Monday, August 29, 2011

අලුත්ම බිල්ලා සොයාගැනීම හෙවත් ග්‍රීස් යකුන්, සිංහල විරෝධය හා බටහිර කුමණ්ත්‍රණ


ග්‍රිස් යකුන් කවුදැයි හඳුනාගෙන ඇති බව පැවසේ. බියෝන්ඩ් ෆ්‍රේම්ට අනුව ඒ සිංහල විරෝධී ආණ්ඩු විරෝධී මහමදිකයින් පිරිසකි. රට පුරාම යකා නටා තිබෙන්නේ හම්බයින් පිරිසක් බව ඔප්පුකර ගත නොහැකි වුවත් නැගෙනහිර පලාතේ මේ සිදුවීම් දෙස බලනවිට මේ තර්කයේ යම් ඇත්තක් ඇති බව පෙනේ.

හම්බ ග්‍රීස් යකුන් හඳුනාගත් බියෝන්ඩ් ෆ්‍රේම් ඉන්පසු ජාත්‍යන්තරයට යයි. ඔහුට අනුව දැන් බටහිර කඩා වැටෙමින් පවතී. ඒ නිසා ඔවුන් දැන් වහාම තමන්ට අවනත නොවන දුප්පත් රටවල දේශප්‍රේමී පාලකයින් පන්නා දමමින් බටහිර ගැති පාලකයින් පිරිසක් පත්කරගන්නට වෙර දරයි. ලංකාවේ ග්‍රීස් යක් සන්නිය, ලිබියාවේ ගඩාෆි පැන්නීම, හොස්නි මුබාරක් සල්ලන් වීම, ටියුනීසියාවේ නැගිටීම කොටි ත්‍රස්තවාදය, ජවිපෙ සන්නද්ධ ව්‍යාපාර, කම්කරු සටන්  හා මේ කී නොකී සියල්ලම බටහිර රටවල් සිය කඩාවැටීමෙන් ගොඩ එන්නට තමන්ට අවනත නොවන රටවල් අස්තාවර කිරීමේ මෙහෙයුම් වල විවිධ ජවනිකා වේ. බියෝන්ඩ් ෆ්‍රේම්ගේ දිගු ලිපියේ එක් හරයක් වන්නේ මෙයයි. මෙය කියන ගමන්ම "බටහිරයන් මේ සියල්ල මෙහෙයවන්නේ යෑයි අපි නො කියමු..." යනුවෙන් පොඩි පහේ  disclaimer එකක්ද දමන්නේ තර්කයේ හිල් වසාගන්නට විය යුතුය.

අපි බියෝන්ඩ් ෆ්‍රේම්ගේ තර්ක් කිහිපයක් විශ්ලේෂනය කොට බලමු.

<> බටහිර කඩාවැටිමින් පවතින අතර උන්ට ගොඩ ඒමක් නැත.

ඔහු මේ කියන්නේ යුරෝපයේ හා අමෙරිකාවේ මූල්‍ය හා ආර්ථික අර්බුධ ගැන විය යුතුය. ලංකාවේ අපට මහා ලොකු කක්කා තලියක් වූවාට ආර්ථික කඩා වැටීම් හා යලි නැගිටීම් බටහිරට එතරම් අලුත් දේවල් නොවේ. මෑත ඉතිහාසයේ බටහිර විශාලම ආර්ථික කඩා වැටීම සිදුවුනේ 1930ගණන්වලදී අමෙරිකාව දණ ගැස්සවූ "The Great Depression" හෙවත් මහා ආර්ථික අවපාතයයි. මෙය දශලක්ශ ගණන් රැකියාවලින් දොට්ට වැටුනු, සිය ගණනක් බැංකු කඩා වැටුනු, කොටස් වෙළඳපොල නැත්තටම නැති වුනු මහා ව්‍යසනයක් වූ අතර මෙහි උච්ඡතම කාළයේදී නොමිලේ සුප් කෝප්ප බෙදාදෙන දන්සැල් පෝලිම්වල ඊට මාස කිහිපයකට පෙර සුඛෝපභෝගී යාන වාහනවල ගිය, සුපිරි අවන්හල් වල බොජුන් වැලඳූ ව්‍යාපාර හිමිකරුවන්, කොටස් වෙලඳ පොල ආයෝජකයින්ද සිටියහ. ආර්ථික විනාශයේ තරම එයින්ම සිතාගත හැකිය. යුරෝපයේ තත්වයද ඊට නොදෙවෙනි විය. පලමුවැනි ලෝක යුද්ධයෙන් පරාජය වී, ආර්ථික අවපාතයෙන් දැඩිලෙස බැට කෑ ජර්මනියේ මිනිසුන් සිය රට ගොඩ නගන්නට ඇඩෝල්ෆ් හිට්ලර් හට ආරාධානාකොට සිංහාරූඩ කලේත් මේ මහා ආර්ථික අවපාතය නිසාය. එහි අවසාන ප්‍රථිපලය වූයේ මිහිපිට මහත් ව්‍යසනකාරී යුද්ධය වුනු දෙවන ලෝක මහා සංග්‍රාමයට අඩිතාලම වැටීමයි.

1930 ගණන්වල මහා ආර්ථික අවපාත සමයේ, සිය පියාට රැකියාවක් දෙන්නයි ආයාචනය කරමින් පෙලපාලි යන දිළිඳු අමෙරිකානු ළමුන්
1930ගණන්වල අවපාතයෙන් හා දෙවන ලෝක යුද්ධයේ විනාශයෙන් දශකයක් තුල ගොඩ ආ බටහිර දැවැන්ත ආර්ථික වර්ධනයක් අත්පත්කර ගත්තේය. නැවතත් අමෙරිකන් හා යුරෝපීය ආර්ථිකයන් කඩාවැටීමකට ලක්වුනේ 1970 ගණන්වලදීය ඒ අමෙරිකව වියට්නාම් යුද්ධයට පැටලීම හා මැදපෙරදිග ඔපෙක් සංවිධානය තෙල් අර්බුධයක් නිර්මානය කිරීමෙන් අනතුරුවය. නැවතත් 1980-1990 දශකවල බටහිර ආර්ථිකයන් දැවැන්ත ලෙස නැගිටුනු අතර ජපානය ආර්ථික සුපිරිබලවතෙක් ලෙස පරිවර්තනය සම්පූර්ණ වූ අතර දුප්පත් කොරියාව, සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල් වේගයෙන් දියුණුවෙන්නට ගත්තේය. 1993න් පසු පලමුවැනි ජෝර්ජ් බුශ් ජනාධිපති වරයාගේ පාලන කාලය ලෝකයටම කෙසේවෙතත් අමෙරිකාවට තවත් ආර්ථික අවපාතයක් ගෙන ආ අතර නැවතත් ක්ලින්ටන් ජනාදිපතිවරයාගේ අටවසරක කාළය තුල  වේගවත් ආර්ථික නැගිටීමකට ලක්විය. දැන් මේ ගතකරන්නේ දෙවැනි ජෝර්ජ් බුශ්ගේ පාලන කාලය තුල අමෙරිකාව යුද්ධ දෙකකට හිරවීම මෙන්ම අයහපත් මූල්‍ය කළමණාකරණය නිසා අමෙරිකාවේ දැවැන්ත මූල්‍යායතන ගණනාවක කඩාවැටීම නිසා ඇතිවුනු අවපාතයයි. මෙතරම් දීර්ඝ විස්තරක් කරන්නට සිදුවුවත් මේ පෙන්වන්නේ බටහිරේ විනාශය නොව සාමාන්‍යය පෙල ආර්ථික විද්‍යා විශය නිර්දේශයේ පවා ඇතුලත් ආර්ථික චක්‍රය (economic cycle) පිලිබඳ සිද්ධාන්තයයි. කලින් කලට ලෝකයේ ආර්ථිකයේ දැවැන්ත පිබිදීමක් (economic boom), පහත වැරීමක් (downturn), අවපාතයක් (depression) හා නැවත නැගිටීමක් (recovery) යන ආර්ථික ලෝකයේ ස්වභාවික හැසිරීමයි.

<> බටහිර තමන්ට ගැති නොවන රටවල් සිය අණසකට ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම් තුලින් රූකඩ ආණ්ඩු අටවා ගන්නට උත්සාහ කරයි.

මෙයද බටහිරට පමනක් පොදු කරුණක් නොව ඉතිහාසය පුරාම දකින්නට තිබෙන සත්‍යයකි. අශෝක අධිරාජ්‍යයාගේ මිතුරෙකු වුනු නිසා දේවානම්පිය තිස්ස රජතුමාට බුදුදහම තෑගි වශයෙන් ලැබුණත් ඔහු අශෝකගේ සතුරෙකු වූවානම් අශෝකගේ හමුදා ආරක්ශාව යටතේ රජකම් කරන, වසරක් පාසා අශෝක අධිරාජ්‍යයාට කප්පම් ගෙවන ප්‍රාදේශීය යුව රජෙකු වන්නට ඉඩ තිබුණේය. නැතිනම් රජකම හැරදා කැලෑ පණින්නට සිදුවන්නට ඉඩ තිබුණි.

 තුර්කියේ ඔටෝමාන් අධිරාජ්‍යය සිදුකලේත්, චීනයේ කුබ්ලායි ඛාන් සිදුකලේත්, ග්‍රීසියේ මහා ඇලෙක්සැන්ඩර් සිදුකලේත්, ඉන්දියාවේ චන්ද්‍රගුප්ත-මෞර්‍ය් අධිරාජ්‍ය සිදුකලේත්, රෝමයේ සීසර් හා ඔහුගේ අනු ප්‍රාප්තිකයින් සිදුකලේත්, ක්ලියෝපැට්‍රා ගෙන් අවසන් වුනු ඊජිප්තු ෆේරෝවරුන් සිදුකලේත් මෙයම නොවේද? තමන්ට අවනත රජුන් බලයේ තබාගැනීමත්, අවනත නොවන වුන් කෙසේ හෝ පලවාහැර රූකඩ රජුන් පත් කරගැනීමත් ඉතිහාසය පුරාම සිදුවුනේය. අද බටහිර පැත්තකට දැම්මත්, චීනය ආසියාවේත්, රුසියාව නැගෙනහිර යුරෝපයේ හා මධ්‍යම ආසියාවේත් සිදුකරන්නේ මෙයම නොවේද.

