසරක් ලබාගෙන යන මේ මොහොතේ ආතල් සියල්ල කුඩුවි ඇත. අද්‍යාපන හා උසස් අද්‍යාපන ඇමති බානත් එග්සෑම් කොමාත් කෙලවරක් නොමැති පඹගාලක පැටලී දඟලමින් සිටී. එග්සෑම් කොමා කරන කියන දේවල් වලින් එතුමා දැඩි ආතතියකින් පෙලෙන බව පෙනන අතර ඇස් බී තුමාගේ මොන්ගල් තදවී ඇති බව පෙනේ. එග්සෑම් ලිවූ කොල්ලන් කෙල්ලන් මෙන්ම උන්ගේ අම්මලා අප්පොච්චිලාත්, උන්ට ඉගැන්වූ සෑර්ලා මිස්ලාත්, විස්වවිද්යාලයට නවකයින්ව සාදරයෙන් පිලිගෙන එක්සසයිස් කරවන්නට සැදී පැහැදී ඉන්නා අන්තරේ බුවාලාත් හන්දියක් හන්දියක් ගානේ ගේම ඉල්ලමින් ඉන්නාවිට උන්නැහේලා කෙසේ අවුරුදු සමරන්නටද?

ආතල් කුඩුවී ඇති අනෙක් කට්ටිය දකුණු වෙරල තීරයේ රජ උපන් ගම්මානය පැත්තේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රියේ පොරවල්ය. මෙදා පොටේ දෙනවා බැටේ කියාගෙන හිටි උන්නැහේලාට දැන් හතරවරම් සිහිවී ඇත. කාලෙකින් ගානක් කපාගන්නට තිබූ චාන්ස් එක එක්තරා අම්බරුවෙකු විසින් හොරු අරන් ගියාවගේ කුඩු පට්ටම් කරන ලද්දේ ටැන්ගෝල් ඇන්ඩ් හම්බන්තොටස් ලයින් එකේම ආතල් නැති කරමිනි.

පෙනීගෙන යන විදියට හානිය ටැන්ගෝල්ස් වලින් පමනක් නවතීදැයි සැක සහිතය. සිද්දිය ආරංචිවූ සැනින් රේසින් කාර් පුතා කාල්ස්බර්ග් වලව්වට දුවගෙන යාමෙන් අම්බරුවාගේ කනෙක්ශන් වල තරම සිතාගත හැකිය. ඔය කනෙක්ශන්ම තිබූ කුඩුදූමීට මොලේ බුලට් පිටින්ම රටෙනුත් පනින්නට හැකිවීම නිසා ලඟදීම සුද්දා අම්බරුවාට වෙඩිතැබූ බවත් වැරදීමකින් ඌ කෙල්ලටත් වෙඩි තබා තමනුත් වෙඩිතබාගත් බවටත් ප්‍රචාරය නොවුනොත් පුදුමය. කෙසේවෙතත් සීන් එක බරපතල නිසා සන් ඇන්ඩ් අන්කල් අතරද වලියක් පැන නැගී ඇති බව කනින් කොනින් ආරංචිවේ. අන්කල් පුක්ස් ඉරාගෙන ටුවරිසම් ප්‍රොමෝට් කරද්දී සන්ස් ලාගේ අම්බරුවෙකු වැඩේට ගොම බාල්දියක් දැමීම මෙන්ම ගොමදැමූ අම්බරුවාව සන්ස්ලා ආරක්ශා කිරීමත් අන්කල්ට මල පන්නවන්නට හේතුවී ඇත. ඉන්ටර්නැශනල් පොලිටික්ස් ගැන අවබෝදයක් ඇති අන්කල් මේ නස්පුක්ලාගේ වැඩ නිසා එන අවුරුද්දේ ගෙන්න ගන්නට සිටි අට ලක්ශය අසූදාහට බහින්නට ඉඩ ඇත බව හොඳාකාරවම දනී.

