Sunday, November 28, 2010

"නෝ ප්‍රොබ්ලම් ශ්‍රී ලංකා" - නහුතෙට ණයවී ආතල් එකේ සිටීම

දිනේෂ් ගුණවර්ධන ඇමති පාර්ලිමේන්තුවේ සභාගත කල විධියට පසුවුනු මාස 7 තුල, එනම් 2010 මාර්තුවේ සිට මේ වන විට රාජපක්ශ රජය කෝටි 434,750 ණය ලබගෙන ඇත. කෝටියක් යනු ලක්ශ සීයකි. එනම් මුලු මාස හතේදී නටපු සියලු ඩෙඟාවලට ගිරග්ග සමජ්ජ උත්සව වලට පුච්චන්නට ණයට ගත් සල්ලි කන්දරාව කජු ඇට කොස් ඇට නොව ලක්ශ වලින් නම් 43,475,000,000. මිලියන වලින් නම් 43,475කි (බිලියන 43කි ). මේ මාස හතකට රජපස වියදමයි. මාසෙකට රජාගේ හා රජාගේ පම්පෝරි සඳහා කාබාසිනියා කල මුදල දළ වශයෙන් 6,210,714,286. මිලියන 6210ක් නැත්නම් බිලියන 6කි. මාසෙකට බිලියන හයක් ණය ගෙන රෝල ගෙනියන රජතුමා විපක්ශයේ සිටි කාලයේ මෙන්ම චන්ද්‍රිකාගේ කැබිනට් එකේ ඇමති පට්ටමේ සැප විඳන ගමනුත් කියා සිටියේ මේ රට විදේශීය ණය උගුලක හිරවී ඇති බවය. රටට ආදරක් නැති පාලකයින් දරුවන්ගේ අනාගතය උකස් කොට සුද්දන්ගේ ණය ගෙන රට විකුණන බව කියමින් පාරවල් ගානේ රස්තියාදු වෙමින් කෑ ගැසුවා අපට මතකය (එතුමාට අමතක එතුමා මැරී ඉපදී ඇති නිසාය - රජවරු එහෙමය)

මේ ණය කන්දරාවෙන් ලක්ශ 18,033,000,000 එනම් බිලියන 18ක් ම විදේශ ණය බව රාජපක්ශලාට රෙදි නැතුව කඹුරන දිනේශ් කියා සිටියේ මුහුනේ කිසිදු ලැජ්ජාවක් නැතුවමය. පපුවට ගහගෙන සුද්දන්ට පලු යන්නට බනින රජතුමා සුද්දාගේ බැංකුවලින් ගිණි පොලිය ණයගෙන රටම නරාවලක ඇද දමමින් සිටියි. ආසියාවේ යෝධයෙකු බවට රට පත්කරන බවට වහසිබස් දොඩන්නේත් මාසෙකට බිලියන 6ක් ගිණි පොලියට ණය ගනිමින් ඩෙඟා නටන මේ උන්නැහේමය.

මේ වැනි රජුන් වෙන කිදිනකවත් මෙරට පහලවී නැත. මිහිං රජතුමා සත් බැලුම් බලා මේ කාලයේම කඩාපාත්වෙන්නට ඇත්තේ අපේ දරුවන්ගේ කරුමයට වන්නට ඇත. සාමාන්‍යයෙන් මෙවැනි කාබාසිනියා රජවරු බිහිවන්නේ අප්‍රිකාවේ නැත්නම් ලතින් ඇමරිකාවේය. එහෙත් අපේ පවු උන්ගේ පව් වලට වඩා වැඩි නිසාදෝ උන්නැහේ මෙහේ ඉපැදී ඇත.

Saturday, November 27, 2010

රජයේ සේවකයින්ට බදු ගසා කොම්පැණිවලට බදු අඩුකල ආදායම් බදු පිළිබඳ රාජපක්ශ චින්තනය

ප්‍රථම වතාවට 2011 බජැට්ටුවෙන් රජයේ සේවකයන් ඓතිහාසිකව ලැබී තිබුණු බදු නොගෙවා සිටිමේ වරප්‍රසාදය අහිමි කරන ලබන බව රාජපක්ස ජනපති නොබෝදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය. මෙසේ බදු ගෙවන්නට සිදුවන්නේ මසකට රුපියල් 50,000 වැඩියෙන් වැටුප් ගන්නා ඉහලපෙලේ රජයේ නිළධාරී වැටුපෙන් වුවත්, පොඩි රජයේ සේවකයාගේ සොච්චම් වැටුපෙන්ද බදු ගන්න "උපයන විට ගෙවීමේ බදු ක්‍රමයක්ද (PAYE Tax)" හඳුන්වා දෙන බවට එතුමා කිව්වේ ඒ හුස්මටමය. ඒ අනුව ලොකු පොඩි රජයේ සේවක සැමටම මින් මනතට, තම කරපිටින් වඩම්මාගෙන ආ රජතුමා ඇතුලු නඩයේ නඩත්තුව පිනිස බදු ගෙවන්නට වනු ඇත. එය හොඳ දෙයකි. වෙදාට ඔය රජයේ සේවක නෝනලා මහත්තුරු සුදු පිරිවට ඇඳගෙන මුට්ටි පිටින් තැපැල් චන්ද දමා දක්කාගෙන ආ මුන්ව නඩත්තු කරන්නට සිදුවුනේ පෞද්ගලික අංශයේ රැකියාව කරන අපට පමණකි. එම බර රජයේ සේවක උන්නැහේලාටත් දරන්නට වන විට ඊළඟ තැපැල් චන්දය ලකුණු කිරීමේදීවත් ටිකක් මොලේ කල්පනාවනු ඇතැයි සිතිය හැකිය.

තැපැල් චන්දවලින් කළගුණ සැළකූ කෘතවේදී රජයේ සේවකයාට බදු දමද්දී රජපක්ශ රජය ව්‍යාපාරික ප්‍රජාවට දක්වා ඇත්තේ මහත්වූ අනුකම්පාවකි. අනේ අපොයි මේ කොම්පැණි මහත්තුරු 35% බදු ගෙවන්නේ මොන අපරාධයක් කරාට දැයි මුදල් ඇමතිතුමා වසයෙන් රාජපක්ශගේ පපුව හෝස් ගා යන්නට ඇත. ඒ නිසා මෙතෙක් 30% සිට 35% පමණ වුනු ව්‍යාපාරික බදු 28% දක්වා අඩු කරමින් ඉදිරි වසර 6යේ රාජපක්ශ පාලනයේ මුල් තැන ලැබෙන්නේ බෙන්ස්වල බී.ඇම්.ඩබලිව් වල යන ඩිරැක්ටර්තුමන්ලාට මිස මොටෝ සයිකලයේ, බස් එකේ බඩගාන සරත්ලාට, පද්මාවතීලාට නොවන බව පැහැදිලිය. සරත්ලා පද්මාවතීලා ඕනෑවෙන්නේ තව අවුරුදු හයකිනි. ඉදිරි අවුරුදු පහමාර කොම්පැණිවලට සපෝට් එකදී අන්තිම මාස හයේදී මැරිලා ඉපදුනා මෙන් පොදු ජන හිතවතාවී උන්ට ආයෙත් නාස් ලනුව දමාගැනීම එතරම් අමාරු නොවනු ඇත.

එක අතකට කොම්පැණිවලට බදු අඩුකරන එක හොඳය, කොම්පැණිවලට කඹුරන අපට අඩුම ගනණේ සිංහල අවුරුද්දට, නත්තලට දෙන බෝනස් එක හරි ටිකක් වැඩිවෙනු ඇත. පඩි වැඩිකරන ලෙස කරන සේවක ඉල්ලීම වලදී වුනත් ටැක්ස් අඩුවීම හේතුවෙන් වෙනදාමෙන් "කොස්ට් එක හරි වැඩී, ඉන්ෆ්ලේශන් වැඩී" යනුවෙන් බොරු කියා පැනයන්නට අපේ ඩිරැක්ටර් උත්තමයන්ට අමාරු වෙනු ඇත. ඒ නිසා රාජපක්ශ ටැක්ස් චින්තනයෙන් අපිටත් වාසියක් සිදුවීම අගය කල යුත්තකි.

කැසිනෝවලට හා අරක්කු සිගරට් කොම්පැණිවලටද බද්ද 40%කි. එයද හොඳ දෙයකි. කැසිනෝවක හුළංවදින්නටවත් ආදායමක් නැති 99%වන ශ්‍රීලාංකික ජනතාවට ඔය කැසිනෝ ටැක්ස්වලින් ගැටලුවක් නැත. අරක්කු සිගරට් කවදත් ටැක්ස් වෙයි බොන එකා කීය දී හෝ බොන නිසාත් අඩුවට බඩු ඕනෑම බූටෑවක පලාතේ එජනිස ලොක්කාගේ අනුග්‍රයෙන් හිඟ නැතුව තිබෙන නිසාත් දුප්පතාට වුනත් අරක්කු ටැක්ස් එකෙන් කමක් නැත.

අවසාන වශයෙන් කිව යුත්තේ දෙවැනි පදවිප්‍රාප්තිය ලැබූ මේ පින්බර සමයේ රජතුමා සමාජවාදි හණමිටි බයිලා පැත්තක දමා බදු පිළිබඳ අලුතෙන් චින්තනයක් මවාගෙන ක්‍රියාත්මක කිරීම ඉතාම කාලෝචිත බවයි. මේ චින්තනය යටතේ තැපැල් චන්ද මාමිලාට නැන්දිලාට හොඳින් සලකා තිබෙන අතර චන්දෙ නොදීපු ප්‍රයිවෙට් සෙක්ටර් අපිටද ලොක්කන්ට අඬලා හෝ පොඩි ඉන්ක්‍රිමන්ට් පොජ්ජක් ලබාගැනීමේ ඉඩකඩ සලසා තිබීම පැසසිය යුතුමය.