1917 සිට අවසානය දක්වාම සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව සාගරයක් වැනි සිය රට වටාම තමන්ට වඳින පුදන නැගෙනහිර යුරෝපීය රටවල් ගොන්නක් ඇතිකරගත් බවද අමතක නොකල යුතුය. සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුව බටහිර රටක් නොව, ඉතසිතින් බටහිර විනාශය බලාපොරොත්තු වුනු නැගෙනහිර පිලේ නායකයායි. ඉන්දියාව අඩු තීව්‍රතාවයකින් දකුණු ආසියාවේ කරන්නේත් මෙයම නොවේද?

ධනවතා, බලවතා, දුර්වලයා පාගා ගැනීමට මාන බැලීම කවදත් සිදුවුනි. දුර්වලයාගේ යුතුකම බලවතාට පස්පඩංගුවේ බැනවදිමින් නිදා ගැනීම නොව කෙසේ හෝ වලෙන් ගොඩ එන්නට උත්සහ කිරීමයි. මැලේසියාව, තායිලන්තය, කොරියාව, බ්‍රසීලය, වියට්නාමය මෙලෙස බැන බැන නොසිට වලෙන් ගොඩ ආ රටවල් කිහිපයකට උදාහරනය.

<> කොටි ත්‍රස්තවාදය බටහිර කුමණ්ත්‍රණයකි

ප්‍රභාකරන්ගේ බටහිර ගැතිභාවය පසු කලෙක ව්‍යාපාරික කටයුතු සඳහා එනම් ත්‍රස්තවාදය, දෙමල විමුක්තිය පිණිස වන දේශපාලන ව්‍යාපාරයකින් ඔබ්බට ගොස් ලාභදායි වානිජ ව්‍යාපාරයක් කරගත් පසු ඇතිවූවකි. මේ බටහිර ගැතිකම පිටුපස ඇන්ටන් බාලසිංහම් වැනි කලු සුද්දන් මෙන්ම බියෝන්ඩ් ෆ්‍රේම් පණමෙන් සුරකින්නට උත්සහ කරණ රාජපක්ශ ආණ්ඩුවේ සුරතලෙකු වුනු කේ.පී නැමති දක්ශ ව්‍යාපාරිකයා බටහිර තුල ව්‍යාප්තකල ආර්ථික ජාලය පවතී. ලේ තැවරුණු සල්ලි රස දැනුණු ප්‍රභාකරන් සිය ඉන්දියානු පාලකයින්ගෙන් මිදෙන්නට අදිටන් කරගත්තේ සිය ව්‍යාපාරය රිසිසේ කරගෙන යාමට ඉන්දියාව අත්සන් කල සාම ගිවිසුම පරහට හිටියාට පසුවය.

ප්‍රභාකරන් මෙන්ම අනෙකුත් දෙමළ ත්‍රස්තවාදීන් සඳහා අවි ආයුධ, පුහුණුව හා කඳවුරු මෙන්ම දේශපාලන ශක්තියද සැපයුයේ බටහිර සී.අයි.ඒ සංවිධානය නොව, එකල දැඩි බටහිර විරෝධි ප්‍රතිපත්තියක් ගෙනගිය, සෝවියට් රුසියාවේ අග සව්වෙකු වුනු ඉන්දියාවේ රෝ ඔත්තු සේවය විසිනි. ජේ.ආර් ජයවර්ධනගේ බටහිර ගැති ප්‍රතිපත්ති මෙන්ම උද්දච්ච ක්‍රියාකලාපයද නොරිස්සු ඉන්දිරා ගාන්ධි බටහිර ගැති ජේ.ආර්ට පාඩමක් උගන්වන්නට ඇතිකල ව්‍යාපාරයකි දෙමල ත්‍රස්තවාදී ව්‍යාපාරය. එය ඉන්දියානු පාළණයෙන් මිදී බටහිර අතකොලුවක් වූයේ රජීව් ගාන්ධි ඝාතනයෙන් පසු ඉන්දියාව දෙමල බෙදුම්වාදයට නිළවශයෙන් විරුද්ධවීමෙන් පසුවයි. දෙමළ ත්‍රස්තව්‍යාපාරය නිසා ලංකාව තුල බටහිර නැඹුරුව අඩු වුනු අතර බලහත්කාරයෙන් ඉන්දියාවට යටහත්වන තත්වයක් ඇතිවිය.

ග්‍රීස් යකුන් හා බටහිර බිල්ලන් හරහා සැබෑවටම ජාතිවාදය අවුලන්නේ කවුරුන්ද?

උපුටාගැනීම :"ඒ අප කිහිප වතාවක්‌ම කියා ඇති පරිදි රාමනාදන්ලාගෙන් ඇරැඹි දෙමළ ජාතිවාදී දේශපාලන ප්‍රවාහය හා සම්බන්ධ සියලු ගිවිසුම්, ව්‍යවස්‌ථා සංශෝධන නන්දිකඩාල් කලපුවේ ජයග්‍රහණයෙන් පසු අවලංගු වීම නිසා ය. අද බටහිරයන්ට අවශ්‍ය කෙසේ නමුත් මේ ජයග්‍රහණය අකා මකා දැමීමටය. ......."

නන්දිකඩාල් කළපුවෙන් අවසන්වුනේ කුරිරු ත්‍රස්තවාදය මිස එක් ජනවර්ගයකට මේ රට තුල ගෞරවනීය පුරවැසියන් ලෙස ජීවත්වීමේ අයිතිය නොවේ. 

"උඹලාගේ මහ එකා කළපුවේ මළා, දැන් ඉතින් අපි කියන විදියකට හිටපියවු....." මේ බියෝන්ඩ් ෆ්‍රේම්ලා දෙමළාට දෙන පණිවුඩයි. මේ උමතු පිලිවෙතින් වන්නේ වන්නේ කළපුවේ මියගිය මහා ජනඝාතකයා විරුවෙකු ලෙස දෙමළ හදවත්වල යලිත් රහසේ ඉපදීමයි. 

"ප්‍රභාකරණ් හිටියානම් සිංහල හැත්ත අපිට මෙහෙම කරන්නේ නෑ. ඌ හිටියා නම් මේ වෙනකොට කොළඹ ලොකු බෝම්බ දෙකක් තුනක් පුපුරවලා මුන්ගේ ආඩම්බරකාර සිංහල ආණ්ඩුව සල්ලං කරලා ඉවරයි.." දෙමළ මිනිහාගේ, විශේෂයෙන්ම දෙමළ තරුණ තරුණියන් අතර දැනටමත් මේ සිතුවිලි ඇතිවෙලා නොමැතිනම් පුදුමයකි.

'අපි තවත් ප්‍රභාකරණ් කෙනෙකු සොයාගමු....." කවදා හෝ මේ කාළකන්නි පිලිවෙතේ අවසානයේ දෙමළ සමූහයා එසේ සිතනු ඇත.

එපමණක් නොව රාජපක්ශලා වටා සිටිනා ඉඳුල් ලෙවන අවසේශ ජාතිවාදින් දැන් අලුත්ම සතුරෙකු සොයාගෙන මෙහෙයුමක්ද දියත්කොට තිබෙයි. බියෝන්ඩ් ෆ්‍රේම්ලා ගේ කස පුපුරන්නේ මේ මෙහෙයුමේ පෙරමග ලකුණු කියන්නට මෙනි. මේ අලුත්ම මෙහෙයුම නම් මේ රටේ මුස්ලිම් ජනතාවට විරුද්ධ මෙහෙයුමයි. කාළකණ්නි හම්බයෙක් දෙන්නෙක් කරන ලද අසික්කිත ක්‍රියාවලියකට මුලු මහත් ජනවර්ගයක්ම අපහාසයට උපහාසයට ලක් කරයි. මේ සිංහල මෝඩයින් එකක් මතකතබාගත යුතුය. එනම් හම්බයින් දෙමළුන්ට වඩා එක්සත්, එක්සිත් ඇති, තමාගේ එකාට සළකණ, තමාගේ එකාට කරදරයක් වුනු විට දුප්පත් පෝසත් බේධයකින් තොරව සටනට එන ජාතියක් බවයි. පුලුවන් නම් නැගෙනහිර පැත්තේ පොඩි පකිස්ථානයක්, ඇෆ්ඝනිස්තානයක් ඇතිවෙන තැනට වැඩකරපල්ලා. ඊට පස්සේ ඉතින් ආයෙත් බැරියා පටි තදකරගෙන හම්බයින්ට විරුද්ධ යුද්දේ ඉවරවෙනකන් අවුරුදු තිහක් හතලිහක් බලගෙන ඉන්න.

අවසාන නිගමණය : බියෝන්ඩ් ෆ්‍රේම්ගේ ග්‍රීස් යක් තර්කය හෙවත් බිල්ලන් නැතිකල තලන්නට කොටන්නට බිල්ලෙක් සොයාගැනීම

නැගෙනහිර හෝ වෙන මොන පලාතක වුවද ග්‍රීස් යකුන් හෝ වෙන මොන මළහෝන්තු හෝ සාමකාමී ජනජීවිතයට බාධාකරනවානම් උන් අල්ලා කුදලාගෙන යායුතුය. උන් හම්බයින්ද, කල්ලතෝනිද, සිංහල කොටිද, අධිරාජ්‍යවාදී අතකොළුද යන්න පසුවට සොයා බැලිය යුතු කාරණයකි. ජනජීවිතය යථාතත්වයට පත්කල යුතුය. මෙය දඩමීමා කරගෙන තවත් ජාතියකට හිංසා පීඩාකොට තවත් වෛරක්කාරයින් රැළක් මේ දිවයින තුල බිහිකර ගැනීමේ කාළකණ්නි ව්‍යාපාරයට මේ රටේ මොළයක් ඇති මිනිසුන් විරුද්ධ විය යුතුය.