ඔය අව් අස්සේ කොළඹ චන්දෙත් දිනා පක්සේ චන්දයද දිනූ රනිල්ස් ද සිය ගෝල බාලයින් හා බෝයිස්ලා සමග අවුරුද්ද ඉහලින් සමරන්නට ප්ලෑනක් ගසාගෙන ඉන්නට ඇති නමුත් යන යන තැන හූ පාර කන්නට සිදුවීගෙන යන ට්‍රෙන්ඩ් එක නිසා අප්සැට් වී ඇතැයි ආරංචි වේ. ප්‍රොජාතන්ත්‍රවාදය ගැන අදහස් ප්‍රකාස කිරීමේ නිදහස ගැන ලන්ඩන් පැරිස් නිව්යෝක් වල පවා දේසනා කරන උන්නැහේ හූ කියාපු එවුන් ගැන වාර්තාවක් ඉල්ලා ඇත්තේ හූ කීම අදහස් ප්‍රකාශ කිරීමක් නොවන බව විස්වාස කිරීම නිසාදෝ නැත්නම් හූ කීම නරින්ගේ විශයපථයට පමණක් අදාලයයි සිතන නිසාදයි පැහැදිලි නැත. කෙසේවෙතත් රනිල්ස් ඇන්ඩ් කම්පැනි එකටත් ආතල් ලොප්වී ඇති බව පමණක් සිතාගත හැකිය.

නව වසරේ ආතල් කුඩුවී ඇති අනෙකා ජොනියායි. ප්ලාස්ටික් බාස්කට් වලිය නිසා එළවලු ගොයියන්ටත් නාට්ටාමිලාටත් සෙකන්ඩ් වෙන්නට සිදුවී ඇති ජොනියාට ජනවාරි 15 ඩෙඩ්ලයින් එක බෝල සෙට් එක පවා නැතිකරගන්නට සිදුවන ඩෙඩ්ලයින් එකක් වන්නට පුලුවන. කොහේ හෝ ඇති ලෝක උරුම රක්ශිතයක් මැද ලඟදී හදපු සැප හෝටලයකට සෙට්වී දඩමසක් එලාගෙන බාබෙකිව් එකක් දගෙන ආතල් එකේ ඉන්නට තිබෙන කාලය බාස්කට් බාල්දිය ගැන වොරිකරමින් ඉන්නට සිදුවීම මොනතරම් ඛේදයක්ද?

තවත් ගොඩක් කට්ටියටද නුදුරු අනාගතයේම ආතල් කුඩුවීමෙ ලකුණු දැන් දැන් පහලවීගෙන යතත් වැඩියෙන්ම ආතල් කුඩුවී ඇති තවත් දෙන්නෙක් ගැන පමණක් කියමි.

එකෙක් අපේ හිටපු ටෙලිකොම් සභාපති සුමතිපාල මන්ත්‍රීතුමාය. එතුමා ටෙලිකොම් සභාපති කාලයේ නඩු වැටී, නඩුවෙන් රීමාන්ඩ් යන එක නවත්වාගන්නට හොස්පිටල් එකේ නේවාසික වී හොර-ලෙඩ ඇඳේ ඉඳිමින්ම වීඩියෝ කොන්ෆරන්සිං හරහා බෝඩ් මීටින් පැවැත්වූ තේජවංත සිංහරාජයෙකි. මේ සිංහරාජයා දැන් දෙකේ කොලයට වැටී ඇති ආකාරය බලන්නටත් දුකය. සිරිලංකා ක්‍රිකට් වලට පුදුමාකාර ස්නේහයක් දක්වන එතුමා ක්‍රිකට් චන්දෙට ආසීර්වාද ගන්නට රජතුමා හමුවෙන්නට ගියත් හමුවෙන්නට වෙලාවක් පවා ලබාගන්නට නොහැකිව අසරණවිය. "වැඩක් බලාගෙන හිටපං" යන පයින්ඩය රජවාසලින් එවුවේ මෛත්‍රීපාල හරහාය. බුකියේ අයිතිකාරයාට වුනත් නරක කාලෙට අස්පයින් වැඩකරන්නේ ඇත...ආතල් කුඩුවිය...