රජපසතුමා ගැන කවදාක්වත් හොඳක් නොලියන කණ්ඩුලයාට මොකෑ මේ වුනේ කියා කළබල නොවන ලෙස මා සහෘදයින්ගෙන් ඉල්ලා සිටිමි. ටැබූ සීයාට මෙන් මට රජවාසලෙන් පයින්ඩයක් ආවේ නැත. පී ඇස් ඩීයෙන් හෝ සී අයි ඩීයෙන් (තවම) දොරට තට්ටුකලේද නැත. එහෙත් හොඳක් වෙලානම් නොලියා බැරි නිසා ලිව්වෙමි.

සැරදේ මහරජ! ඊලඟ බජට් එකෙන් අපේ කොම්පැනිවල බදු 20% පහත දමන්නේනම් පින් සිදුවනු ඇත. එතකොට ලබන අවුරුද්දෙත් ඉන්ක්‍රිමන්ට් ගැන හීනි බලාපොරොත්තුවක් තබාගත හැක. 120 ට 1.20ක් ආයුබෝවේවා!

බධා කරන මංත්‍රීවරුන් වෛද්‍යවරයා හමුවන්න - කථානායක ( හා උමතු මලයාගෙන් ප්‍රවේසම් වීම )

අද (27) ලක්බිම වාර්තාකරන විධියට ඊයේ පාර්ලිමේන්තු විවාදයේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රශ්ණයක් නගමින් සිටියදී ආණ්ඩුපක්ශයේ මන්ත්‍රීවරු කිහිපපොලක්ම එයට බාධා කොට තිබෙනවා. මෙයින් කිපුණු කථානායක බාධාකරන අය පල්ලේහා (පාර්ලිමේන්තුවේ) ඉන්නා වෛද්‍යවරයා මුනගැසිය යුතුබවට ප්‍රකාශකොට තිබෙනවා.

මෙයින් හැඟෙන්නේ මෙම මන්ත්‍රීතුමන්ලාට යම් මානසික රෝගයක් ඇතැයි යන්න කතානායක නොකියා කියනවා යන්නයි. කතානායකට මන්ත්‍රීවරුන් ගැන හොඳ වැටහීමක් තිබීම අපේ සතුටට කරුණකි. එහෙත් අපට කතානායකගෙන් ඇසිය යුතු ප්‍රශ්ණයක් ඇත. එනම් කතානායකගේ මල්ලී, එනම් විධායක රජතුමා වහාම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු හමුවිය යුතුනැද්ද යන්නයි.

මේ මානසික රෝගීන් පාර්ලිමේන්තු ආවේත්, ඊයේ පෙරේදා ඇමති පත්වීම් ලැබුවේත් විධායක මලයාගේ ආශීර්වාදයෙන් බව කතානායක හොඳින් දන්නවා නේද? එසේනම් එවැනි පිස්සන්ට රටේ භාරධූර වගකීම් පවරන මිනිහා මොනතරම් උමතු පුද්ගලයෙක් වෙනවා ඇද්ද?

උත්තරීතර පාර්ලිමේන්තු සභාඝර්භය තුලදීම භික්ශූන්වහන්සේ නමකගේ රහසඟව මිරිකමින්, මහ පාරේ ගහගනිමින්, කුඩා දරුවන් ඇතුලු මිලියන ගණනාවක් නරඹන රූපවාහිනී වැඩසටහන් වලදී බැඳපු ගෑණුන්ගේ කුක්කු ඉල්ලන මානසික රෝගියාට මහජන සම්බන්ධතා ඇමතිකමක් දුන්නේ මේ උමතු විධායක නොවේද?

පාර්ලිමේන්තුවේ ඉන්නා තරුණ, නූගත් සිඟලායින්ට දෝස්තරලා හමුවෙන්න යයි අවවාද කරන උගත් කතානායක තම මල්ලියාගේ උමතු වැඩගැන නිහඬව සිටින්නේ උන්නැහේගේ පිස්සුවේ තරම දන්න නිසාද?

කොහොම වුනත් කතානයක කර ඇත්තේ නුවනක්කාරමක් බව අපේ වැටහීමයි. "පිස්සෙක් මිනීමැරුවත් ඌට නඩුදාන්න බෑ, ඒ නිසා පිස්සොත් එක්ක පැටලෙන්න යන්න එපා". අප නාහෙට නාහන ගැටව් වුනු සන්දියේ එක් දිනක මහපාරේ යන ගෑණුට ඇඳිවත උනා පෙන්නමින් විකාර නැටූ උමතු මිනිහෙකු සමග පැටලෙන්නට ගියවිට එක වියපත් වැඩිහිටියෙකු අපට උපදෙස් දී අප වලක්වාලූයේය

කතානායක පිලිපදින්නේද මේ වටිනා උපදෙසමයි. ඔනෑ එකෙකුට කොටලා නඩු නැතුව යහතින් ඉන්න පුලුවන් උමතු රජා එක්ක පැටලී අනාගතය අඳුරු කරගන්නට කැමතිවන් නේ මොන මෝඩයාද? මලයා වුනත් පිස්සුනේ.

Monday, November 22, 2010

අලුත් කැබිනෙට්ටුවේ කොමිටල් තනතුරු බෙදිල්ල - Comical portfolio allocation of MR's 2nd cabinet

ලෝකෙ ලොකුම කිරිබත කාලා, නැව්වලට හුලං පිස්තෝල වලින් වෙඩිතියලා, කළාපීය දැවැන්තයෙකු වන බවට හිස් බස් දොඩවලා හැරෙන්නත් ඉස්සෙල්ලා අපේ කැකිල්ලේ රජතුමා, මහදැනමුත්තා ගෝලයින්ට තනතුරු බෙදුවා වගේ ඇමති තනතුරු බෙදලා දීලා තියෙනවා. මෙන්න බලන්න රට සීග්‍රයෙන් සංවර්ධනය කරා ඇදගෙන යන්නට පත්කල ආශ්චර්‍යමත් කැබිනෙට්ටුවේ තනතුරු නාඩගම;

පියසේන ගමගේ ජාතික සම්පත් ඇමති. නිමල් සිරිපාල ජලසම්පාදන හා වාරිමාර්ග. එතකොට ජලසම්පත් හා වාරිමාර්ග ජාතික සම්පතක් නෙමෙයිද? ඔය වැඩේ පියසේනටම කරන්න බැරිද? ඒ විතරක් නෙමෙයි වාරිමාර්ග සිරිපාලට දෙනකොට ඒ වතුරෙන් කරන ගොවිතැන දෙන්නේ මහින්ද යාපාට. ඒ මදිවට ගොවිතැන බාර මහින්ද යාපාට ගොවියට අත්‍යාවශ්‍ය කෘශිකර්ම සේවා බාරදීලා නෑ. ඒවා චන්ද්‍රසේනට. ඒ කියන්නේ ගොවියෙකුට වැඩක් කරගන්න ඇමතිලා තුන්දෙනෙකු පස්සේ යන්න වෙනවා.

රූරල් එෆයාර්ස් (ග්‍රාමීය කටයුතු ) ඇමතිට, ග්‍රාමීය ජනපද සංවර්ධනය කරන්න බෑ. ඒක කරන්නේ තොන්ඩා. ග්‍රාමීය කටයුතු ඇමති කරන්නේ සංවර්ධන නොවන කටයුතු විතරයි? ඔය වැඩ දෙකම තොන්ඩට හරි අතාවුදට හරි දෙන්නගෙන් එකෙකුට බාරදුන්නානම් බෝක්කුවක් හරි හදාගන්න තිබුණා.

ඩගියට පාරම්පරික කර්මාන්ත හා කුඩාකර්මාන්ත, බදුර්දීන්ට කුඩා හා පාරම්පරික නැතුව ලොකු කර්මාන්ත, බැසිල්ට කර්මාන්ත නැතුව ආර්ථික සංවර්ධනය. බැසිල් මාමට ආර්ථිකේ සංවර්ධනය කරන්න වෙලා තියෙන්නේ කර්මාන්ත මුකුත් නැතුව. එතකොට ලක්ශ්මන් සෙනෙවිරත්න සාඵල්‍යතා (productivity ) සංවර්ධන ඇමති. බැසිල්ගේ ආර්ථික සංවර්ධනයට අත්‍යාවශ්‍ය ප්‍රඩක්ටිවිටි සබ්ජෙක්ට් එක මිනිහට දීලා නෑ. ඒක සෙනෙවිරත්න අලි නැට්ටෙන් සාටකේට පැන්නට තෑග්ගක්.


මෙන්න තව පිස්සුවක්;

රෙජිනෝල්ඩ්ට අපනයන බෝග. හැබැයි අපනයන බෝගයක් වෙන පොල් හා අපනයන බෝග වවන ජනතා වතු සංවර්ධනය ජගත් පුශ්පකුමාරට. රෙජිනෝල්ඩ්ට පොල් හා ජනතාවතුවල වැවෙන ඔක්කොම ජාති තහනම්. ඒවා පුශ්පයගෙ.