අනෙක් අතට ජාතිවාදීන් මෙලෙස ග්‍රීස් යකුණ් මෙන් පැමිණ රටතුල අවුල් ඇතිකරණවානම් හදිසි නීතිය ඉවත් කරන බව  දැනුම් දෙන්නට හදිසියේම පාර්ලිමේන්තුවට කඩාවැටුනු ජනපතිට එය විහිළුවක් මෙන් පෙනීම පුදුමයකි. ග්‍රීස් යකුන් හම්බ ජාතිවාදී සිංහල විරෝධීන් නම් ජනාධිපතිතුමා කලයුතුව තිබුණේ රටතුල මේ ඇති වෙමින් පවතින අවදානම් තත්වය පිලිබඳව ජනතාව දැනුවත් කිරීම මිස ජෝක් පාට් දැමීම නොවේ. පාර්ලිමේන්තුව දැනුවත් කලපසු ජනපතිවරයා පක්ශ විපක්ශ, පාර්ලිමේතුව නියෝජනය කරන, නොකරන මුස්ලිම් නායකයින් සමග සාඛච්ඡාකොට ගැටළු ඇත්නම් නිරාකරණය කළ යුතුය. නියම නායකයින් කරන්නේ එයයි. එහෙත් මේ  අය මේ කරන්නේ රට තුල තවත් ගින්නක් ඇතිකොට එය පෙන්වමින් බටහිරට බනින ගමන් තම බලය තහවුරු කරගණිමින් රට කොල්ල කෑමයි.

අවසන සටහන් කරන්නට වන්නේ කොටියාගේ මරණයෙන් පසු බොරු දේශප්‍රේමය අවුලුවාගෙන යාමට බිල්ලෙක් සොයන සඳ දෙයියෝ දුන්නාමෙන් ජාතිවාදී හම්බ ග්‍රිස්ස් යකුන් පහලවුනු බවයි. දෙන දෙයියෝ රාජපක්ශලාට උඩ පැන පැන දෙනවාලු.

Saturday, August 27, 2011

රජකමින් ඉල්ලා අස්වුනු වගයි !


සුප්‍රකට ඇපල් සමාගමේ මහරජතුමා වූ , ලෝකවාසී ගැජට් ලෝලී මහජනයාට අසම සම ගැජට් හඳුන්වාදෙමින් තරඟකාරීන් කානු පල්ලට ඇද දැමූ, පරිගණක ලෝකයේ විශිෂ්ඨම දර්ශණවාදියෙකු වුනු , අති දක්ශ ව්‍යාපාරිකයෙකුද වූ,නව නිපැයුම්කරණයේ අසමසමිකයෙකු වූ , ගෙදර ගරාජයෙන් ආරම්භකල  සිය සමාගම ව්‍යාපාරික ලෝකයේ හිනිපෙත්ත කරා රැගෙන ආවූ අතිගරු ස්ටීව් ජෝබ්ස් මැතිතුමා  රජකමින් ඉල්ලා අස්වුනු වගයි !

Friday, August 26, 2011

රජතුමා ලේකම්තුමා හා ග්‍රීස් යක්කු

ග්‍රීස් යකෙකු පිලිබඳ භීතියක් නිසා මහනුවර පාසැල් දරුවෙකුට ජීවිතයෙන් වන්දිගෙවන්නට සිදුවිය. බීමතින් සිටි මිනිසෙකු සිය ලයිසන් තුවක්කුවෙන් ග්‍රීස් යකා යයි සැකසිතා සිසුදරුවාට වෙඩි තබා ඇත. ග්‍රීස් යක් මේනියාව ගත් පලමු බිල්ල මෙය නොවන අතර මේවන විට මිනිසුන් කිහිපදෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස මරණයට ගොදුරුවීමට මේ යක් කළබලය හේතුවී ඇත.

මෙතරම් මීනී මැරුණත් මේ ග්‍රීස් යක් භීතිය ගැන රජතුමාට වගේවගක් නැති ගාණය. පාර්ලිමේන්තුවේදී උන්නැහේ ග්‍රීස් යකුන් මතක් කලේ සිනාසෙමිනි. මේ භීතිය නිසා මියගිය මිනිසුන්ගේ බිරින්දැවරු,දරුවන් ඤාතීන් විඳ වේදනා එතුමාට පයිසයකට මායිම් නැත. මොකා මැරුණත් එතුමාගේ මෝඩ ජෝක්වලට හිනාවෙන්නට ලෑස්ති කට්ටියකුත් එතමා යන යන තැන පිටුපසින් සිටී. ඒතුමාගේ ග්‍රීස් යක් හිනාව එක් පොලිස්පති වරයෙක් සිය පත්වීම ලැබී පැවැත්වූ පලමුවැනි ප්‍රවෘත්ති සාඛච්චාවේදී සුදු වෑන් පැහැරගැනීම් ගැන ඇසූවිට දුන් තකතිරු පිලිතුරුට නොදෙවෙනි නැත.

රජතුමාට ජෝක් වූවාට රටේ ජනතාවට ජෝක් නැත. රටේ බොහෝ තැන්වල කාන්තාවන් අඳුර වැටෙනවිට දන්නා හඳුනන ආරක්ශාව ඇති ගෙදරකට රොක්වී බියෙන් රාත්‍රිය ගතකරන අතර පිරිම්න්ට රෑ එලිවෙනතෙක් ගැහැණුන් මුරකරනවා හැරෙන්නට වෙන වැඩක් නැත.

මොන මළ විකාරයක්ද මේ?

30 වසරක යුද්ධය නිසා මායිම් ගම්මාන වල අහින්සකයින් රාත්‍රිය ගතකලේ කැලෑවලය. දැන් නැවතත් ඒ තත්වය උදාවී ඇත. ඒත් රජතුමාට එය විහිලුවකි. රටවැසියාගේ ආරක්ශාව හා සුභසිද්ඪහිය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන බවට ප්‍රතිඥාදී ජනපති පුටුවේ ඉඳගත් එතුමාට අමතකම වී ඇති කරුණ රටවැසියාගේ සුභසිද්ධියයි.

මහින්ද රාජපක්ශ හා ගෝඨාබය රාජපක්ශ පොලු මන්න අරගෙන ග්‍රීස් යකුන් ගැවසෙන ගම්මානවල මුර සංචාරය කලයුතුයයි මම නොකියමි. එහෙත් ලක්ශ ගණනක හමුදාවක්, දසදහස් ගණනක පොලීසියක්, බුද්ධි අංශ, අති දක්ශ කොමාන්ඩෝ බළඇණි වලින් සන්නාහ සන්නධවී තව තවක් ආරක්ශක වියදම් වැඩි කරගෙන යන රටකට මේ ග්‍රීස් යක් විගඩම මහත් අවමානයක් නොවේද? ලංකට් නැති සරම්කාරයින්, පාරේ කෙළගසන්නන් අල්ලන්නට සැදී පැහැදී ඉන්නා ආරක්ශක ලේකම්තුමාට එක ග්‍රීස් යකෙක්වත් අල්ලාගන්නට බැරිවීම පුදුමයක් නොවේද?

මේ යක් සෙල්ලමේ මොනවා හෝ හොරයක් තිබෙන බවට සැක හිතෙන්නේ රටේම ආරක්ශකයා මෙන්ම නිළනොවන පාලකයාද වන ආරක්ශක ලේකම්තුමාගේ නිහැඬියාවයි. එතුමා මේ ගැන ගන්නා වැඩ පිලිවෙල මොකක් දැයි මම දන්නා තරමට තවම හෙලිකර නැත.

මේ කළබැගෑනිය ගම්වල මිනිස්සුන්ගේ පිස්සු විකාර මනෝමයක් යයි කියලා අත පිහිදාගන්නට එතුමාට පුලුවන්ද? විශේෂයෙන්ම ආරක්ශ හමුදාව දෙසට ඇඟිල්ල දිගිවෙමින් තිබෙනා මොහොතක ශ්‍රි ලංකා ආරක්ශක හමුදාවල ගෞරවය ආරක්ශා කරගනිමින් සාමාන්‍ය වැසියන්ගේ භීතිය තුරන්කිරීමට දැඩි පියවර ගැනීම එතුමාගේ යුතුකමක් නොවේද? අඩුම ගණනේ ප්‍රාදේශීය බුද්ධි අංශ නායකයින් කැඳවා සිදුවෙමින් තිබෙනා දෙයහි සුළුම මුල සොයාගැනීමට හෝ උත්සාහයක් ගෙන තිබේදැයි යන්නද සැක සහිතය.

රටේම සේනාධිනායක හා ආරක්ශක ඇමති වන ජනපති, සර්වබලධාරී ආරක්ශක ලේකම්තුමා දෙබෑයෝම මේ කර අරින්නේ මොකක් හෝ යටිකූට්ටු සැලසුමක් අතේ පත්තුවී ගලේ පැහැරූ බළලුන් මෙන් ගඳ වහගන්නට මගක් නැති නිසාද?

රටපුරාම හමුදා කඳවුරු විවෘතකරමින් හදිසි නීතියෙන් පසු උදාවන තත්වයන්හට මුහුණු දීම සඳහා රටපුරා භීශණකාරි සයිකෝසිසයක් (fear psychosis) මවා හදිසි නීතිය අහෝසි වීමෙන් නැතිවී යන පීඩක බලය රැක ගැනීමේ විකාරරූපි සැලැස්මක් ලෙස මෙම ග්‍රීස් යක් රංගනය ආරක්ශක අමාත්‍යාංශය අනුග්‍රහයෙන්ම රඟදැක්වෙනවා දැයි බුද්ධිමත් පුරවැසියන් පවා සැක කරන තරමටම ආරක්ශක අමාත්‍යාංශය මේ ග්‍රීස් ගොඩෙහි ලෙස්සා වැටීම කණගාටුදායකය.