අනෙකා ගෘහ-ආර්ථික විශේෂඥ කබ්ස්රාල් තුමාය. එතුමාගේ ආතල් කුඩුකලේ ෆිච් රේටින් කාරයාය. රේටින් කාරයෝ කොහොමත් ඔහොමය. මීට මාස දෙකකට කලින් ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් රේටින් කාරයා චිරාත් කාලයක් ඇමරිකාවට තිබූ AAA රේටින් එක පහලට දමා ඇමරිකන් ආණ්ඩුවේ මෙන්ම විපක්ශයේත් ආතල් කුඩුකලේය. හැබැයි ආණ්ඩුවත් විපක්සයත් එකට එකතුවී (කළබලවෙන්න එපා ඇමරිකාවේ ආණ්ඩුව හා විපක්ශය) ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ට රිඹයන්නට දුන් අතර අන්තිමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ප්‍රධාන විධයක නිළදාරියාට සිය ජොබ් එක දමා පුවර් බගර් කෙනෙකු ලෙස ගෙදර යන්නට සිදුවිය.

ඒත් ඉතින් ඇමරිකාව ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ලාට කරපු කෙලි ෆිච් රේටින් එකට කරන්නට අපේ කබ්සියාට හැකියාවක් නැත. කබ්සියාට පුලුවන් "ඇයි අපි ගැන විතරක් කියන්නේ.....යුරෝපයේ ආර්ථික අවපාතය ගැන කතා නොකරන්නේ ඇයි..." යනුවෙන් අසමින් ගොන් බස් දොඩන්නටය. පොතක් පත්තරයක් නොකියවන කබ්සියා නොදන්නවා වුනාට පසුගිය අගෝස්තු මාසයේ පටන් ලෝකයේ ඇති සියලුම ආර්ථිකවිද්‍යා සඟරා හා ව්‍යාපාරික පුවත්පත් යුරෝපයේ ආර්ථික අර්බුධය ගැන නොකඩවා වාර්තාකරමින් සිටියි. ලොව ප්‍රමුඛතම රේටින් සමාගම් තුන (Standard & Poor, Moody's, Fitch) මේ රටවල් ගැන ලියැවූ විශේෂඥ වාර්තා දිනපාතාම වාගේ මේ පුවත්පත් සඟරාවල පලවිය. කරුමෙට කබ්සියා ඒවා නුදුටු නිසාවෙන් ගොන් කතා කියමින් කාලය ගත කරයි. දැන් ඉතින් මේ නිවාඩු කාලය රජතුමා රැවටීමට තවත් ආර්ථික ප්‍රබන්ධයක් ගොතමින් ගතකරන්නට කබ්සියාට සිදුවෙනු ඇත.....ආතල් කුඩුය

ඉරකි තිතකි

Thursday, December 29, 2011

නොහැකියාව....


උසස්පෙල ප්‍රතිපල අවුල් ජාලයකි. නිළධාරීන් හා මැති ඇමතිවරු පොදුජනතාව ඉදිරියේ කෙලින කබර වෙන රටක සිදුකලානම් ජනතාව උන්ට ගහලා පන්නන බව සිකුරුය. දැන් කියවෙන ආකාරයට අවුල සිදුවී ඇත්තේ පරිගනක දෝශයකිනි. මෙතෙක් කල් ප්‍රතිපල නිකුත්කරන්නට යොදාගත්තේත් ඔය පරිගනක ජාලයම නොවේද? ඒවා හරිගොස් මේවා වරදින්නට හේතුව පරිගනක ජාලයේ වැරැද්දද නැතහොත් එම උපකරන භාවිතාකර ප්‍රතිපල දත්ත කවා සැකැසුම් කරන ක්‍රමවේදයේ වරදක්දැයි කිසිවෙකු නොකියයි. ඔය අස්සේ තවත් නිළධාරී වෘශභයෙක් පසුගිය විභාගයක විභාග අංක ඇතුලුකල විට වැරදි ප්‍රතිපල ලැබෙන බව කියාතිබේ. පසුගිය අංකයකට අලුත් විභාගයක ප්‍රතිපල නිකුත්වෙනවානම් විභාග දෙපාර්තමේතුවේ පරිගනක ලොක්කන් සියලුදෙන ගෙදර යැවිය යුතු තරමේ බරපතල වැරද්දකි. නැතිනම් මේ කතාව කියූ ලොක්කා මනෝ වෛද්‍යවරයෙකු ලවා සිය මොලය පරීක්ශාකරගත යුතුය.