මේත් ඒ වගේ නොකෙරෙන වැඩක්;

මහින්ද යාපා කෘෂිකර්මාන්ත ඇමති. හැබැයි කෘශිකර්මාන්තෙ නියැලෙන ගොවියට සහන හා සේවා සපයන කෘෂිසේවා ඇමතිකම එස්.එම් චන්ද්‍රසේනට. මහින්ද යාපාට පුලුවන් ගොවියාට වවපල්ලා කියන්න. හැබැයි සහනයක් හරි සේවාවක් හරි ඕනෑනම් යාපාට කියන්න වෙන්නේ චන්ද්‍රසේනගෙන් ඉල්ලා ගනිල්ලා කියලා. ඒ විතරක් නෙමෙයි කෘශිකර්මාන්ත ඇමතිට වාරිමාර්ග නෑ. ජල සම්පතත් නෑ. එතකොට ගොවියෝ වතුර ඉල්ලනකොට, කැඩිච්ච ඇණිකට් එක හදලා දෙන්න කියනකොට කෘශිකර්ම ඇමතිට තියෙන්නේ අන්න අරයට කියන්න කියලා නිමල් සිරිපාලට ඇඟිල්ල දික්කරන්න.

සුසිල් පැට්‍රෝලියම් ඇමති. හැබැයි චම්පක රණවක බලශක්ති ඇමති. පැට්‍රෝල් හැර අනෙක් ජළවිදුලිය වගේ බලශක්ති තමයි චම්පකට. හැබැයි ජලවිදුලිය නිපදවන වාරිමාර්ග නිමල් සිරිපාලගෙ. සිරිපාලයා පිස්සු කෙලියොත් චම්පක ජල විදුලිය නිපදවලා ඉවරයි. සුසිල් ප්‍රේම ජයන්ත ඩීසල් එව්වේ නැත්නම් චම්පකයා කැළණිතිස්සෙන් ලයිට් දීලත් ඉවරයි. චම්පකට කෙලවෙන්න තමයි ඇමතිකම් බෙදලා තියෙන්නේ. හරිනම් විදුලිබලය බෙදාහැරීමේ ඇමති කියලා තවත් එකෙක්ව දාන්න තිබ්බේ.

මෙන්න තවත් මහින්ද චින්තනයක්;

කුමාර වෙල්ගම ප්‍රවාහණ ඇමති. හැබැයි සී බී රත්නායක පෞද්ගලික ප්‍රවාහන ඇමති. ඒකියන්නේ සී බීට අයිති ප්‍රයිවට් බස් විතරයි. ලංගම බසුයි කෝච්චියි කුමාර වෙල්ගමට. පොඩි එවුන් යන ස්කූල් වෑන් වලටයි නෝනලා යන ඔෆිස් වෑන් වලටයි වගකියන්නේ මුන් දෙන්නාගෙන් කවුද?

අනුර ප්‍රියදර්ශණ යාපා පරිසර ඇමති. හැබැයි පරිසරයේම කෑල්ලක් වෙන වනසතුන් අයිති සී එම් චන්ද්‍රසේනට. එතකොට අනුර ප්‍රියදර්ශනට අයිති වනසතුන් නැති පරිසරය විතරයි. සත්තුටික චන්ද්‍රසේනට, සත්තු ඉන්න කැලේ අනුර ප්‍රියදර්ශණට. ගිය සැරේ සත්තුවත්තයි, ජාතික වනෝද්‍යානයි දිලා තිබ්බේ බැසිල්ගේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශෙට. මේ සැරේත් එහෙමනම් අනුර ප්‍රියදර්ශණට අයිති වෙන්නේ, සත්තුත් නැති, වනෝද්‍යානත් නොවන කැලෑ විතරයි.

මෙය ආසියාවේ ආශ්චර්‍යය නොවේද? අපි හෙට අනිද්දාම කලාපීය දැවැන්තයෙකු වෙන බවට පෙරමග නිමිති නොවේද මේ පෙනෙන්නේ?

Sunday, November 21, 2010

V - සංවේදී පිටසක්වල උරගයින්ගේ කතාව (හා අපිට වෙච්චි දේ)


ඔන්න එකෝමත් එක දියුණු රටක ලෝකයම හොල්ලමින් වැජඹුනා. මේගොල්ලන්ගේ ලණු කාපු දුප්පත් රටවල් ගොඩක් එක එකා මරාගනිමින් කපටි වංචනික පාලකයින්ට කඩේ යමින් උන් බලයට ගෙනල්ලා පස්සේ පසු තැවෙමින් කාළය ගතකලා. දියුණු රට හැමෝම රවටමින් තවත් දියුණු වුනා. ඔහොම යනකොට මේ දියුණු රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම මහත් ඇබැද්දියක් වුනා.  දවසක් මේ දියුණු රටේ මිනිස්සු උදේ නැගිටලා අහස බලනකොට ඒගොල්ලන්ගේ නගර උඩ අහසේ යෝධ පියාඹන පීරිසි දකින්නට ලැබුනා. කළබලේ ටී.වී එක දාලා බලනකොට හැම චැනල් එකකම රටේ හිටපු ලොකුම පණ්ඩිතයෝ සාකච්චා පවත්වනවා.

"මේගොල්ලෝ ඇවිලා ඉන්නේ අපිට දියුණු තාක්ශණය බෙදලා දෙන්න.." එක චැනල් එකක බොහොම බැරෑරුම් පෙනුමක් ඇති ආචරියවරයෙක් දෙසා බාමින් ස්ටිටියා.

"මේගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ අපි න්‍යශ්ඨික ආයුදවලින් අපිටම කෙලගන්න එක නවත්වලා අපිට සාමෙන් ඉන්න හැටි කියා දෙන්න..." තවත් චැනල් එකක පෙනීසිටි කේඬෑරි පෙනුමක් ඇති පණ්ඩිතයෙක් සාකච්ඡාව මෙහෙයමින් සිටි ලස්සන කෙල්ලගෙ කකුල් දෙස හොරෙන් බලන ගමන් තොලකට ලෙවකමින් පැවසුවා.

"මුන් ඇවිල්ලා ඉන්නේ සාමෙකටනම් නෙමෙයි මුන් ඇවිල්ලා ඉන්නේ අපිව මරාගෙන උයාගෙන කන්ඩ!!.." කොන්ඩෙ වවාගත්ත හිපියෙක් වගේ එකෙක් තව චැනල් එකක මොර මොරගෑවා. හුඟදෙනෙක් ඒ දේශද්‍රෝහි චැනල් එක වහලා සාමය හා සමුර්ධිය ගැන කතාකරන චැනල් එකකට මාරු වුනා. ඔය අව් අස්සේ තිරය යටින් යන බ්‍රේකින් නිවුස් පටියේ "සුවිසල් පියාඹන පීරිසි ලොව පුරා සියලු නගර ඉහලින් ස්ථානගත වී ඇත....කළබල නොවී සන්සුන්ව සිටින ලෙස ලෝක නායකයෝ සියලු ලෝවැසි ජනයාගෙන් ඉල්ලාසිටිති..." යනුවෙන් දිස් වුනා.

ටීවී පණ්ඩිතයෝ පැයගණන් දොඩවලා හතිවැටුනට පස්සේ කයිවාරු නවත්තලා ගෙවල් බලා යන අස්සේ දියුණුරටේ දියුණුම නගරේ උඩින් තිබුණු පියාඹන පීරිසියෙන් දියුණුම රටේ රජතුමාට පණිවුඩයක් එව්වා.
"අපි අහවල් ග්‍රහලෝකයේ වැසියෝ වෙමු, සාමය පතා පැමිණියෙමු. අහවල් දින අහවල් පැයේදී එක්සත් ජාතීන්ගේ ගොඩනැගිල්ලේ වහලේ උඩට අපේ කුඩා යානාවක් ගොඩ බස්සන්නෙමු. නුඹලාගේ නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙමු..." ඒ පණිවුඩයේ තිබුණා.

මේ ඓතිහාසික හමුවට ලෝක ජනයාගේ නියෝජිතා ලෙස යැවීමට හොඳම සුදුස්සා වු වීරෝධාර හතරරියන් මහා පුරුශයෙකු වුනු පුංචි රටේ රජතුමා මේක සිද්ධවුනු කාලයේ (විද්‍යා ප්‍රබන්ධය රූපවාහිනී තිරවල දිස්වුනු 1983 කාලයේ) පාරවල් ගානේ පාදයාත්‍රා යන සොරි පොරක් වුනු නිසා නිසා එජා.සංවිධානයේ සභාපතිතුමාට රාජකාරිය පැවරුනා.උන්නැහේ ටී.වී කැමරා කාරයෝ පිරිවරාගෙන වහලෙට ගිහින් කියපු වෙලාවටම පොඩි උප යානයකින් වහලෙ උඩට ගොඩ බැහැපු පිටසක්වලයෝ හමුවුනා. බැලූ බැල්මට එයාලා මනුශ්‍යයින්මයි. තද තැඹිලිපාට නිළ ඇඳුම් වලින් සැරසිලා හිටි එයාලා අව්කණ්නාඩි පැලැඳගෙන හිටියා විතරක් නෙමෙයි අපූරුවට ඉංගිරිසි කතාකොලා.


ඔහෙලා කොහොමද "ඉන්ගිරිස් දන්නේ?" ඉස්සෙල්ලම අහපු ප්‍රස්නෙට උත්තර දුන්න පිටසක්වල නායක..."අපි අවුරුදු පනහක් තිස්සේ ඔයගොල්ලන්ගේ ගුවන්විදුලි තරංගවලට ඇහුන්කන් දෙනවා. ඒනිසා අපි ඔයාලගෙ භාශාවල් ඉගෙන ගත්තා. ලෝකෙ හැම රටකම බාසාවල් අපිට කතාකරන්න පුලුවන්..."