මොනතරම් විවේචන තිබුණත් මේ රටේ ජනතාවට කිසිදා අමතක කල නොහැකි අනුපමේය සේවයක් (කොටි වැනසීම) සේවයක් කල, වැඩක් කල හැකි, කොන්ද පණඇති මිනිසුන් සිටිනා ලංකාවේ එකම අමාත්‍යාංශය වන ආරක්ශක අමත්‍යාංය මෙවැනි තත්වයකට වැටෙනවා දැකීම ගෝඨාභය රාජක්ශ මැතිතුමාට එතරම් කැමැත්තක් නොදක්වන මට වුවද කණගාටුවකි.

රජතුමා ජෝක් එකක් විධියට ගත් පලියට ආරක්ශක ලේකම්ට යුතුකම් මගහැරිය නොහැකිය. රජතුමා මෙන්ම එතුමාගේ මුලු ආණ්ඩුවම සම්පූර්ණ ජෝක් එකකි.විහිලු හා විකට රංගන හැරෙන්නට වෙන ගන්නට දෙයක් ඇත්තේම නැත.ජෝකර්ලා නොවී ඉතුරුවී තිබෙන්නේ (පොලීසිය අඩුකලවිට) ආරක්ශක අමාත්‍යාංශය පමනකි. ලේකම්තුමා දැන හෝ නොදැන මේ ග්‍රිස් ගොඩෙහි අමාත්‍යංශය එරී ඇත්නම් එයින් වහා ගොඩවී හානිය අවම කරගැනීම නොපමාව සිදුකල යුතු අතර අහිංසක ජනජීවිතය ඉක්මණින් යථාතත්වයට පත්කල යුතුය.



Thursday, August 25, 2011

වරායේ ගල හෙවත් අපේ රටේ හැටි


1/ හම්බන්තොට වරායේ නෑ කියූ ගල කඩන්නට දැන් චීනෙන්ම නයක් ඉල්ලා ඇත - ගල ගැන දැන දැන හදපු සභාපතිත් දෙපාරක් විවෘතකරපු එතුමාත් යහතින් සිටී. පම්පෝරියද අඩු නැත.

2/ රට කන්නට ආ බැං කී මූනාට දෙවැනිවතාවටත් යූ.ඇන් ලොක්කා වෙන්නට අපේ ඉත්තෝ චන්දය දුන්හ. තවමත් උන් දේශප්‍රේමීන්ය, බැං කී මූන්ලා එක්ක පැටලිලා බොරුවට වරිගෙ නහගන්න එපා කියපු අපි තවමත් දේශ ද්‍රෝහීන්ය.

3/ වැහි වතුර හා මංඩි නිසා කිළුටු වුනු පැට්රෝල් වැහි වතුර හා මංඩි බැහැපු ටැංකි වලට පුරවන්නටත් කලින් "මේ පැට්රෝල් නොව වෙන මොනවාද ජරාවකි" කියා තත්ව සහතික ලබාගත් බව හෙලිවී ඇත. - ඒත් දඬුවම් ලැබුවේ කුණු පැට්ට්‍රෝල් සල්ලිදීලා ගත් වාහන අයිතිකාරයින් පමණකි. 

4/ පොහොර සහනාධාරය දෙනකොට වීරයෝ වුනු අය සහනාධාරය කපනකොටත් වීරයෝමය. සහනාධාර දෙන්නේ ගොයිතැන දියුණු කරන්නටය, කපන්නේත් ගොයිතැන දියුණු කරන්නටය - ඔය විධයට සහනාධාර දෙන්න අමාරුයි කියා ඇත්ත කියපු එකා දේශද්‍රෝහී, බටහිර ඒජන්ත වැල කපුටෙකි.

5/ ලෝකයේ වැඩිපුරම ගෑණුන්ට ගෞරව කරන්නේ ලංකාවේ පිරිමින්ය. ලංකාවේ ගෑනු අතවරවලට ලක්වෙන්නේ අසංවරව හැසිරීම නිසයි - ඊයේ පෙරේදා මේ මසුරං වටින කතාව කියපු ඇමතියාගේ මෑණියන් අප්‍රිකාවේ කාබෙරි ගැහැණියක් මිස අසංවර හෙල වනිතාවක් නොවන බව මට විශ්වාසය. ඔබද විශ්වාසකල යුතුමය. අපේ ගෑනු බස් එකකවත් විලිවහගෙන සංවරව යන්නට නොදන්නා එවුන්ය. මගේ මෑණියන්ද හෙල වනිතාවක් බැවින්....... [ඉතුරුටික ලියන්න බෑ...මට මගේ අම්මා මතක්වෙනවා...ඇය තවමත් ජීවතුන් අතරයි]

6/  ග්‍රීස් යකුන් මානසික රෝගීන්ය, රට පුරා ග්‍රීස් යකුන් කරක්ගසති - ග්‍රීස් යකුන්ගෙන් රටවැසියා බේරා ගැනීමට රටපුරා හමුදා කඳවුරු ඉදිකල යුතුය. එවිට අහුවෙන්නට යන ග්‍රීස් යකුන්ට ලඟම ඇති හමුදා කඳවුරු තුලට පැන පණ වහංවිය හැකිය. හමුදා කඳුවුරේ ඇත්තන්ට ග්‍රීස් යකා අල්ලන්නට ආ ගම්වැසියන්ගේ ඇටකටු පොඩි කිරීමද පහසු වනු ඇත. මේ සියල්ල ජනතා සුබසිද්ධිය වෙනුවෙනි කියන කොට සාධුකාර දෙන අයද අඩු නැත.

7/    දුටුගැමුණුගේ කඩුව හා ඔට්ටුන්න සොයා මහා මෙහෙයුමක් දියත්වෙන බව පැවසේ. කලකට පෙර තවත් එක් රජෙක් කඩොල් ඇතාගේ දළදෙක හමුවුනු බවත් එය රාජ්‍යත්වයේ සංකේතයක් බවත් රටපුරා අණබෙර වැයුවේය, ඒත් රජ මේනියාව නිසාය. උන්නැහේට වුනු අබග්ගය නොදන්නේ 2000න් පසු ඉපදුනු උන් පමණකි. දුටුගැමුණුගේ කඩු හොයන උන් මේ රටේ මිනිසුන් තවමත් දුටුගැමුණුට වඳින්නේ දුටුගැමුණු මැරෙණ තෙක් රටට වැඩකල නිසා බව නොදනිති. නාකි එළාර සමග කළ කඩු ෆයිට් එකෙන් පස්සේ දුටුගැමුණු කුමාරයා වීරයා වුනු බව උන්නැහේලා හිතාගෙන සිටියත් ෆයිට් එකෙන් පස්සේ අපෙ කුමාරයා අම්බිකාලා වටකරගෙන, ගංජා යහලුවන් සමග පිස්සු නැටුවානම් මහාවංශයේ දිගම චැප්ටර් එක එළාර වෙනුවෙන් ලියැවෙන්නට ඉඩ තිබුණු බව අමතක කරති.

Wednesday, August 24, 2011

ගඩාෆිගේ බලකොටු වැනසෙයි:ට්‍රිපොලි අගනුවර නිදහස්! අනේ ඉතින් මොකද කරන්නේ?




ගඩාෆියාට පැනයන්නට සිද්දවුනේ නේටෝ සංවිධානය කෙලින්ම ගඩාෆි පැන්නීමට උදව් කිරීම නිසාය.

රටේ සියලු මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තමන්ට ඕනෑ විධියට නටවාගත්තත්, විරුද්ධ අදහසක් ඉදිපත්කරන, කතාකරන ඕනෑම එකෙක් දේශද්‍රෝහියෙක්, ස්ත්‍රී දූශකයෙක් වංචාකාරයෙක් බවට බොරු සාක්කිවලින් ඔප්පුකරත්, හොරුන්, මිනීමරුවන්, ස්ත්‍රීදූශකයින් නීතිපති ලව්වාම නිදහස් කරවාගෙන, උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය පවා රබර් මුද්‍රාවක් කරගත්තත් වැඩක් නැත. යන්නට වූ විට, යන්නට වෙන්නේ හමුදා උත්තමාචාර මැද නොව, පැදුරටත් නොකියා කානු අස්සෙන් රිංගාගෙන පණ ගැහි ගැහීය.

මේ සත්‍යය ගඩාෆිට පමණක් නොව ගඩාෆිගේ අතිජාත කිහිලිකරුතුමාටත් පොදුය. ගඩාෆිට යන්නට වුනේ බලසම්පන්න විපක්ශයක් නිසා නොව නේටෝ සහය ලැබූ අවිගත් පක්ශයක් නිසාය. විපක්ශයේ පක්ශ කුඩුපට්ටම් කොට, එකිනෙකා කොටවමින් උන් මරාගන්නාවිට කාළකන්නි සතුටක් ලබමින් ගතකරණ ස්වයංවින්දන සුරාන්තය සදාකාලික නැත. ගඩාෆි ගෑනු බොඩිගාඩ්ලා වටකරගෙන දශක ගණනාවක් මිනීමරමින් පිස්සුකෙලියේ ලිබියාවේ මහරජා ලෙසිනි, නැත්නම් කාලිෆ් උන්නැහේ ලෙසිනි. ගඩාෆිට ඉහලින් කපුටන් පියාඹන්නට ගත්තේත් නේටෝ ප්‍රහාරක යානා ලිබියන් ගුවනේ ගුවන් කරණම් ගසන්නට පටන් ගත්තාට පසුවය.

පාර වැරදී අපේ ගුවන්සීමාවට යාන්තමින් ඇතුලුවුනායයි කියන අමෙරිකන් ප්‍රහාරක යානා නිසා රජතෙම  හා අවසේස ගැරඬි රැළ සරම තෙමාගත්තේ ඇයිදැයි දැන් පැහැදිලිය. ඇමරිකන් ගුවන්යානා හෙළ අහස්කුස පිනුම් ගසන්නට පටන්ගත් දිනක පොලියට ණය දෙන චීනා ගඩාෆිතුමාව අමතක කලාට වඩා ලේසියෙන් තමාව අතහැරදමන බවද, ඉන්දියන්කාරයාද අහක බලාගෙන ඉන්නා බවද රජතෙමේ කාටවත් නොකීවාට හොදින් තේරුම්ගෙන සිටී. එදාට රුසියාවද ප්‍රකාශ නිකුත්කරනවාට වඩා දෙයක් නොකරනු ඇත.