මේ සියල්ලෙන්ම පෙනෙන්නේ නොහැකියාව මිස වෙන කිසිවක් නොවේ. චිරාත්කාලයක් මේ රටේ නිවැරදිව කලට වෙලාවට සිදුවුනු එක් දෙයක් ඇත්නම් ඒ නිසි කලට උසස්පෙල සාමාන්‍යපෙල 5 ශිෂ්‍යත්වය වැනි විභාග පැවත්වීමත් කලට වෙලාවට නිවැරදිව ප්‍රතිපල නිකුත්වීමත්ය. පසුගිය සෑම රජයක් යටතේම මේ ක්‍රියාවලිය නිවැරදිව දක්ශ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ සිදුවිය. එහෙත් අප රට ආස්චර්යය කරා දක්කාගෙන යන්නට වලිකන, තමන් තරම් කෙරුමන් නැතයි කයිවාරු ගසන රජපස රජයේ බූරු නඩය විභාග ප්‍රතිපල වලටත් කෙලවා තිබේ. දැන් ලයිසියම් ග්‍රේරෝ අදීක්සන මන්ත්‍රී ලෙස පත්කොට තිබේ. හරියට කුඩු දුමින්ද ආරක්සක අමාත්‍යාංශයේ අදීක්ශනයට පත්කොලාක් මෙනි. එය අහවර වුනේ හතරපස් දෙනකු මරාගෙන අදීක්සන මන්ත්‍රීගෙත් මොළයේ බුලට් හිරවීමෙනි. ග්‍රේරෝගේ අදීක්සනය යටතේ උත්තර පත්‍ර පරීක්ශාවට ඉන්ටර්නැශනල් ස්කූල් ටීචර්ලා ගන්නට ඉඩ ඇත. ප්‍රතිපල නිකුත්කිරීමේ පරිගනක කටයුතු ඉන්දියාවේ බැංගලෝර්හි අයි.ටී කොම්පැනියකට අවුට්-සෝර්ස් කරන්නටද බැරි නැත. එතකොට වැරැද්දක් වුනු විට ඉන්දියාන් කොම්පැනියට බැනලා ජාම බේරාගන්නට පුලුවන් බවට ලොකුලොක්කෝ ගනන් බලන්නට බැරිකමක් නැත.

ඔය අස්සේ තංගල්ලේ රජපස මැරයෙකු නිසා මහත් බලාපොරොත්තු තැබූ සංචාරක කර්මාන්තය බිඳවැටී ඇත. මේ අවුරුද්දේ ලක්ස 6යි ලබන අවුරුද්දේ ලක්ස 8යි යනුවෙන් කයිවාරු ගසා කටගත්තා පමණි. දැන් ආපු එවුන් සංචාර කොට කරගෙන යන අතර එන්න හිටපු එවුන් සංචාර අවලංගුකොට තායිලන්තෙන මැලේසියාවට ඉන්දියාවට හරවාගන්නා බව කියැවේ.