මේවගේ සංවේදී පිටසක්වලයෝ ටිකක් ආපු එක ගැන මුලුලෝකෙම සතුටු වුනා. "ඉතින් ඔහෙලාට අපෙන් මොන්වැයි ඕනෑ?"  ලෝක නායකයෝ යහපත් පිටසක්වලයින්ගෙන් ඇහුවා.

"අපිට වැඩිය මුකුත් එපා. අපේ ලෝකෙට අත්‍යාවශ්‍ය ඛණිජ වර්ග කීපයක් ඔයගොල්ලන්ගේ ලෝකෙ තියෙනවා. ඒවා ටිකක් ලැබුණාම ඇති. පිටසක්වලයෝ කිව්ව.

මිනිස්සු වගේ පෙනෙන නිසාත්. බොහෝම කරුණාවන්ත සංවේදී අය බව පෙනෙන නිසාත් මිනිස්සු දෑත් විදහාලා පිටසක්වලයින්ව පිලිගත්තා. ඔවුන්ව හැඳින්වුනේ "අමුත්තෝ" හෙවත්  "visitors" කියලයි. පෘථිවියේ මිනිස්සු ගෙදරට ආපු අමුත්තෙකුට ආගන්තුක සත්කාර කරනවා වගේ පිටසක්වලයින්ට සැලකුවා.


ටික කාලයක් යනකොට ඇත්ත එලිවෙන්න ගත්තා. "අමුත්තෝ" හැබෑ මිනිස්සු නොව මිනිසුන් මෙන් පෙනෙන්නට කෘත්‍රිම මිනිස් සමක් ඇඳගත්, මීයන්, පණුවන් පණපිටින් ගිලදමන උරග ගෝත්‍රයක් බව හෙලිවෙන්නට වුනා. ඇත්ත එලිවෙනවාත් සමගම උරග අමුත්තන් ලෝකය සිය තාක්ශණ මහිමයෙන් ආක්‍රමණය කරන්න ගත්තා. සියලු මාධ්‍ය පාලනය වුනේ උරගයින් අතින්. මිනිස්සුන්ට ගෙදරින් එලියට බහින්න වුනෙත් උරගයින්ගෙන් පර්මිට් එකක් අරගෙන පණ බයේ. විරුද්ධ කාරයෝ අතුරුදහන් වෙන්න ගත්තා. මොනවා වුනාද කියලා දන්නේ නෑ. කට්ටියක් හිරේ විලංගුවේ වැටිලා උරගයින්ගේ වහල් කඳවුරුවල ගාල් කෙරුණා. ලෝක නායකයෝ බොහෝදෙනෙක් බයේම උරගයින්ට අවනත වෙලා තමන්ගේ වැඩක් බලාගෙන ඔහෙ ඉන්නවුනා.

ඔය අතරේ උරගයින්ගේ නායකත්වය පිලිගෙන උන්ට ඔනෑ විධියට වැඩකරන මිනිසුන් කල්ලියක් බිහිවුනා. උරගයින් මේ පාවාදෙන්නන්ට සියලු සැප සම්පත්, තාන්න මාන්න ලැබෙන්න සැලැස්සුවා සේවාව වෙනුවෙන්.


"මේ අමුත්තන් හරී හොඳයි, එයාලා අපිවගේම මිනිස්සු.....එයාලා මීයෝ ගිලින උරගයෝ කියන්නේ ඊරිසියාකාර කඩාකප්පල් කාරීන්..." කියලා මාධ්‍යවලින් කියන පාවාදෙන ගැත්තන්ට මාධ්‍යවල ලොකු පුටු හිමිවුනා. රන් රුවන් ඉල්ලම් පෑදුනා.  උරග පාලනයේ ලොකු ලොකු තානාන්තර ලැබුණා. තානාන්තර ලැබෙන්න ලැබෙන්න උන් තම සහෘද මිනිසුන් පාවාදෙමින් උරගයින්ට සේවය කළා. ගොඩාක් අහිංසක මිනිස්සු කරන්න දෙයක් නැති නිසා උරගයින්ට අවනත වෙලා පණ බේරාගෙන හිටියා.

හැබැයි කොන්දක් තියෙන, ආත්ම ගරුත්වයක් තියෙන මිනිස්සුත් ගොඩක් ඔය අතර හිටියා. "Resistance Fighters" හෙවත් ප්‍රතිරෝධතා සටන් කරුවන් ලෙස තමුන් හඳුන්වාගත් එයාලා උරගයින්ට විරුද්ධව ගරිල්ලා ප්‍රහාර ආරම්භ කලා. ඔවුන්ගේ සළකුණ වුනේ ඉන්ග්‍රීසි "V" අකුර. ඒ කියන්නේ "V for Victory". ඔවුන් උරගයින්ගේ සැළසුම් අවුල් කලා. ගරිල්ලා ප්‍රහාර වැඩිවෙනකොට උරගයනුත් මර්ධනය වැඩිකලා. ලෝකයේ දියුණුම රට හා අනෙක් රටවල් වහල් කඳවුරු බවට පත්වුනා. හැබැයි ගරිල්ලෝත් අතෑරියෙ නෑ. එකා පිට එකා මැරී වැටෙද්දිත් "සංවේදී උරගයින්ට" විරුද්ධ සටන ඔවුන් දිගටම ගෙනගියා.

තවත් කලක් යනකොට උරග අමුත්තන් පෘථිවියට ආපු හැබෑ හේතුව හෙලිවුනා. ඒ ඔවුන්ගේ පිටසක්වල යානා වලට හොරෙන් ඇතුලුවුනු "කැරලි කාරයින්" හා ඔවුන්ට උදව් දෙන්නට ඉදිරිපත් වුනු මිනිස්සුන්ට හිතවත් උරග පාර්ශයවක් අතින්. "5th column" ලෙස තමන්ව හඳුන්වාගත් මේ උරග හිතවතුන් ඔවුන් පෘථිවියට පැමිණි සැබෑ හේතුව හෙලිකලා. ඒ මේ ලෝකයේ ඉන්නා බිලියන ගණන් මිනිස්සු හා මෙහි තිබෙන පිරිසුදු ජලය සාගින්නෙන් හා පිපාසයෙන් පෙලෙන ඔවුන්ගේ ලෝකයට ආහාරපාන පිණිස ගෙනයන්නටයි උරග අමුත්තන් මිතුරන්ගේ විලාසයෙන් මෙහි පැමිණ තිබෙන්නේ.

"Why this story?"

ලංකාවෙ අපිත්, අපේ හිතවතුන් ලෙස, අපිට සරුසාර අනාගතයක් සාදාගන්නට උදව් ගන්නට කියලා දේශපාලනයෙන් කැපී ඇමරිකාවට වෙලා සිටි අමුත්තන් කට්ටියකුත්, එයාලගේ සාටර්(ක) සහෝදරයාවත් ගෙදරට වැද්දගත්තා කියලා මතකද? ඒ කාලේ ඒ ගොල්ලෝ අපේ හොඳ හිතවතුන්. කතාකලේ අයියා, මල්ලී කියලා. අපි හිතුවා එයාලා අපේ සියලු ප්‍රස්ණ විසඳයි කියලා.

ඒත් දැන්?

දැන් අපි දන්නවා එයාලා ඇවිල්ල තියෙන්නෙ සදාකාලිකවම අපේ ගෙදර පදිංචිවලා අපේ රීරිමාංශය උරාගෙන කාලා අපිව වහලුන් වගේ තියාගෙන වැඩගන්න කියලා. හරියටම V විද්‍යා ප්‍රබන්ධයේ උරග අමුත්තන් වගේ .....


_________________________________________________________________________
NOTE :

If you want to watch this TV series, you can download all episodes from the link below. Download links checked and working as at 21st November, 2010

Link:  http://www.vo2ov.com/V-Complete-Original-Series-1983-MKV-x264-150-MB_279470.html
 

Saturday, November 20, 2010

කාර් එකක් පූජාකොට මුට්ටිය දා බැලීම හා හින්දු මිනිස්සුන්ගේ ආශීර්වාදය.....

 රථ පූජාව

නොවැම්බරි 20වැනිදා මල්වතු හාමුදුරුවන්ව බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේට කාර් එකක යතුරක් පූජාකොට එම ක්‍රියාව මාධ්‍යවල පලවීම වලක්වා රහසක් සේ තබාගෙන ඇතැයි හැමදාම බොරු විතරක් කියන ලංකා-ඊ-නිවුස් වෙබ් අඩවියේ පලවී ඇත.

මීට කලිනුත් දෙපාරක්ම ට්‍රයි කොරලා බලෙන්ම කාර් එකක් දෙන්න හැදුවත් උන්වහන්සේ එය ප්‍රතික්ශේප කල වාර්තාවේ. කොහොම වුනත් මෙවරනම් ජනාධිපතිතුමාගේ දාන පාරමිතාව සම්පූර්ණ කරගන්නට හැකිවෙන්නට ඇත්තේ කාර් එක නොගෙන රජතුමාව අපහසුතාවයට පත්කලහොත් ලැබෙන ආනිශංසය පිලිබඳව කලින්ම උන්වහන්සේව දැනුවත් කල නිසා වෙන්නට පුලුවන්. කොහොම උනත් නිතරම ආණ්ඩුවට බනින මල්වතු හාමුදුරුවන්ව සාර්ථක වන බවට අත්දුටු ප්‍රතිකර්මයක් වන පගාවක් දීලා ශේප් කරගන්න පුලුවන්දැ දැනගන්න රජතුමා පොඩි මුට්ටියක් දලා බැලුව වෙන්න පුලුවන්. මුට්ටිය බිඳුනේ නැති නිසා දැන් ඉතින් මල්වතු හාමුදුරුවන් හීලෑ කරගැනීමේ ඊළඟ පියවරට බය නැතුව යන්න පුළුවන් මගෙ හිතේ.