එවැනි සංගදියක් වූ කලෙක බිස්කට්වංශ පවා කැවුම් පෙට්ටියක් කරතියාගෙන බිරින්දෑවද ඉස්සරකරගෙන ඇමරිකන් තානාපති කාර්‍යාලයට නෑගම් යන බවද එතුමා දනී. එදාට යන්නට වෙන්නේ ඩිෆෙන්ඩර් වටකරගත් රෝල්ස්-රොයිස් වලින් නොව කකුල් කෙටිදෙකේ හයියෙනි. 

අටලෝ දහම දන්නා හොඳ බෞද්ධයෙකු වන එතුමා හැමදෑම ජොගින් යන්නේ කවදා හෝ පිහිටවන්නට තිබෙන කකුල්කෙටි දෙකේ සක්තිය රඳවාගන්නට වන්න පුලුවන. උතුමාණෙනි, මුබාරක් ගියා, ගඩාෆිත් ගියා, රස්ෆන්ජානිලා  අසාඩ්ලා වුවත් මේ අවුරුද්ද ඉවරවෙන්නට කලින් යන්නට ඉඩ ඇත. වෙනුසුවේලාවේ චාවේස් උන්නැහේගේ කයියද දැන් දැන් අඩුවී ඇත්තේය. එම නිසා විපක්ශ කුඩුපට්ටම් කොට මට විරුද්ද මොකෙක්ට වත් ඔලුව උස්සන්න හම්බුවෙන්නේ නෑ කියමින් තමුන්වම රවටාගන්න එපා යයි ආයාචා කරන්නට වුවමනාය. අද ආණ්ඩුව ගලවාගන්නට එලවලු වැවීමේ, කාණු සෑදීමේ සිට පේමන්ට් කාරයන් පැන්නීමේ හා ග්‍රීස් යක් නැටුම් නැටීම යනාදී කෝකටත් ඉන්නා හමුදාවද කොතැනක නවතීදැයි කියන්නට බැරිය. මුන් එකෙක් වත් විස්වාස නොකල යුතුය. විශ්වාස කලයුත්තේ නිවැරදිදේ කිරීම නිවැරදි බව පමණකි.

වෙලාව ආවිට රනිල්ද, සජිත්ද, කරූද නොව පිටකොටුවේ නාට්ටාමි කෙනෙකු වටා වුවද රැල්ල හැදෙන්නට  පුලුවන් පමණක් නොව නාට්ටාමිගේ රැල්ලට පහුගිය දොහේ වැරදිලා මේ පැත්තට පාවුනු ඇමරිකන් එෆ්-18 යානා බැකප් එක දෙන්නටද බැරිකමක් නැත. එමනිසා දැන්වත් බොරු නවත්වා පවුලට නොව රටට සේවය කරන්න.

Thursday, August 18, 2011

[ආශ්චර්යයේ කොදෙව්ව] කොරියානු රැකියා පුරප්පාඩු 50යි: අයදුම්පත් 50,930යි!

උපුටාගැනීම : ලංකා නිවුස් වෙබ් 18/08/2011, 7:28 AM


ලැබුණු පුරප්පාඩු 200න් 150ක් ආණ්ඩුවේ ලොක්කෝ බෙදාගෙන. ඉතුරු 50ට අයදුම්පත් 50,930ක්.



Sunday, August 14, 2011

කරු සජිත් එජාපය ගොඩගයිද?

හැට වසරක් පැරණි එජාපයට සිදුවී ඇති සන්තෑසිය පිලිබඳව මුලු රටම කතාකරයි. විශේෂයෙන්ම ආණ්ඩු පක්ශයේ අයත්, පත්තර වෙබ් අඩවිත් කතාකරයි. පාක්ශිකයන් බොහෝදෙනෙක් නිහඬව ඉන්නේ කතාකරලා වැඩක් නැති බැවිනි.  

ඕනැ මගුලක් කරගත්තදෙන්...පොදු මහජනතා පාක්ශිකයා පැත්ත්කටවී නිහඬව සිටිනවා පමණක් නොව චන්දපොල පලාතේ යන්නේ නැත. චන්දපොලට නොයන එජාප පාක්ශිකයාගේ චන්දය ග්‍රාම-නිළධාරීන් සමග එක්වූ ආසනයේ ආණ්ඩුපක්ශ සොරදෙටුවා එක්කෝ  සොරකම් කරයි නැතහොත් නම චන්දලයිස්තුවෙන් කපාදමයි. 

පක්ශය තුල පැහැදිලි පිල්බෙදීමක් ඇති අතර රනිල් පිල, සජිත්/කරු පිල හා දිනන පැත්තට පනින්න බලාගෙන දෙපැත්තම හොරෙන් කන පිල වශයෙන් ප්‍රධාන පිල් තුනකට පක්ශය බෙදී ඇති අතර රජපසතුමාට හොරෙන් ඉන්ෆොමේශන් දෙන අනු කුලකයක්ද ඔය සැම පිලක් තුලම සිටී. රජපසතුමා පිල් එකිනෙකා හා කෙටවීම සඳහා ඉහතකී හොර ඒජන්තයන් භාවිතාකරන අතර පක්ශය තුල සිදුවෙන සෑම රහසිගත සාකච්චාවකම තොරතුරු තමන්හට වහාම වාර්තාවෙන ආකාරයට සිය චරපුරුශ ජාලය සකසාගෙන සිටී.

මේ චරපුරුශ ජාලයෙන් ලැබෙන තොරතුරු අනුව එජාපය සදාකාලිකවම විපක්ශයේ තබාගැනීමේ කූට වැඩපිලිවෙලක් එතුමා ගෙනයයි. ඔය වැඩපිලිවෙලේ නූතන පරිච්ඡේදය ඇරඹුනේ එජාපයේ පිරිසක් පක්ශය කඩාගෙන එතුමාගේ දෑත සක්තිමත් කරන්න සල්ලි පොට්ටනිත් එල්ලාගෙන පැනගත් වහාමය. එකල  රජපසතුමා සිය සහය තිබුනා බව පෙන්වූයේ සජිත්ටය. මෙය නොදත් මෝඩ ශ්‍රී ලංකාකාරයෝ   "සජිත් හේමා ප්‍රේමදාස එක්ක ජනාධිපතිතුමා හමුවෙන්න ගියා ශ්‍රිලන්කා එකට බැදෙන්න, ජනාධිපතිතුමා එයාව ගත්තේ නෑ ...ඔයා කවදාහරි ඔය පක්ශයේ නායකයා වෙන්න ඉන්න කෙනා...ඔයා පක්ශය දාලා මෙහෙ එන්න එපා....කියලා ජනාදිපතිතුමා සජිත්ට උපදෙස් දුන්නා.." යයි කිව්වේ මහත් ආඩම්බරයෙනි. අපේ ජනාදිපතිතුමා එතරම් සර්වසාධාරණයි. පක්ෂෙට වගේම විපක්ෂෙටත් ආදරයි. 

ජනපතිතුමා එජාපයේ අනාගතය ගැන එතරම් දුරට සිතාබලා තිබුණි. අනාගතයේ නායකා වෙලා තමන්ට තරඟයක් දෙන්න ඉන්න එකාව බාගන්නවා වෙනුවට එතුමා පියෙකු මෙන් සජිත්ට ඔවදන් දුන්නේ එජාපය ගැන එතුමාට තිබුණු අවංක හැඟීම, ආදරය නිසාම වෙන්න ඇති. බලාගෙන ගියාම අරටු යූඇන්පී කාරයන්ටත් වඩා පක්ශයේ අනාගතය ගැන වොරි වෙලා තියෙන්නේ රාජපක්ශ ජනාධිපතිතුමාය. එතුමාගේ හැටි එහෙම බව අපි දන්නවාය. එතුමා එතුමාගේ පවුල ගැන ඇරෙන්නට අනෙක් හැමදේම ගැන වොරිකරමින් සිටින උතුම් නායකයෙකි.

ඒ එදාය, එදා සජිත් නිකම්ම නිකන් හම්බන්තොට මන්ත්‍රීතුමාය. රනිල්ට චැලෙන්ජ් එකක් දෙනවා තියා හිතන්නටත් බැරි තැනකය එදා සජිත් හිටියේ. එහෙත් අද සජිත් එජාපයේ ඉහලම නායකයෙකි. එජාපයේ අද තුන්වැනි නායකයා සජිත්ය.  හරිනම් දැන් සජිත් ගැන වැඩියෙන්ම ආඩම්බර වෙන්නට ඕනා අපේ ජනාධිපතිතුමාය. එතුමාගේ අනාවැකිය හිතුවාටත්වඩා ඉකමනට හරියාගෙන එන බැවිනි. ඒත් අද එතුමාගේ නිළනොවන සහය හිමිවන්නේ එදා ආදරයෙන් ඔවදන් දුන් සජිත්ට නොව රට පාවාදුන් නූතන දොන් ජුවන් ධරමපාල ලෙස එතුමාම හා ගෝලබාලයෛන් හඳුන්වාදුන් රනිල්ටය.

මා ඔය අතීතකතාව මෙනෙහිකලේ සජිත්ට හා කරූට මුහුණදෙන්නට වෙන අභියෝග ගැන කතාකරන්නට ආරම්භයක් ලබාගන්නටයි. රාජපක්ශ ජනපති යනු තමවාසියට ඕනැම දෙයක් දෙපාරක් නොසිතාකරන්නට සූදානම් චරිතයකි. ඔහු කියනා එක වචනයක් හෝ විශ්වාස කරන්නට සූදානම් වන යූඇන්පී කාරයෙක් ඉන්නවානම් ඔහු සැබැවින්ම පක්ශයට ද්‍රෝහියෙකි.