මෙතන ඇත්තේත් නොහැකියාවය. සාධාරණලෙස චන්දයක් දිනනට ඇති නොහැකියාව නිසා රටවටේ ඉන්නා මැරයන් කුඩුකාරයඉ ස්ත්‍රීදූශකයින් කසිප්පු කරයින් චන්දයට දමා මැර බලයෙන් චනද දිනයි. මැරයින් ලයිසන් මැරයින් වී ඇති නිසා පොලීසිය උසාවිය රිවර්ස් ජියර් එකෙනි. ලයිසන් මැරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිලිබඳව බ්‍රිතාන්‍යය මෙන්ම රුසියාවද මහත් අවධානයෙන් සිටිනා බව පැහැදිලියා. සාක්කි හංගා නැතිනම් වෙනස්කොට මැරයාට ලෙස්සා යන්නට හැරියහොත් සංචාරක ව්‍යාපාරය අනතුරේ වැටෙන්නේ බටහිර යුරෝපය රාජපක්ශ රජයට පාඩමක් ඉගැන්වීමට මේ සිද්ධිය දඩමීමා කරගෙන ලංකාව යුරෝපීය සංචාරකයින් හට අනාරක්ශිත තැනක් බවට ප්‍රකාශ කරනු ඇති නිසාය. ලංකාවේ අතිජාත මිත්‍රයා වන රුසියාවද සිය රටවැසියෙකුට අනතුරක් කල මැරයෙකුට ලෙහෙසියෙන් ගැලවී යන්නට ඉඩදෙනවාට අකමැති බව නොකිය යුතු මනාය.

මැරයන් අත්හැරීමට ඇති නොහැකියාවත් මැරයින් නොමැතිව චන්ද දිනන්නට ඇති නොහැකියාවත් නිසා මැරයින් ආරක්ශාකල යුතුය. අනෙක් අතින් මහත් බලාපොරොත්තු තබාගෙන ජවුසන් නටමින් ප්‍රවර්දනය කරගෙන යන සංචාරක ව්‍යාපාරය අඩපණකර ගන්නටද නොහැකිය. ජාම බේරාගන්නට යහමින් ඩොලර් ටිකක් ලැබෙන වියාපාරෙට කෙලවුනොත් 2012 බංකොලොත්භාවයේ වසර වනු ඇත.

Tuesday, December 27, 2011

සුද්දාගේ වරද .....

තංගල්ලේ හෝටලයකදී සුද්දෙකු වෙඩි කෑ බවටත් ඔහුගේ පෙම්වතිය බරපතල තුවාල ලබපු බවටත් ඊයේ පෙරේදා වාර්තාවිය. දැන් ලැබෙන පස්චාත් මරණ පරීක්ශණ වාර්තා අනුව මරණය සිදුවී ඇත්තේ උල් ආයුධයකින් ඇණීමෙනි, වෙඩි තැබූ තුවාලද ඇත. කතාවේ හැටියට සුද්දා හා පෙම්වතිය සිටි හෝටලයේ සාදයකට IRC (Island Registered Criminal) ලැයිස්තුවේ ඉහලින් සිටින අපේ සත්ගුණවත් කෙනෙකු හා ගෝල පිරිස සහභාගී වී ඇත. සත්ගුණවතාට සුද්දී පිලිබඳ සිතක් පහලවීම හා ඒ අනුව නැට්ටට කිරි ඉණීමෙන් සිදුවුනු කුලප්පු වීමක් මත සත්ගුණවතා සුද්දීට දේසීය ක්‍රමයට ලයින් එකක් දමන්නට ගොස් සුද්දා සමග ඇතිවුනු බහින් බස් වීමක් මත මෙ "සුළු සිද්ධිය" සිදුවී ඇත.