ඊළඟ පියවර විධියට මල්වතු හාමුදුරුවන්ව මන්දිරේ දානෙකට ආරාධනා කරලා උන්වහන්සේ ලව්වා ජනපති රාජපක්ශගේ හොඳ බිංදුවක් හරි කියවාගෙන ඒ කතාව පැය විසිහතරෙම සියලුම මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුවානම් හරි.

හින්දු මිනිසුන්ගේ ආශීර්වාදය

බම්බලබිටියේ කධිරවේළායුධ කෝවිලේ පදවිප්‍රාප්තිය වෙනුවෙන් පූජාවක් පැවැත්වූ දේවානන්ද ඇමතියා හින්දු ජනතාවගේ ආශීර්වාදය ජනපතිතුමාට ලැබෙන බව කියලා තියෙනවා. හින්දු මිනිස්සුන්ගේ ආශීර්වාදය ලැබෙනවා කිව්වම අපිට ජම්මෙ පුරුද්ද නිසාදෝ මෙහෙම ප්‍රස්න වැලක් මතක්වෙනවා.

1] දේවානන්ද "හින්දු මිනිස්සු' කියන යෙදුම භාවිතාකලේ දෙමළ මිනිස්සු කිව්වානම් ගුටි කන්න වෙන නිසාද?

2] හින්දු කියන්නේ දෙමළ කියන එකනේ කියලා කවුරුහරි වන්දිභට්ටයෙකු (නැතහොත් වාසල කේවට්ටයෙකු ) කියනවානම් ; ඒ කියන්නේ කතෝලික, ක්‍රිස්තියානි, ප්‍රොතෙස්තන්ත, ඇන්ග්ලිකන් හා තවත් මිශනාරි පල්ලි ගණනාවකට සම්බන්ධ දෙමළ මිනිස්සුන්ගේ ආශීර්වාදය නෑ කියන එකද?

3] ලංකාවට හැතැප්ම විස්සක් උඩින් තියෙන තමිල්නාඩුවේ මිලියන 62ක දෙමළ ජනතාවගෙන් 88%ක්ම හින්දු භක්තිකයින්. දේවානන්ද කියන්නේ මේ මිලියන ගානම, ජයලලිතා, කරුණානිධි, වයිකෝ ද ඇතුලුව (එයාලත් හින්දුනෙ) රාජපක්ශ රජතුමාට ආශීර්වාද කරනවා කියලද?

මට හිතෙන්නේ ඩගියාට වෙලා තියෙනේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ ඇබැද්දියක්. රජතුමාට සපෝට් එකට මුකුත් නොකොලොත් කපෝති, දෙමළු අවුස්සගත්තෝත් ඒත් කපෝති.

Friday, November 19, 2010

එකායි, දෙකායි, තුනායි!!!! Regional Giant වීමේ මෙහෙයුම ඇරඹේ!


දෙවැනි පදවිප්‍රාප්තිය අවුඅස්සේ ඩෝං ගලා වෙඩිල්ලක් තියලා අපේ රජතුමා රටට අලුත්ම ඉලක්කයක් දුන්නා ඔන්න. ඒ ඉලක්කෙ තමයි ඉන්දියාවයි, චීනෙයි එක්ක එක පෙලට යන්න පුලුවන් විධියට ලංකාව කලාපයේ යෝධයෙක් කරන එක. ආසියාවි දියුණුම රටක් වෙලා අවුරුදු විස්සක් විතර ගියත් සිංගප්පූරුව පවා තවම කලාපීය යෝධයෙකු විධියට සලකන්නේ නෑ. ආඩම්බරකාර සිංගප්පූර් ටැක්සි කාරයෝවත් ලංකාවෙන් එහෙ යන අපිව ටැක්සියක දාගෙන කියන තැනකට අරගෙන යන ගමන් දාන කයිවාරු වලදී සිංගප්පූරුව දැන් කලාපීය යෝධයෙක් බව දන්නවා දැයි අහමින් පාරම්බාන්නේ නෑ. දියුණුවේ හිණිපෙත්තේ ඉන්න දකුණු කොරියන් කාරයෝ වුනත් තමුන්ගේ රටට කොච්චර ආදරේ තිබුණත්, රටේ දියුණුව ගැන මොනතරම් ආඩම්බර වුනත්, ඔය වගේ මෝඩ කතා කියන්නේ නෑ. ඒ මිනිස්සු ලෝක යථාර්තය දන්න නිසයි ඒ.

ඒත් ඔන්න අපේ මහ රජතුමාට ප්ලෑනක් තියෙනවලු කලාපයේ දියුණුම පොඩි රවටල් වෙන, සිංගප්පූරුව, තායිවානෙ, දකුණු කොරියාව වගේ රටවල් වලටවත් ලබාගන්න බැරිවුනු "කළාපීය යෝධයා" පට්ටම වැස්සකට ගිලෙන වානිජ අගනුවක් තියෙන බංකොලොත් රටට ලබාදෙන්න.

අඩුම ගානේ ඔය පදවිප්‍රාප්තියට කම්බස් කරපු සල්ලි කන්දරාවෙන් කොළම කාණුටික හදලා වැස්සට ගිලෙන එක හරි නවත්තලා ඔය කතාව කිව්වනම් මොකද. ලඟදි ඉංදියාව ආපු ඔබාමා මහත්තයා ඉන්දියාවට කිව්වේ දැන් නුඹලා කලාපීය යෝධයෙකු වෙලා ඉවරයි දැන් ඇමරිකාවත් එක්ක එක පෙලට ඉන්න, චීනෙට හොඳ තරඟයක් දෙන්න පුලුවන් ලෝක බලවතෙක් වෙමින් තියෙනවා කියලා. ඉන්දියාවට ඇවිලා ලංකාව පැත්තවත් නොබලපු ඔබාමා එහෙම කියද්දී රජතුමා කළාපීය යෝධයා ටෝක්ස් දෙන්නේ ඔබාමා ඉන්දියාවේ කරපු කතාව කුස්සියට මාළු ඔතාගෙන ආපු කොලයක තියෙනව දැකලා කියවලද කොහෙද.

රටක නායකයෙක්, තමුන්ගේ රටේ මිනිස්සුන්ට හොඳ ඉලක්කයක් දෙන එක බොහොම හොඳ වැඩක්. ඒත් ඉලක්කය වෙන්න ඕනෙ කරන්න පුලුවන් ප්‍රායෝගික ඉලක්කයක්.

තව අවුරුදු පහක් යනකොට කොළම ගිලෙන එක නවත්තලා, ඩෙංගු මදුරු උවදුර තුරන් කරලා, මිනිස්සුන්ට පහසුවෙන් වැඩට යන්න හොඳ ප්‍රවාහන සේවයක් ලබලා දෙනවා කිව්වනම් විරුද්ධකාරයෝ වෙන අපි වුනත් අඩුම ගානේ ඒ ප්‍රායෝගික ඉලක්කය ගැන සතුටු වෙනවා.

වරායක් හදලා ලැජ්ජා නැතුව තමුන්ගේම නම දාගෙන (අඩුම ගානේ පියාණන්ව සිහිවෙන්න එතුමාගේ නම දැම්මනම් කමක් නෑ) , ඉන්දියාවෙන් එන සතේට ගණන් බලන ලෝබ සංචාරකයෝ ප්ලේන් ලෝඩ් පිටින් ආවා කියලා අල් පෙනෙත්තක්, ඉඳි කටුවක් වත් හදන්නේ නැති, හැතැප්ම සීයක් ඈතින් තියෙන ගොවි පොලේ ඉඳලා වෙළඳපොලට එනකොට එලවළු පළතුරු අස්වැන්නේ 40%-50% විනාසවෙන, පැනඩෝල් පෙත්තක් නැති ඉස්පිරිතාල තියෙන, 100% බත්කන මිනිස්සු ඉන්න, ඒත් ඇමතිලා දෙන්නෙක් රටේම හාල් වෙළදාම කලුකඩ ජාවරමක් බවට හරවගෙන ඉන්න විසිලු රටක් කලාපීය යෝධයක් කරනවා කියන්නේ පහුවෙනිදා පත්තරේ පොල්ගෙඩි අකුරෙන් හෙඩ්ලයින් දාගන්න කරන මාධ්‍ය මෙහෙයුමක් මිසක් වෙන මොකක්ද?

Thursday, November 18, 2010

Crook(s) : Its good to be bad?


බොලිවුඩයෙන් මේ ලඟදී "කෲක් (තක්කඩියා) යනුවෙන් චිත්‍රපටියක් එලිදැක්වුනේය. එතරම් හොඳ බොක්ස් ඔෆිස් වාර්තාවක් නොතිබුනත් මගේ මතයේ හැටියට කතාව හොඳ එකකි. "ඉට්ස් ගුඩ් ටු බී බෑඩ්" යනුවෙන් ටැග් ලයින් එකක් සමග කරලියට ආ මේ චිත්‍රපටයට තේමාව වුනේ විසේකාර ගැටවරයෙකුගේ දඩබ්බර වැඩ හා (හින්දිනේ ඉතින්) ආදර කාතාව ගැනය.