අද රජයට කඩේයන සියලුම මාද්ය (රාවයද ඇතුලුව) සජිත්ට හිනාවෙන්නේ, පහරගසන්නේ එජාපයට හුස්මක් පිබින්නට සමත් එකෙක් ඇත්නම් ඒ සජිත් ප්‍රේමදාස බව තේරුම්ගෙන ඇතිනිසාය. සජිත් පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්ණ ගැන හිනාවෙමින් "අහවල් ගමේ අහවල් පාරට තාර දමන්නේ කවදාද?" වැනි සිල්ලර ප්‍රශ්ණ අසන බවත් ජාතික වැදගත් කමක් ඇති ප්‍රශ්ණ නාසන බවත් රජයෙන් පඩිගන්නා අතරම ස්වාධීන පත්තරකාරයින් ලෙස පෙනී සිටින්නන් මාගල් වැනි ලිපි ලියමින් දොස්නගයි. මෙහෙව් සජිත් ජාතිකනායකයෙකු වෙන්නට දැඟලීම විහිලුවක් බව කියයි. 

පාර්ලිමේතුමන්ත්‍රීවරයෙකුගේ වගකීම තම ආසනයට සේවයකරමින් ආසනයේ මිනිසුන්ගේ ගැටලු පිලිබඳව පාර්ලිමේතුවේදී ප්‍රශ්ණ අසමින් ඒවාට විසඳුම් සොයාදීම බව අද සජිත්ට බණිමින් හිනාවෙන බොහෝ අමන බුද්ධිමතුන් හට අමතක වීඇත. 

ගමට වැඩක් කරන්නට බැරි ගමේ පාරක නමක් ඇණිකට් එකක් තියන තැනක් දන්නේ නැති එකෙක් රටේ ප්‍රශ්ණ හරියාකාරව තේරුම් ගන්නේ කෙසේදැ අසන්නට රජපස ඇජෙන්ඩාවට වැඩකරන ලියන අප්පුලාට වෙලාවක් නැත.


අවුරුදු දහපහලොවක් පාර්ලිමේන්තු මන්ත්‍රිකෙනෙක් වී සිට, ගමේ ප්‍රශ්න කිසිවක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් නොකර, රටේ ප්‍රශ්ණ ගැන පමණක් බොරු බයිලාගසමින් සිටි පුද්ගලයෙකු රටේ නායකතවයට පත්වූවිට සිදුවන විනාශය දැන් අප ඇස්පනාපිට ඇත. හම්බන්තොර මන්ත්‍රී ලෙස කල්පයක් ගතල අප රජතුමා සිය පලාතට කල මගුලක් නැත. හම්බන්තොට රටේ දුප්පත්ම පලාත වෙලත් එතුමාට සිය පලාතේ දුප්පත්කම ගැන ප්‍රශ්ණ අසන්නට වෙලා නොතිබුනේ මන්ත්‍රී කලයේදී රටේ ප්‍රශ්ණ විසදන්නට වලිකැ නිසාවන්නට ඇත.

එතුමා හම්බන්තොට මන්ත්‍රී රාජකාරිය පටන්ගත්තේ ජනාධිපති වූවාට පසුවය. රටටම ලැබිය යුතු දේවල්, රටපුරා බෙදීයායුතු සම්පත් එතුමා හම්බන්තොටට පමණක් යොදවමින් සිටින්නේ එතුමා නියමාකාරයෙන් හම්බන්තොට මන්ත්‍රී ලෙස සිතන්නට පටන්ගෙන ඇත්තේ දැන් බැවිනි.

එජාපයට ආදරය කරන මිනිසුන් ආන්ඩු පක්ශය පතුරුවන බොරු ගණන්ගත යුතු නැත්තේ එබැවිනි. මන්ත්‍රී කාලයේ සිය මන්ත්‍රීකමේ වගකීම හරියට දැනගෙන වැඩකල සජිත් ජාතික නායකයෙක් වුනු විට එහි වගකීම්ද නිවැරදිව හඳුනාගෙන වැඩකරන බවට විශ්වාසයක් එජා පාක්ශකියන් ඇතිකර ගැනීමට බිය විය යුතු නොවේ.

රජපස ඇජෙන්ඩාව වන්නේ සජිත්ට හා කරූට පහරගසමින්, එජාපය තුල සිටිනා සිය ඒජන්තයන් ගේ උපකාරයෙන් කෙසේ හෝ රනිල්ව පුටුවේ රඳවාගෙන පක්ශය තවත් දියකර හැරීමයි. නාමල ඉහලට පුම්බන තෙක් එජාපය වැරහැලි පක්ශයක් ලෙස තබාගැනීම අනිවාර්‍යවන අතර එය කලහැකිවන්නේ රනිල් පුටුවේ ඉන්නාතෙක් පමණකි. රනිල් චුතවී, රනිල්ගේ චෞර ගෝලයින් මුල් පුටුවලින් විසිවූවිට එජාපය වේගයෙන් ඉහලට නැගීම වැලක්විය නොහැකිබව රජපසතුමාගේ තීක්ශණ දේශපාලන නුවණට වැටහී නැත්නම් පුදුමයකි.

සල්ලි කෝටිගණන් විසිකරමින් නාමල් හට හම්බන්තොට ප්‍රදේශයේ දුප්පත් ජනතාවට කල නොහැකි වුනු සේවයක් සජිත් සිදුකොට ඇත. රාජපක්ශලාගේ අඩවීයේ ඉහගහගෙන සිටිමින් කිසිවෙකුට අභියෝගකල නොහැකි බව පැවසෙන නාමලගේ හම්බන්තොට ආධිපත්‍යයට අභියෝග කල හැකි තත්වයක සජිත් සිටින්නේ ඔහු පිටුපස ජන බලවේගයක් තිබෙන බැවිනි. අත්දැකීම් අති කරූ හා වගකීම් දන්න සැබැවින්ම ජනප්‍රිය සජිත්, වැඩක් නොදන්නා,  පාදඩ යහලුවන් පිරිවරාගෙන සිටින, සල්ලි මිටිපිටින් විසිකරමින්, බුරියානි පැකට්, අරක්කු හා ලංගම බස් නොමැතිව මිනිසුන් සීයක් එක් තැනකට ගෙන්නා ගන්නට හැකියාවක් නැති සිය පුත්‍ර නාමලට අභියෝගයක් වීම වැලක්වීම රජපස ස්ට්‍රැටජිය බව එජාප පාක්ශිකයි වටහාගත යුතුය.



Thursday, August 11, 2011

ඩබල් ඩොක්ටර්ට ජයවේවා!


එතුමාට තවත් ඩොක්ටරේට් එකක් ලැබිලාය. ඩොක්ටරේට් එකක්වත් නැති, යන්තම් මාස්ටර්ස් ඩිග්රියක් විතරක් ඇති අපි දැන් ඊරිසියාවේ පුපුරමින් බ්ලොග් පෝස්ට් ලියනවාය. අපි වගේ ඊරිසියාකාරයෝ මාර දේසද්‍රෝහීන් වෙති.

එතුමාගේ බුද්දි මහිමය ගැන අපට වඩා ස්ලැවික් රුසියානුවන්ටත් මැන්ඩරින් චීනුන්ටත් තේරුම් ගිහින් තියෙන එක හොඳය. මේතරම් වටිනා පංචස්කන්ධයකට...සොරි....නැණ පහන් කන්දකට ගෞරවයක් ලැබුනාම හිනාවෙන්න බ්ලොග් ලියන්නේ උන්ට තරම් දැනුමක් අපට නැති නිසාය. අනික ඩොක්ටරේට් එකක් වෙනුවට දෙකක්ම හම්බුවුනාම රටට මහත් ගෞරවයක් නොවේද? ඔබාමා නිකම් කළු කෝට් ලොයර් කෙනෙක් වුනාට අපේ රජතුමා ඩබල් ඩොක්ටර් කෙනෙක්නෙ...

දැන් එතුමා ඩබල් එකේම කියුබාවට හරි වෙනුසුවේලාවට හරි ගියානම් තවත් ඩොක්ටර් පට්ටමක් ලැබෙනවා සුවර්ය. ෆිඩෙල් අයියා ඔත්පල වෙලා නිසා රාවුල් කැස්ට්‍රෝ මල්ලි රාෂ්ඨ්‍රපාලනය පිලිබඳව ගුරුහරුකම් ගන්නේත් අපේ රජතුමාගෙන් නොවැ. එතකොට ඩබල් ඩොක්ටර් ට්‍රයි-ඩොක්ටර් වෙනවාය. ඔහොම ට්‍රයි-ඩොක්ටර් වෙලා ඉඳලා ඉඳලා කම්මැලි හින්දා උතුරු කොරියාවට හරි බුරුමෙට හරි ගියොත් ඔන්න එහෙනුත් ඩොක්ටරේට් එකක් ලැබෙනවාමය. එතකොට හතරක් තියෙන නිසා ක්වඩ්-ඩොක්ටර් ය. රටටම මාර ආතල්ය. පේමන්ට් වල කිරිබත් උයන්න තරම් සොමි වැඩක් නොවෙද එය? එතකොට හරියට ඉන්ටෙල් ප්‍රොසෙසර් කොම්පැණියේ ක්වඩ්-කෝර් ප්‍රොසෙසර් එක වගේය, පරණ වෙලා අවුට්-ඩේටඩ් වුනත් තාම නියමෙට වැඩකරනවාය.

ඉතින් අපේ ක්වඩ් ඩොක්ටර්තුමා ප්‍රජාචන්ච්‍රවාදය සුරකිමින්, දැහැමෙන් හමුදා-හයියෙන් රටපාලනය කොරගෙන ඉන්නකොට ඉරාන් කාරයාත් එන්න කියනවාය. ගිහින් බැලුවාම තව ඩොක්ටර් පට්ටමක් හා "ඩිප්ලෝමා" කියලා තඩි අකුරෙන් ගහපු සහතිකයක් දීලා මුස්ලිම් රටක් නිසා ගැහැණුන් ගෞරවය රැකගෙන පැත්තක ඉන්දැද්දී පිරිමි එතුමාව බදාගෙන ඉඹිනවාය. දැන් පහක් තියන නිසා පෙන්ටා ඩොක්ටර්ය. තවත් කසිකබල් රටවල් දෙකතුනක්ම තියෙන නිසා එතුමාට ඩොක්ටරේට් හතක් යනකම් යන්නට පුලුවන්ය. එතකොට තොටගමුවේ රාහුල හාමුදුරුවෝ ශඩ්-භාශා පරමේශ්වර වූවාසේ අපමහා රජතුමාට ශඩ්-ඩොක්ටර් පරමේශ්වර වන්නට පුලුවන්ය.