සිද්ධිය වූ වහාම එක් දේසප්‍රේමී අම්බරුවෙක් ප්‍රකාස කල පරිදි මෙවැනි සිදුවීම් ලෝකයේ ඕනෑම තැනක සිදුවෙයි. "All is fair in love and war"කීවේ සුද්දෙකු මිස අපේ එකෙක් නොවේ. ඒ අනුව නැට්ට නැගිට ආ පසු ඕනෑම දෙයක් සාධාරණ බව කියා ඇත්තේ සුද්දන්මය. ඒ අනුව සුද්දා මැරීම හා සුද්දී මරණීය තුවාල ලැබීම පෙම් හටනක කැශුවල්ටි දෙකකි. ලොකු දෙයක් සිදුවී නැත. සුලු සිද්දි පුම්බන්නට අපේ මාද්‍ය කාරයෝ ඕනෑ මොහොතක ලෑස්ති නිසා රටට මහත් අගෞරවයක් සිදුවෙමින් පවතින බව පෙනේ. රටේ ආස්චර්‍යය විඳ ගැනීමට ආ තරුණ සංචාරක යුවලක් මෙලෙස කෲර ලෙස වැනසීම රටට කැළලක් නොවෙතත් මාධ්‍යකාරයින්ගේ වාර්තා රටට කැළලකි. කෙසේවෙතත් වීරයා තවම සැඟවී සිටින බව පෙනේ. මාලිගාවෙන් කොළ එලිය එනතෙක් වහංවී සිටින ලෙස උපදෙස් ලබී ඇතැයි සිතිය හැකිය. පර සුද්දෙක් හා සුදු වෙසඟනක් නිසා සත්ගුණවත් දේසප්‍රේමී දක්ස දේසපාලකයෙකු සුලු මිස්ටේක් එකකට හිරේ විලංගුවේ වැටෙන්නට දීම සුදුසු නැත. දියණිය දූශණයකල පියාටද ජනාධිපති සමාව දුන් රටක මෙවැනි සුලු වැරදි වලට දක්ස ජනප්‍රිය මිනිසුන් හිරේ විලංගුවේ යවන්නට කිසිදු අවස්ථාවක් නැත.

එපමණක් නොව මරණය හා සමගම සංචාරක පුරවරයේ සිදුවුනු සිදුවීම්ද පැහැදිලිව විමර්ශණය කල යුතුය. සුද්දා මැරී සුද්දී ක්‍රිටිකල් වුනු වහාම පුවරයේ වෙනත් හෝටල්වල සිටි සුද්දන් සුද්දියන් පවා කඩි මුඩියේ ලට්ට ලොට්ට  අඩුක්කරගෙන තංගල්ලෙන් පිටවෙන්නට පටන් ගත්තේ කුමණ හේතුවක් නිසාදැයි සොයා බැලිය යුතුය. එකෙක් මළා කියලා තමුන්ගේ ඇනුවල් හොලිඩේ එක කචල් කරගන්නට මුන්ට පිස්සුද? එක්කෝ පිස්සුය නැතිනම් යම් කුමණ්ත්‍රණකාරී බලවේගයක් විසින් මොවුන්ව මෙහෙයවා ඇත. අපේ රට ගිලගන්නට, අයිතිකරගන්නට සම්පත් සූරාකන්නට තොලකට ලෙව ලෙවා ඉන්නා jobless බටහර රටවල්වල තානාපති කාරියාල සිද්දිය වුන වහාම සිය රටවැසියන්ට තංගල්ලෙන් පිටවෙන ලෙස දුරකථන පණිවුඩ හරහා බල කලාදැයි සොයා බැලිය යුතුය. සුද්දන්ගේ තානාපති කාරියාල බලාගෙන ඉන්නේ අපිට අංචියක් අදින්නට මෙවැනි සිදුවීමක් සිදුවෙන තුරුය. තානාපති කාරියාල මෙවැනි කැත වැඩක් කර ඇත්නම් වහාම විරෝදය ප්‍රකාස කලයුතුය. කොන්ඩොම් වංශ, රතන වැනි දේසප්‍රේමී රොබෝවරුන්ගේ බැටරි චාර්ජ් කොට පාරට බැස්සවිය යුතුය. මෙවැනි කුමණ්ත්‍රණ ලෙහෙසියෙන් ඇරිය යුතු නැත. හොඳ රිලා නැටුමක් නටා බෙරේ පලාගත යුතුය. හත්පොලේ ගාගන්නට වංශතුමා අතිදක්ශය.