ඒත් මේ කියන්නට යන්නේ හින්දි සෙලියුලොයිඩ් හීනයක් ගැන නොව සිරි ලංකා නට්සි රාජ්‍යපොජ්ජේ හැබෑ තත්වය ගැනය. හින්දි චිත්තරපටියේ ටැග් ලයින් එක ලංකාවටනම් හරියට ගැලපෙනවා වගේය. එහෙම කියන්නේ ලංකාවේ හරියන්නේම නරක එවුන්ට නිසාය.

මිහින් ලංකාවෙන් කප්පරකට හොරකරපු සජිනයා අද වීරයෙකි. කෝටිපතියන් රජතුමා ලඟට ගෙනිහින් ඩීල් සෙට්කරලා හතරවරං ගහපු නපුංසකවංශයාත් වීරයෙකි. බේත් නැවු පිටින් ගිල්ල සිරිපාලයාත් හාල් ඇටෙන් රට පාලනය කොරන සිරිපාලලාත් හොඳ මිනිස්සුය. ස්ත්‍රී දූශක දුමින්ද අයියා බුකිපාලයා. මේ ඔක්කම එක එක මට්ටමින් ගොඩ ගිහිල්ලාය. ගෑනි මරපු නිළමේත් ගොඩය. නැගෙනහිට හාමුදුරුවරු මරපු, අපි කොල්ලන්ගේ බෙලි කපපු කරුණාවන්ත මස් වැද්දා විතරක් නෙමෙයි රටේම බෝම්ම පුපුරවන්න නැවු පිටින් ආයුද ඇදපු, ලෝකෙ වටේ කුඩු විකුනපු කේ.පීත් අද ලොක්කෙකි. කෝච්චි ගිලපු ෆීලික්ස් ලාත් එහෙමය. හැලි අරක්කු හැරී අද ලංකාවටම පැට්‍රෝල් ඩීසල් විකුණන ලොක්කාය. හොරකම් අහුවෙලා පන්නපු පී.බී අප්පුත් රැස් විහිදමින් බැබලෙනවා බලන්නත් ආසය. ආර්ථිකේ ගැන මෙලෝදෙයක් නොදන්න, රූපවාහිනි සාකච්චාවලට මූනදෙන්න ටියුශන් ගන්න , ලංකාවට "ගෝල්ඩ් ක්වෙස්ට් ප්‍රිරමිඩ් ජාවාරම" හඳුන්වලා දුන්නු කබ්බාට රටේම ආර්ථිකය බාරදීලාය.

මුන් ඔක්කොම බෑඩ් පොරවල්ය. ඒත් රාජාගේ පිහිටෙන් උන් ඔක්කොම හොඳය. ඉතින් සසිරිබර ලංකාවේ "ඉට්ස් ගුඩ් ටු බී බෑඩ්" තමයි නේද?

Saturday, November 13, 2010

නාසි ජර්මනියේ ධනාත්මක කිතුදහම හා නූතන ලංකාවේ හාමුදුරු ඇදහිල්ල

නාසි ජර්මනියේ ධනාත්මක කිතුදහම

පොසිටිව් ක්‍රිස්ටියැනිටි හෙවත් ධනාත්මක කිතුදහම පිලිබඳ අදහස හා සංකල්ප මුලින්ම එලිබැස්සේ 1920 වසරේ පැවැත්වුනු නාසි පක්ශයේ සම්මන්ත්‍රණයකදීය. නාසි නායකයින් මෙය ධනාත්මක කිතුදහම ලෙස හඳුන්වන්නට හේතුවූයේ කිතුදහමේ දේශනා කෙරෙන අල්පේච්ඡ දිවිපැවැත්ම, අනුන්ට උදව් කිරීම, සාමය, සමාදානය, දෙවියන් වෙනුවෙන් කැපවීම වැනි ප්‍රතිපත්ති සෘණාත්මක ලෙස හඳුන්වමින්, ඊට විකල්පයක් ලෙස යුද්ධය ඇදහූ නට්සීන්ට ගැලපෙන ජවය හා උන්මාදය මුල්කොටගත් සටන්කාමී කිතුදහමක් නිර්මාණය කරගැනීම සඳහාය.

නාසීන් ප්‍රචලිත කිරීමට උත්සහගත් චිත්‍රණය අනුව ක්‍රිස්තුස්වහන්සේ ඉතා ක්‍රියාශීලී, සටන්කාමී දේශකයෙකු වුනු අතර ඔහු එකල ප්‍රචලිතව පැවති ජුඩායිසම් (Judaism) නැමති ඉපැරණි යුදෙව් (නූතන ඊශ්‍රායල් ජනයා යුදෙව්වන් වේ) දහමට විරුද්ධව දේශනාකල යුදෙව් විරෝධියෙකු වනවා.

කිතුදහමත්, ධනාත්මක කිතුදහමත් අතර ඇති ප්‍රධාන ආකල්පමය වෙනස්කම් තුනක් නාසී ලේඛනවල දක්වා තිබෙනවා.

1/ බයිබලයේ යුදෙව්වන් විසින් රචිත කොටස් (පැරණි තස්තමේන්තුව සම්පූර්ණවශයෙන්ම)ප්‍රතික්ශේපකිරීම.
2/ ජේසුස් ක්‍රිස්තුස් යුදෙව්වෙකු බව ප්‍රතික්ශේපකිරීම හා ඔහු ආර්යවංශිකයෙකු බව ඒත්තුගැන්වීමට උත්සහකිරීම.
3/ කිතුදහමේ වගකීම ජර්මානුවන්තුල දේශප්‍රේමය ඇතිකිරිම හා ජර්මනිය තුල ක්‍රියාත්මක වුනු සියලු ක්‍රිස්තියානි හා කතෝලික නිකායන් වෙනුවට එකම නාසි ජර්මන් කිතුදහමක් බිහිකිරීම (Unified Nazi German Church)

1920ගණන්වල සිටම නාසීන් කෙමෙන් කෙමෙන් ජර්මනියේ බලවත් වෙමින් ආ අතර මේ ධනාත්මක කිතුදහම ජර්මන් කිතුනුවන් මත පැටවීමේ උත්සහයින්ද ඒ සමගම ඉහල යන්නට වුනා. නට්සීන් ප්‍රභලවෙත්ම මේ වෑයම් මල්පල දැරූ අතර ධනාත්මක කිතුදහම දේශනාකල කිතුනු නියාකයන් ජර්මනිය පුරාම බිහිවෙමින් පැවතුනා. කිතුදහම නාසිකරණයේ කූටප්‍රාප්තිය සිදුවුනේ 1933දී හිට්ලර් බලයට පැමිණි පසු පිහිටුවාගත් "German Faith Movement" හෙවත් ජර්මන් භක්ති සංවිධානය බිහිවීමයි. මෙය ධනාත්මක කිතුදහමටත් එහාට යමින් මුළුමනින්ම නාසි චින්තනයට හැඩගැසූ අලුත්ම ධර්මයක් දේශනාකරන්නට වුනා. කිතුනු බයිබලය වෙනුවට ඔවුන් පැරණි ගෝත්‍රික ජර්මන් ඇදහිලි ක්‍රම හා හින්දු වේදික ග්‍රන්ථ වලින් උපුටාගත් කොටස් එකතුකල අලුත්ම බයිබලයක්ද නිර්මාණයකර ගත්තා.

ලංකාවේ හාමුදුරු ඇදහිල්ල

නිර්මල බුදුදහම පවතිනවායයි කියන ශ්‍රී ලංකාවේ අද දේශනාකෙරෙන්නේත් විවිධ සයන්ස් එඩුකේටඩ් හා නොට් සෝ එඩ්යුකේටඩ් දේශකයානන් වහන්සේලා තමුන්ට වාසිවෙන විධියට හා පාලක ෆියුරර්ගේ මනදොල සැපිරෙණ ලෙස වටිනා කොටස් හලා නොවැදගත් කොටස් එකතුකොට සාදාගත් නව්‍යකරණය වුනු බුදුදහම් නොවේදැයි සිතාබලන්න. නාසි ජර්මානුවන් කිතුදහමේ අවිහිංසාවාදය යටපත්කොට එය සටන්කාමී දේශකයෙකු තවත් දහමක් යටපත්කොට ඉස්මතුවීමට ගත් උත්සහයක් බව පෙන්වූවාසේ අපේ බෞද්ධයයි කියාගන්නා පැවිදි දේශකයින් බුද්ධදේශණාවත් වෛරී දේශණාවක්, දෙමෙළුනම් මැරුවට කමක් නෑ යන්න නොකියා කියන දේශනාවක් බවට පත්කොටගෙන ඇතිබව හොඳින්ම පැහැදිලියි නේද?

අද පෝයට බණ කියනකොට වැඩියෙන්ම කරන්නේ රටේ නායකයාගේ හපන්කම්, බෞද්ධකම් අතිශයොක්තියට නගමින්, හමුදාව හා පොලීසිය වර්ණනාකරමින් කරණ යුද්ධ දේශණාවක් නොවේද? ජනාධිපති, එම් ආර්යාව හා අයියලා මල්ලිලා, හමුදාව පොලීසිය වර්ණනාකරලා ඉවරවුනාම ඉතුරුටික ගතකරන්නේම මේ රටේ මිනිස්සුන්ට බනින්නට නොවේද? එක අසමජ්ජාතියෙක් දෙන්නෙක් අම්මා තාත්තා පාරට පැන්නුවා, මහලු නිවාසෙකට දැක්කුවා කියමින් රටේම ඉන්නා දරුවන්, දෙමව්පියන්ට නොසලකන ජඩයින් බවට හුවාදක්වමින් බොරු අවවාදානුසාසනා කරන්නේ මොන බුදුදහමට අනුවද? සමහරවිට දරුවන්ට දෙමව්පියන්ව වැඩිහිටි නිවාසෙකට යවන්නට සිද්දවෙන්නේ වෙන කරන්නට දෙයක් නැත්නම් පමණක් බව මේ දේශකයින් නිකමට හිතනවාද? අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන දරුවන්ට උගන්නලා මිනිස්සු වගේ ජීවත් වෙන්න සැමියා බිරිඳ දෙන්නාම රැකියාව කලයුතු පවුල්වල, මහලු දෙමව්පියකුට රැකවරණයක් දෙන්නට වෙනත් කෙනෙකුන් නැත්නම් ඒ මිනිසුන් මොනවා කරන්නද? එඩියුකේටඩ් දේශකයානන් වහන්සේලාට මේවා නොතේරෙන්නේද?