ඊරිසියා කාරයෝ බ්ලොග් ලියත්වා!!!




Wednesday, August 10, 2011

ආශ්චර්‍යමත් රන් දිවයිනෙන් බලුමස් කන කොරියාවට පනින්නට වලිකන අසරණ රැළ

කොරියාවට පැනගෙන කුලීවැඩක් හෝ කරගන්නට අවස්ථාවක් උදාකරගන්නට විභාගයකට පෙනී සිටින්නට අයදුම් පතක් ගන්නට ආ අසරණයි රැළක් නිසා සිදුවූ අබග්ගයක් පසුගියදා පත්තරවල පලවිය.

දැන් රජතුමාගේ නිළ පත්තර කඩමාල්ලේ කි‍යැවෙන පරිදි මේ සඳහා ඇප්ලිකේසන් 45,000ක් කොරියාවෙන් ගෙන්නවා ලඟම කඩෙන් ගන්නට පහසුකම් සලස්වා ඇත.

කොටියා පරදවා, අදිරාජ්‍යවාදීන් සමග බැටල් කරන ගමන් රටපුරා හෝටල් හදමින්, හෙලුවැලි මුහුදුවෙරලවල් ඇති කරන්නට පිඹුරුපත් සකසමින් ආර්තිකය නියම ට්‍රැක් එකට දාගන්නට රජතුමා ගන්නා දහිරිය මුන් රැළට නොපෙනෙන්නේද? ටිකක් ඉවසන්නට බැරිද? බඩ ගැන නොහිතා  රට ගැන හිතන්නට යයි හෙළ පඬිවරුන් පෝස්ටර් ගසමින් දුන් උපදෙස් මේ ලුම්පන් ගාලට අමතක වී ඇත්තේ ඇයි?

හෙට අනිද්දා එන ආස්චර්යයට පයින් ගසා බලු මස් කන කොරියාවට පනින්නට හදන වැඩි දෙනෙකු සිංහල බෞද්ද තරුණයින් නොවේද? ඇයි මුන්ට මේ තරම් මේ ආස්චර්‍යමත් රට එපා වී ඇත්තේ? රට හදන්නට උඩ පැන පැන මේ හොර හැත්තට චන්දේ දුන්නේ, පිලුණු බත් ගොටු ගිල දමමින් කැම්පේන් ගියේ මුන්ම නොවේද? ඇයි දැන් මේ හැදීගෙන එන අසිරිමත් ආර්ථිකය ඊලඟ වංගුව පනිනකන් ඉන්නේ නැතුව කොරියා යන්නට දඟලන්නේ?

කොරියන් පනින්නට හදන එකේ හෙලුවැලි බීච් එකක බීච් බෝය් කෙනෙක් වෙලා නාකි සුද්දියක් (හෝ සුද්දෙක්) ඇඟ උඩ නග්ගාගෙන කීයක් හරි හොයා ගන්නට සූදානම් වූවානම් නරකද?  දේශීය ආර්ථිකය කියන්නේ හෝටල් වල වේටර්කම් කිරීම, බීච් බෝය් ජොබ් එක, හෝටල් වල ස්විමින් පූල් සුද්දකිරීම, තණකොල කැපීම වැනි සේවා අංශයේ රැකියා නොවේද? මේ මෝඩ රැළට එය අවබෝධකර දෙන්නට දේශීය චින්තකලාට වත් යම් වැඩ පිලිවෙලක් නැද්ද?

රාජපක්ශ රජය මොනතරම් කයිවාරු ගැසුවත්, පත්තර පිටු පිරෙව්වත්, කඩේ යන චැනල් හරහා මොනතරම් සංවර්ධනයක් මවා පෑවත් ඇත්ත කතාව වන්නේ මේ රටේ කොල්ලන්ට කෙල්ලන්ට මේ රට තිත්ත වී ඇති බව නොවේද? මේ මිනිසුන් ආණ්ඩුවට චන්දය දුන්නේත්, දෙන්නේත් ඇයි දැයි දැන් ඉතා පැහැදිලිය.

ඇප්ලිකේශන් එකක් ගත්තාම කොරියාවට යන්නට විසා ලැබෙනවා වැනි අසරණ අහිංසක සිතුවිලි හිත්වල පුරවාගෙන ඉන්නා මේ මිනිසුන් ආණ්ඩුවට චන්දය දෙන්නේ රට ගැන හිතා නොව චන්ද කාලෙට ගමට එන ආණ්ඩු පක්ශයේ පල් හොරුන්ගේ බොරු පොරොන්දු වලට රැවටිලාය. රජයේ රැකියා සඳහා බොරු අයදුම් පත් ලක්ශ ගණනක් බෙදා හැර, ඒවා පුරවලා චන්දෙ දුන්නොත් රස්සාව ශුවර් යනුවෙන් මේ හැම එකාටම බොරු පොරොන්දු දී ඇත.

දැන් ඒ බොරු පොරොන්දු ඉටු නොවන බැව තේරුම් ගොස් ඇති හෙයින් මේ අසරණයින් හට ගොඩ එන්නට ඇති එකම මග කෙසේ හෝ පිටරටකට පැන ගැනීමේ සිහිනයයි.  හැම චන්දයක්ම දිනුවේත්, අනාගත චන්ද දිනන්නේත් මේ අහිංසකයින් රවටලාය. වෙන කරන්නට දෙයක් නැති තරමටම අසරණ නිසා උනුත් දැන දැනම මේ බොරු බේගල් වලට රැවටෙන්නේ අඩුම ගණනේ සිහිනයක් සමගින් ජීවත් වීම කිසිවක් නොමැතිව ජීවත්වනවාට වඩා හොඳ බැවින් වන්නට ඇත.



Tuesday, August 9, 2011

ඇමරිකන් ගුවන් යානා ආක්‍රමණය

මේ ඊයේ පෙරේදා ඇමරිකන් ගුවන් යානා දහයක් ශ්‍රි ලංකා ගුවන්සීමාව ආක්‍රමණය කළබව පැවසේ. අමෙරිකානු රජය මෙය ප්‍රතික්ශේප කොට නිවේදනයක් නිකුත්කලත් අපේ රට එය භාර ගැනීමට සූදානම් නැත. මේ අතර අන්තර්ජාලයේ සයිබර් දේශප්‍රේමීන් මේ නිර්ලජ්ජිත අමෙරිකානු ආක්‍රමණයට විරුද්ධව දැවැන්ත අරගලයක් ආරම්භ කොට ඇති බව පෙනේ. ඉතාමත්ම දේශහිතයිෂී සී නිවුස් වෙබ් අඩවිය වැනි අඩවිවල සයිබර්-විරුවන් ඇමරිකන් ගැති දේශද්‍රෝහීන්ගේ අම්මා මුත්තාගේ සිට නාථ දෙවියන්, නලින්ද සිල්වා මහාචාරිය තුමාද සිහිපත් කරමින් සිය හැදියාව පෙන්වමින් සිටී.

මේ චෝදනා, අඬහැර, රණගොස අස්සේ සැබැවින්ම සිදුවුනේ කුමක්දැයි කවුරුන්වත් නොදනිති. මේ ලියන මාහට පවා ඇත්තේ අනුමාන පමණකි.

තතුදත් ආරංචිමාර්ග පවසන අන්දමට අමෙරිකානු නාවික හමුදාවට අයත් නිමිට්ස් කාණ්ඩයේ (Nimitz Class) න්‍යශ්‍ය්ඨික බලයෙන් ක්‍රියාත්මක වෙන රොනල්ඩ් රීගන් ගුවන්යානා ගෙනයන නෞකාව මගින් ඉන්දියන් සාගරයේ යුධ අභ්‍යාසයක් හෝ පුහුණු සැසියක් පවත්වා ඇත. ශ්‍රි ලංකාව ගුවන්සීමාවට ඇතුලුවන්නට ඇතැයි සැකකෙරෙන්නේ රොනල්ඩ් රීගන් නෞකාවෙන් ගුවන්ගත වූ යානා දහයකි.

රොනල්ඩ් රීගන් ගුවන් යානා ගෙනයන නෞකාව යනු ගුවන්යානා හා හෙලිකොප්ටර් අනූවකට අධික සංඛ්‍යාවක් ගෙනයාහැකි, නැවියන් 5680 සමග යාත්‍රාකරණ දැවැන්ත පාවෙන ගුවන් කඳවුරකි. මෙහි ගෙනයන යානාවලින් වැඩි හරිය එෆ්/ඒ-18 සුපර් හෝර්නට් වර්ගයේ බහුකාර්‍ය ප්‍රහාරක යානායි. 

රොනල්ඩ් රේගන් නෞකාවෙන් ගුවන්ගත වෙන එෆ්/ඒ-18 ප්‍රහාරක යානාවක්
 රොනල්ඩ් රේගන් නෞකාවේ ගෙනයන යානා වර්ග පිලිබඳව නිවැරදි සංඛ්‍යාලේඛන සොයාගැනීම අපහසු වුවත් සාමාන්‍යයෙන් නිමිට්ස් කාණ්ඩයේ නෞකාවක එෆ්/ඒ-18 සුපර් හෝනට්  (F/A-18 Super Hornet) ප්‍රහාරක යානා 48ක් ගෙන යන අතර මීට අමතරව හෝක්-අයි (Northrop Grumman E-2 Hawkeye) ලෙස හඳුන්වන සතුරු ප්‍රහාර කලින් හඳුනාගත හැකි ගුවන් යානා 4ක්ද, ප්‍රව්ලර් (Northrop Grumman EA-6B Prowler) නමින් හඳුන්වන සතුරු රේඩාර් අඩපණ කරන ඉලෙක්ට්‍රොණික සටන් මෙහෙයුම් (electronic warfare) සඳහා යොදාගන්නා යානා 4ක්ද, වයිකිං (Lockheed S-3 Viking) ලෙස නම් කොට ඇති සතුරු සබ්මැරීන හඳුනා ගැනීමේ උපකණ ගෙනයන යානා 6ක්ද, දිගු දුර ඔත්තුබැලීම සඳහා යොදාගන්නා ලොක්-හීඩ් ශැඩෝ (ES-3A Shadow) වර්ගයේ යානා දෙකක්ද රැගෙන යයි. 