තවද සුද්දා සමග සිටි සුද්දී රුසියන් ගැහැණියක් බව කියවෙයි. රුසියන් වූවාට නම ක්‍රිස්ටියන් එකකි, එතනත් අවුලකි. තත්යානා, ලුද්මිලා වැනි මැක්සිම් ගෝර්කි තාලයේ නමක් තිබුනානම් රුසියන් කියා හිතාගන්නටවත් තිබුණි. ඇය රුසියන් නම් සුද්දියක් විය නොහැකිය. සුද්දන් විය හැක්කේ යුරෝපයේ ඇන්ග්ලෝ-සැක්සන් සම්භවයක් ඇති එවුන්ට මිස ස්ලැවික් රුසියන් එවුන්හට නොවේ. ඒ අනුව මෙය කිසිසේත්ම බරපතල සිද්දියක් නොවේ රුසියාවේ මෙවැනි සිදුවීම් කීයක් දිනකට සිදුවේද? ඕනෑනම් පුටීන් ගෙන් අහලා බලන්නට පුලුවන. එපමණක්ද නොව ලංකාවට එනතරමක් රුසියන් ගැහැණුන් එන්නේ ඇඟ විකුණන්නටය. මේ ගෑණිත් සුද්දාගේ ඇඟේ එල්ලී එන්නට  ඇත්තේ ඔය රස්සාවටම මිස වෙන දෙයකට නොවේ. වෙසඟනක් යනු කාටත් අයිති පොදු දේපලකි. ඇය අයිතිකරන්න්නට, මගේ යයි කියන්නට අයිතියක් සුද්දාට නැත. සුද්දාට ඇති අයිතියම අපේ දේසපාලුතුමාටද ඇත. එතුමා භුක්තිවිඳින්නට යන්නට ඇත්තේ ඒ අයිතියයි. ඒ සාධාරණ අයිතියට විරුද්දවී අධිරාජ්‍යවාදී පල්පාට් දාන්නට ගොස් පිහිපාර කෑවා කියා සත්ගුණවත් දේසපාලුතුමාවත්, ආණ්ඩුවත්, සංචාරක වියාපාරෙත් පලි නැත. අපේ රටට බලෙන් සංචාරය කරන්නට එන සුද්දන් සුද්දියන් මෙය අවබෝධකරගත යුතුය. මේ රටට එන සුද්දියන් උන්ගේ හස්බන්ඩ්ලාට, බෝයිෆ්‍රෙන්ඩ්ස්ලාට පමණක් නොව අපිටත් අයිතිය. අපි කිව්වේ මේ බස්වල කෝච්චිවල යන හඩුගඳ චන්දදාසලා අමනපාලලා නොවේ, පැජරෝ ඉන්ටර්කූලර්ස් ඇති පොලිටික්ස් හා බිස්නස් එකට ආණ්ඩුවේ කොන්ට්‍රැක්ට් කරන යන්ග් හා යන්ග් ඇට් හාර්ට් කස්ටියටය. එයාලා ලොකු හෝටලයකදී සුද්දියක් දැක්කොත් අයිතිකරගන්නට යාම සාධාරණය යුක්ති යුක්තය. ඕනෑනම් සුප්‍රීම්කෝට් එකෙන් අහලා බලන්නට පුලුවන. ප්‍රස්නය අහනකෙනාගේ හැටියට උත්තරේ ලැබෙනු ඇත.