එපමණක් නොව කසාද බැන්ද දිනේ සිට සැමියාගේ රෝගී මහලු දෙව්පියන්ට උපස්ථාන කිරීම, ගෙදරදොර වැඩපොල කොට රෑට සැමියාට කාම සැපතත්දී දරු මල්ලනුත් හදාගෙන, පොඩ්ඩ බැරුවුනු තැන බැනුම් අසමින් මුලු විවාහ ජීවිතය වහලියන් ලෙස ගෙවන අහිංසක බිරින්දෑවරුන් ගැන එක වචනයක් කියන්නට ඔය දේශකයින් අසමත්වෙන්නේ ඇයි? එහෙම දුක් විඳන ගෑනු කෙනෙක් පංසලට, ආවාසෙට ඇවිල්ලා දුක කියලා අඬලා නැද්ද? එහෙනම් නිකම් ඉන්නේ දුක් විඳින එක ගෑණුන්ට උරුමයි කියලා බුද්ධදේශනාවේ අපි නොදන්නා තැනක, නැත්නම් නූතන විද්‍යාවේ අපි නොදන්නා තැනක කියලා තිබෙන නිසාද? නැතිනම් පුරුශාධිපත්‍යය උලුප්පා දක්වන, ගෑණිගෙ ජොබ් එක කුස්සිය ඇතුලේ හා මිනිහාගේ ඇඟ යට යනුවෙන් උපකල්පිත කෙරෙන අලුත් බුදුදහමට අනුකූල නිසාද?

නපුරු නැන්දම්මලා නිසා මුලු විවාහජීවිතය කඳුලෙන් ගතකරන ගැහැනුන් මේ රටේ අනන්තව නැද්ද? නැන්දම්මලා ලේලියන්ට සැලකිය යුතුආකාරය ගැනත් දෙමව්පියන්ට සැලකීම වගේම දේශනාකරන්නට මේ අයට බැරිද? අඩුම ගණනේ "තමුන්ගේ ගෑනිට ඔච්චර පව් දෙන්නට එපා යකුණේ" යනුවෙන් පිරිමින්ට කියන්නට බැරි මේ දේශකයින් මව් ගුණ පිය ගුණ ගැයිම පිස්සුවක් නොවේද?

බොරු දේශනා පැත්තකට දැම්මත් මේ දේශකයින් කරනා මහා පූජා දෙස බැලුවත් ඒවා බුදුදහමේ ඒවා නොව හින්දු චාරිත්‍රබව හොඳින්ම පැහැදිලි වෙනවා. බුදුදහම හින්දු කිරීම නාසි ජර්මානුවන් සිය දහම හින්දු ආභාශයට ගත්තාක් මෙන්ය. පිච්චමල් ලක්ශයේ පූජාව, පහන් අසූදහසේ පූජාව යනුවෙන් මේ කරන්නේ හින්දු භක්තියේ දීපවාලී උත්සවය එනම් ලංකාවේ රාවන පරදවා සීතාද රැගෙන ඉන්දියාවට පැනගත් රාමාගේ ජයග්‍රාහී යලි පැමිණීම සමරන්නට කරන පහන් හා මල් පූජා වැනිය. දිවාලී (දීපවාලි) උත්සවයේදී හින්දුභක්තිකයින් කරන්නේ පහන් සියගණන් පත්තුකරමින්, මල්මාලා සාදා රාම දෙවියන්ට පුදකරමින් රාම රාවන යුද්ධයේ ජය රාමට ලැබීම ගැන සතුටුවීමයි. අපේ දේශකයානන්වරුනුත්, බුදුන් පුදනවායයි කියමින් කරන්නේ හැම පෝයටම සිංහල ක්‍රමයට දීපවාලී සැමරීම, එනම් අපේ එකා වුනු රාවන පරදා හින්දු රාමා දිනූ එක සැමරීම නොවේද?

මේ සියල්ලම එකට කැටිකොට ගත්විට පෙනෙන් ලක්ශණ නම්, සිංහල නාසි රයිකයත් ජර්මන් නාසි රයිකයේ මග අනුගමනය කරමින්, රටකරවන් ආඥාදායකයාට ගැලපෙන ආකාරයට සැරසිලි, පූජා, සද්දබද්ද, උත්සව වලින් පරිපූර්ණ සංදර්ශණ හා ආත්මවංචනික දේශනාවලට මුල්තැන දෙන (බුදු?)දහමක් නිර්මාණය කරගැනීම නොවේද? අද බුදුදහම යනු පෝයට පන්සල් යාම, (වැදි)බණ ඇසීම, භාවනා කරන්නට ට්‍රයි කිරීම, අවට වර්ග සැතපුම් කිහිපයකම ඇති මල්ගස් සූරමින් හැම මලක් පොහොට්ටුවක්ම කඩාගෙනවිත් මහා මල්පූජා සිදුකිරීම, ලීටරය පෙට්රෝල් වගේම ගණන් පොල්තෙල් ගැළුම් ගණන් පුච්චමින් අසූදහසේ මල්පූජා කිරීම හා ගෙදරගොස් තම්බින්ට වඩා වරිගේ බෝකිරීමට ට්‍රයිකිරීම වැනි හිස් ක්‍රියාවන් පමණකි.

පාලකයින්ද දිනපතා මොකක් හෝ සුළුදෙයක් සැමරීමට මහා උත්සව සංවිධානයකරමින්, බස් පිටින් සෙනග අද්දවා "මහ සෙනගක් පැමිණේ, ආපු සෙනගෙන් කොටසක් මෙන්න" කියලා පිංතූර පත්තරේ දාගෙන ගෙනියන්නේද දේශකන්ට ගැලපෙන මෙහෙයුමකි. පෝයදාට දේශකයාන්වහන්සේලා සංදර්ශණ කරන අතර ආඥාදායකයා සුදුපිරුවටයෙන් සැරසී එකත්පස්ව හිඳ මහත් ශ්‍රද්ධාවෙන් මෙන් පෙන්වමින් දේශකයාගේ "පොසිටිව් බුඩිසම්" සංදර්ශණය නරඹයි. අනෙක් දවස්වලට දේශකයින් ආඥාදායකයාගේ හෝ ගෝලයන්ගේ විවිධ සංදර්ශණ සඳහා මහා කරුණාවෙන් පැජරෝවෙන් හෝ බැන්ස් එකෙන් වැඩමකොට පිරුවට දැමූ ආසනවල හිඳ අඥාදායකයාගේ සංදර්ශණ නරඹා අනුසාසනාකොට සතුටෙන් අසපුවට වඩිති.

මේ පොසිටිව් බුඩිසම් මෙහෙයුමේ තවත් අංගයක් ලෙස ත්‍රෛනිකායක හිමිවරුන් හා ආඥාදායකයාට එතරම් ප්‍රියමනාප නොවන සංඝනායකයින් කොන්කරමින්, මගහරිමින් හා විටෙක අඩම්තේට්ටම් කරමින් යයි. මේ සිදුවන්නේත් එදා නාසි ජර්මනියේ, නට්සීන්ට මනාප නොවුනු කතෝලික හා ක්‍රිස්තියානි ආගමක නායකයින්ට හිට්ලර්ගේ නඩය සිදුකලදේමය.

අපිත් සාධුකාර දෙමින් මේ මහා සංදර්ශණය නරඹා ධර්මපාලතුමා ප්‍රාර්තනා කලායයි කියන විධියට ඊළඟ ආත්මෙදී මේ මැටිමෝලන්ගේ රටේ ඉපදෙන්න එපා යනුවෙන් ප්‍රාර්තනා කරමු.

Wednesday, November 10, 2010

නට්සි ජර්මනියේ කාම බෝනික්කී (sex doll) ව්‍යාපෘතිය හා සිංහල නට්සි රයිකය

(ඉහත ඡායාරූපයේ සිටින්නේ සැබෑ නට්සි බෝගිල්ඩ් නොව, නූතන ජර්මන් සමාගමක් නිපදවූ අනුරුවකි)

හැඳින්වීම : කාම බෝනික්කී හෙවත් සෙක්ස් ඩෝල් යනු බටහිර රටවල හැබෑ ගෑනියෙක්ගේ පහස ලබාගන්නට නොහැකි, ගණිකාවන් කරා යන්නටත් අකමැති තනිකඩ පිරිමින්ගේ කාම පිපාසාව නිවා ගැනීම සඳහා විකිනීමට ඇති රූමත් සැබෑ ගැහැනියක ලෙසම, ඒ පරිමාන හා හැකිතාක් තාත්විකව සියලු අවයවද සහිතව නිමවා ඇති ජීව ප්‍රමාණ (life size) බෝනික්කෙකි. අපට වගේ දෙදාස් පන්සීයක සංස්කෘතියක්, සභ්‍යත්වයක් නැති, නොහික්මුණු මිනිසුන් ජීවත්වෙන බටහිර රටවල්වල නගරපුරා ඇති කාම කඩවල්වල හා අන්තර්ජාලය හරහා මේ බෝනික්කෙකු ඔනෑම කෙනෙකුට ලබාගත හැකිය.