මේ අනුව බලන කල රොනල්ඩ් රේගන් නෞකාව අංගසම්පූර්ණ ගුවන් හමුදා මධ්‍යස්ථානයක් වන අතර එය සතු ප්‍රහාරක බලය හා සතුරන් අඩපණ කිරීමේ බලය මුලුමහත් ශ්‍රී ලංකා ගුවන්හමුදාවම සතු ගුවන් ප්‍රහාරක බලයට වඩා වැඩි බව ඕනෑම කෙනෙකුට සිතාගත හැකිය.

දැන් මෙම දේශසීමා උල්ලංඝණය සිදුකිරීමේ අරමුණ (අරමුණක් තිබුණායයිද අත්වැරදීමක් නොවේ යයිද උපකල්පණය කරමින්) සොයාබලමු.

1/ ශ්‍රී ලංකාව චීනයට හා රුසියාවට ලෙංගතු නිසා ලංකාවට සිය බලය පෙන්වීමට සඳහා.

2/ අනාගත ආක්‍රමණයක් සඳහා ශී ලංකා රේඩාර් හා ගුවන් ආරක්ශක පද්ධතිවල ශක්තිය උරගා බැලීම සඳහා.

3/ ශ්‍රී ලංකාව ප්‍රකෝපකොට රජය ලවා අන්තර්ජාතික ගැටලුවක් නිර්මාණය කරගැනීමේ උපක්‍රමයක් ලෙස.

මෙයින් පලමුවැන්න ගතහොත් අමෙරිකාව, ශ්‍රී ලංකාව චීන හිතවාදී රටක් බැවින් අපට බලය පෙන්වයි. මේ උපකල්පණයේදී අමෙරිකාවට චීනයේ වැදගත්කම හා චීනයට හිතවත් රටවල්වලට අරියාදුකොට චීනය කෝප ගැන්වීමෙන් අමෙරිකාවට ලැබෙන වාසිය සලකා බැලිය යුතුය. අමෙරිකාව දැන් සිටින්නේ ආර්ථික ආගාධයක පතුල සූරමිනි. අමෙරිකාව ණය ගෙවීම පැහැර හරින රටක් ලෙස හංවඩු ගැසීම ජනාධිපති ඔබාමා ඊයේ පෙරේදා නවත්වා ගත්තේ අනූනමයයි දශම නමයකිනි. ඒ හපන්කම කරගත්තේත් රජයේ වියදම් හා සහනාධාර බිලියන ගණනින් කපාහරින බවට පොරොන්දුවී කොන්ග්‍රස් හා සෙනේට් මණ්ඩල ලවා ණය ගැනීමේ සීමාව ඉහල දා ගැනීමට අවසර ලබාගැනීමෙනි. එනම් ගත් ණය වලට පොලී ගෙවන්නට තවත් ණය ගන්නට අනුමැතිය ලබාගැනීමෙනි. අමෙරිකාවත් ලංකාව වගේම ණය පොලී ගෙවන්නට ණය ගන්නා ලෝක ණය කාරයෙකි. එහෙත් වෙන්සකට ඇත්තේ රජතුමාට ණය දෙන්නට කෙනෙකු නැතත් ඔබාමාට ණය දෙන්නට ඔනෑතරම් පොලී මුදලාලිලා සිටීමයි. අමෙරිකවට ණය දෙන පොලී මුදලාලිලා අතරින් ඉදිරියෙන්ම සිටින්නේ කවුද? ...... ඒ අපේ හිත මිතුරු ධනවාදි කොමිය්නිස්ට් චීනයයි..... අපිට අරියාදු කිරීම කෙසේවෙතත් මේ මොහොතේ ණයක් අරගෙන ජාම බේරාගන්නට තිබෙන චීනය නොරොක් කරගැනීමට තරම් ඔබාමා වෘශභයෙකුද? අමෙරිකානු හමුදා නායකයින් අමෙරිකාවට චීනයේ වැදගත්කම නොතේරෙන්නේද?

අනාගත ආක්‍රමණයක් සඳහා අපේ ආරක්ශක පද්ධතිවල ශක්තිය උරගාබැලීම තවත් උපකල්පණයකි. අපේ පිදුරුතලාගල රේඩාර් පද්ධතියෙන් රිංගා අපව නිදිපැදුරේදීම නොකවුට් කරදැමීමට හැකි රේඩාර්වලින් සැඟවී යාහැකි යානා අමෙරිකාව සතුව නොමැතිද? රේඩාර් උපකර්ණ නොමග යැවිය හැකි යානා හයක්ම රොනල්ඩ් රේගන් නෞකාව සතුව ඇත. මේවා ඉදිරියට එවා අපේ රේඩාර් අවුල්කොට දමා මෙම "ආක්‍රමණය" සිදුවූවානම් අපට සාධාරණ සැකයක් ඇතිඅකරගත හැකිය. ඔසාමා මරාදැමීමට අමෙරිකානු හෙලිකොප්ටර් ආවේ ඉන්දියාව සමග ඕනෑම මොහොතක යුද්ධයකට සූදානම්ව සිටිනා පකිස්ථානයේ රේඩාර් යන්ත්‍රවලට පෙනී පෙනීද? මේ තර්ක අමෙරිකාවට සුදුහුණු ගෑම සඳහා ඉදිරිපත් කරණ යැංකි-ඩිකි තර්ක නොව සාධාරන තර්ක වන්න්නේය. අපේ රේඩාර් වල කෙරුවාව දැනගන්නට සුපර් හෝර්නට් දහයක් එවන්නට තරම් අවශ්‍යතාවයක් අමෙරිකාවට ඇතැයි මටනම් නොසිතේ.

ශ්‍රී ලංකා රජය ප්‍රකෝප කිරීමේ උපක්‍රමයක් ලෙස මෙය සිදුකලා යයි යන්න යම් සත්‍යතාවයක් තිබිය හැකි උපකල්පණයකි. ලෝකයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලින් ඉතා ලෙහෙසිම කාර්‍යය වන්නේ ශ්‍රී ලංකා රජය ප්‍රකෝප කිරීමයි. ක්‍රිකට් තරඟයකට ටිකට් අඩුවෙන් ලැබීම පවා රජය ප්‍රකෝප කරවන අතර හතරවටේ පිස්සු කෙලීමින් හත්පොලේ ගාගනියි. ඉන් පසු අතින් පාඩු කරගෙන මාධ්‍ය බැලයන් ලියනා ලිපි කියවමින් සැනසෙයි, අපි දිනුවා යයි සිතයි. ඒ අනුව ප්‍රකෝප උපකල්පණය නිවැරදි විය හැකිය. එහෙත් ලංකාව ප්‍රකෝප කිරීමට සුපර් හෝර්නට් යානා දහයක් සැතපුම් දහස් ගණනක් පියාසර කරවමින් පැට්රෝල් පුච්චනවා කියන්නේ පැට්රෝල් ගණන් මේ කාළයේ මහත් අපරාධයකි.

ඊට වඩා ගොඩාක් අඩු වියදමකින් අපේ රජය ප්‍රකෝප කරවාගෙන අන්තර්ජාතික විකට සංදර්ශණයකට තල්ලු කරගත හැකිය. නිව්යෝක් නුවර අඩු වියදම් කුලී කාමයක ලගිමින් පීසා හට් එකක අතුගාන වැඩේ කරන වැලේ වැල් නැතිවගිය කොටි හිතවාදියෙක් හමුවීමට අමෙරිකන් රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ පියන් කෙනෙකු යැව්වානම් ඉතා මනරම් සංදර්ශණ මාලාවක් නැරඹීමේ වාසනාව ලබාගන්නට තිබිණි. බිස්කට් වංශගේ උපවාස, රතන සාදුගේ රණගොස, චම්-පකගේ සුමධුර බිරීම් අසමින් ජාති වාත්සල්‍යය ඔප්නංවාගත හැකි අතර ඇමරිකාවට නකුට දෙපැරැන්දේ ගහගෙන රොනඩ් රේගන් නැවැත් ඇදගෙන දුවන්නට හිතන පොරටෝක් හා උද්ගෝසන බලාගන්නට තිබුණි.

මේ නිර්ලජ්ජී අමෙරිකානු ආක්‍රමණය මෙතනින් නවතින්නේ නැත. පිදුරුතලාගල කඳුමුදුනේ ඇමරිකන් කොඩිය ගසා, ත්‍රිකුණාමලය වරායේ රොනල්ඩ් රේගන් නැව ගාල් කොට, කෝටියක් වටිනා ත්‍රිකුණාමලයේ දිරච්ච තෙල් ටැංකිවලින් රොනල්ඩ් රේගන් නැවට හා ප්ලේන් වලට තෙල් ගසා ගන්නට ලැබෙන තෙක් ඇමරිකන් සුද්දා මේ ප්‍රකෝප කිරීම් සිදුකරණු ඇත.

දැන් ඉතින් කරන්නට ඇත්තේ අනාගතයේ එන සුපර් හෝනට් ආක්‍රමණය වලක්වාගෙන හෝර්නට්ලා පන්නා දැමීම සඳහා චීන ආධාර සහිතව හම්බන්තොට යෝධ අහස්කූරු කර්මාන්තශාලාවක් ආරම්භ කොට එය අඩුම ගණනේ තුන් පාරක් වත් විවෘත කිරීමයි.