මෝඩ සුද්දාට තිබුණේ අර උණහපුලුවාට සුද්දීව බාරදී බීච් එකට වී පොඩි මලක් අදින්නටය. එහෙම කලානම් කළගුණ සලකන්නටත් එක්ක සුද්දාගේ කාමරයට හොඳ දේසීය තෙල් කෑළි එකක් හෝ දෙකක් යවන්නට උණහපුලුතුමා ක්‍රියාකරන බව අපට විස්වාසය. කළගුණ සැලකීම අතින් අපි ලෝකප්‍රසිද්ද බව සුද්දා නොදැන සිටියේ උගේ කරුමයටය. සුද්දා අපේ බීච් කෑල්ලක් එක්ක නයිටක් ගැසුවානම් සුද්දීගේ පුකට පයින් ගසා පන්නා බීච් කෑල්ලගේ ගෙදරට බින්න බහින්නට යන එක සිකුරුය.

කෙසේවෙතත් අවසාන වසයෙන් කිවහැක්කේ සුද්දා බරපතල ගණයේ වැරදි කිහිපයක් කර ඇති බවයි......ඒවා සැකවින් මෙසේයි......

1] ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සොහොන් සිතක් පහලකරගැනීම

2] ලිංගික පීඩනයෙන් පෙලෙන, අතෘප්තිමත් ආශාවන්ගෙන් භරිතවූ මිනිසුන් සිටින රටකට රූමත් තරුණියක් රැගෙන පැමිණීම.

3] තරුණිය ආරක්ශාකරගැනීමට පිරිමියෙකු මෙන් ඉදිරිපත්වීම

4] සිය ලාබාල පෙම්වතියන් මිතුරන්ට මුදලට විකුණන දේසීය පෙම්වතුන්ගෙන් පාඩමක් ඉගෙන නොගැනීම (සුද්දන්ට එන්න කියමු, අපෙන් ඉගෙන ගන්න කියමු)

5] ලංකාවේ නීතිය, පොලීසිය, උසාවිය දේශපාලකයින් හට පමණක් අයිති දේපොල බව වටහා නොගැනීම නිසා තමාගේ මෙන්ම පෙම්වතියගේද ආරක්ශාව නොසලකා හැරීම

ඒ අනුව වරද කාගේද?

වරද සුද්දාගේය

වරදට දඬුවම් සුද්දාට ලැබී ඇත.....අපේ උණහපුලුවා ප්‍රතික්ශේප කිරීම නිසා සුද්දීටද දඬුවම් ලැබී ඇත....

Wednesday, December 14, 2011

ඉන්දුනිසියා සංචාරය සාර්ථකව නිමකල ජනපති යලි දිවයිනට………

ඉන්දුනිසියා සංචාරය සාර්ථකව නිමකල ජනපති යලි දිවයිනට……… [Lanka eLink]

"ඉන්දුනිසියාෙවි සංචාරය සාර්ථකව නිමකල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා ප්‍රමුඛ ධුත පිරිස ඊෙය් දිවයිනට පැමිණියහ."

එතුමා ගියේ තරඟ සංචාරයකටද? සිංහලෙන් අහනවානම් මැච් එකක් ගහන්නද? 

 " ෙමවර සමුඵෙවිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතමා ෙකෙරහි අාසියා ශාන්තිකර කලාපිය නායකයින්ෙග් වැඩි අවධානය ෙයාමු ෙකරැණූ අතර"

එතුමාගේ, එතුමාගේ සොයුරන්ගේ, පුතන්ඩියන්ගේ වැඩ කිඩ ලෝකෙටම ආරංචිවෙලා නිසා හැමෝම අවධානයෙන් බලන්න ඇති ආසියාවේ චන්ඩිබුවා දිහා

ප්‍රජාතාන්ත්‍රවාදය සමිබන්ධෙයන් ජනාධිපතිතමා කල ප්‍රකාශය රාජ්‍ය නායකයින්ෙග් පැසසුමට ලක්විය .

ඇත්ත ඇත්ත, ලෝකෙන්ම සුපිරි ප්‍රජාචන්ට්‍රවාදය තියෙන්නේ මෙහෙනේ....සුද්දන්ට එන්න කියමු, අපෙන් ඉගෙන ගන්න කියමු.....