ඉස්කෝලෙ යන කොල්ලන්ට වුනත් හොරෙන් තාත්තාගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් සෙක්ස් බෝනික්කෙක්ව අන්තර්ජාලය හරහා ඇනවුම් කරගත හැකි වුනත් ඒ රටවල්වල ලව් කරන කොල්ලන් කෙල්ලන් පොලිසියට දක්කාගෙන යන්නේ නැති නිසා ඉස්කෝලෙ යන කොල්ලෝ ඉස්කෝලෙම කෙල්ලෙක් එක්ක යාලුවෙලා ගෙදරට එක්කගෙන ඇවිත් කෙල්ල කැමතිනම් වැඩේ කරගන්නවා මිස ඔන්ලයින් සෙක්ස් ඩෝල් මාකට් එකට එන්නේ නැත. ගෙදර කවුරුත් නැතිවෙලේ පුතන්ඩියා කෙල්ලෙක් ගෙදර එක්කගෙන ආවා කියලා අල්ලපුගෙදර ඇන්ටිලා කේලම කියන්නේත් නැත.

නාසි ජර්මන් හමුදාවට සෙක්ස් ඩෝල් අවශ්‍යතාවය දැනේ....

නාසි ජර්මන් හමුදාවට සිය සෙබලුන්ගේ මනදොල සපුරන්නට කාම බෝනික්කියකගේ අවශ්‍යතාවය දැනුනේ ප්‍රංශය යටත් කරගත් පසුවය. අද මෙන්ම එදත් ප්‍රංශය, විශේෂයෙන්ම පැරීසිය ප්‍රසිද්ධ වුනේ ගණිකාවන් සඳහාය. පහසුවෙන් ප්‍රංශය යටත් කරගත් නට්සි සෙබලු පැරීසිය හා වෙනත් ප්‍රංශ නගර පූරාවට තිබූ ගණිකා මඩම් කරා ඇදී යන්නට වුනේ බලුබෙටි සුවඳට ඇදෙන නිළමැස්සන් මෙනි. මේ නිසා නාසි ජර්මන් හමුදාවට මහත් අවමානයක් විඳින්නට වුනු අතර, සමාජ රෝග වැඩිවන්නට විය. මේ අතර කඩවසම් නාසි සෙබලුන්ට වහවැටී වැඩ වරද්දාගත් ප්‍රංශ කෙල්ලන් නාසි පැටවු/බඩවල් උස්සාගෙන කඳවුරු වලට එන්නටද පටන්ගත්තේ බබාගේ තාත්තාව හොයාගන්නටය. සුපිරිසිදු ආර්‍ය ජර්මන් ලේ ගැන බහුබූත දොඩවන ගමන්ම ප්‍රංශ කෙල්ලන්ට බබලාගේ තාත්තලා සොයාදීමද, වසංගතයක් මෙන් පැතිරෙන්නට පටන්ගත් සිපිලිස් වැනි සමාජරෝග වලට ප්‍රතිකාර කිරීමද නට්සි හමුදා ලොක්කන්ට මහත් වදයක් විය.

නාසි හමුදා කොල්ලන්ගේ මදන විසේට ප්‍රතිකර්මයක් ලෙස කාම බෝනික්කියෙකු සාදා කොල්ලන්ට ලබාදිය යුතුයයි යෝජනා කලේ වෙන කිසිවෙකුත් නොව මුලුමහත් නාසි හමුදාවේම හා ගෙස්ටාපෝ රහස් පොලීසියේ ප්‍රධානියාවුනු හෙන්රික් හිම්ලර් (Heinrich Himmler)විසින්මය. "The field-hygienic project" හෙවත් යුධබිමේ සෞඛය ආරක්ශාකරගැනීමේ ව්‍යාපෘතිය ලෙස මහා ගාම්භීර නමක් මේ ව්‍යාපෘතියට ලබාදුන්නේද හිම්ලර් විසිනි.

"Geheime Reichssache" අතිශයින්ම අතිශයින්ම රහසිගතයි යන දැඩි ආරක්ශක ලේබලය යටතේ ආරම්භවුනු මේ ව්‍යාපෘතියට ජර්මනියේ කෘත්‍රිම අවයව නිශ්පාදනයේ පුරෝගාමීන් වුනු විද්‍යාඥයින් මෙන්ම මනෝ විද්‍යාව පිලිබඳව ආචාර්‍යවරයෙකුත් දායකවුනා. 1941 ඩ්‍රෙස්ඩෙන් නුවර දී මුල්ම අනුරුව බිහිකල අතර එකල නාසි ජර්මනියේ දැවැන්ත සමාගමක් වුනු IG Farben සමාගමට බෝනික්කිය වැඩිදියුණු කිරිමේ කොන්ත්‍රාත්තුව භාරදී තිබුණා. සුරූපී ආර්ය ජර්මන් යුවතියකගේ අනුරුවක් ලෙස වැඩි දියුණු කල බෝනික්කිය Borghild ලෙස (බෝගිල්ඩ් යනු නොර්ඩික් පුරාවෘත්තවල කියවෙන දේවතාවියකි - ඇයගේ නමෙහි තේරුම "සැඳෑ මීදුම" යන්නයි) නම් කොට තිබුණි. 1942 දී ඇයව බර්ලිනයේ පැවිති උත්සවයකදී මුල්වරට හිම්ලර්ට දක්වා ඇති අතර, ඇගේ සියොලඟ බොහෝ වේලාවක් අතපත ගාමින් සිටි හිම්ලර් හැකි ඉක්මණින් තමාට බෝනික්කියන් පනස් දෙනෙකු ලැබෙන්නට සලස්වන ලෙස අයි.ජී ෆාර්බෙන් සමාගමට නියෝග කල බව දැනගන්නට තිබෙනවා.

මහත් ධනස්කන්ධයක් වියදම් කොට නිමැවුවත් බෝගිල්ඩ් බෝනික්කියගේ පහස ලබන්නට නාසි සෙබලුන්ට වසනාව නොලැබුනේ ඒ වනවිට ජර්මනිට හතර වටෙන්ම පහරවදිමින් සිටි නිසායි. සෙක්ස් බෝනික්කන්ට කලියෙන් හමුදාවට අවි ආයුධ සපයාදිය යුතු නිසා ව්‍යාපෘතිය හමස්පෙට්ටියට ගිය අතර 1945දී මිත්‍ර හමුදා ඩ්‍රෙස්ඩන් නුවර සමතලා කොට දැමූ නිසා සෙක්ස් බෝනික්කියන් තැනූ විද්‍යාගාරයත්, බෝගිල්ඩ්ගේ අනුරූ සියල්ලමත් මුළුමනින්ම විනාශවී ගියා.

යටහත් පහත්ව, ආඩම්බරකාර තාත්තාට (ෆියුරර්තුමාට), ශ්‍රිරන්තී දේවතාවියට නෑහෙන්නට හොරෙන් කෙරෙන යෝජනා පොජ්ජ.....

ඔබවහන්සේ මේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය, නිර්මල බුදුදහම, අඹුසැමි සබඳතා, පෙම් සබඳතා, හොර අඹු-හොර සැමි සබඳතා යනාදී සියල්ලේම යහපත පිණිස වෙබ්සයිඩ් තහනම් කිරීමේ ව්‍යාපෘතිය, මොබයිල් ෆෝන් චෙක් කරමින් බ්ලූ-කිල්ප් තියෙනවාද කියා සොයා බැලීමේ ව්‍යාපෘතිය, ලව්-කරන කොල්ලන් කෙල්ලන් අල්ලාගෙන පොලිසි ගෙනගොස් අවවාද කිරීමේ ව්‍යාපෘතිය, ලොකු හෝටල් මගහැර පොඩි පොඩි ගෙස්ට් හවුස් වලට පැන ලව් කපල්ස් අල්ලාගෙන ගොස් දඬුවම් කිරීමේ ව්‍යාපෘතිය වැනි මේකී නොකී ව්‍යාපෘති නහුතයක්ම ආරම්භ කොට ඇති බව අපි දනිමු. ඔබවහන්සේ මේ සියල්ලම කරන්නේ භික්ශූන් වහන්සේගේ අවවාදානුසාසනා අනුව ලෝකෙම නරකම තරුණ පරපුර යහමගට ගැනීමේ අවංක චේතනාවෙන් බව අපි දනිමු.

ඒත් මේ ඔක්කෝ නවත්තලා දැම්මාට පස්සේ නැට්ටට කිරි උනලා ගාය හැදිච්ච එවුන්ට අමාරුව ඇර ගන්න මොනයම්ම විධියක් නැතිවෙන බව ඔබවහන්සේගේ අවධානයට යොමු කරන්න බයෙන් වුනත් කැමැත්තෙමු. මේ විධියට මුන්ට ගාය ඇරගන්නට බැරි වුනොත් ගෙවල්වල ගෑනු මුරකරන්න සෙකුරිට දාලා යන්න හස්බන්ඩ් ලාට වෙනවා මෙන්ම, බාලිකා පාසැල්, ගාමන්ට් ෆැක්ටරි පරිස්සම් කරන්නට හමුදාවෙන් දාන්නටත් වුවමනා වෙන්නට බැරිනැත. පාරේ ඇවිදගෙන යන ගෑනුන් දිහා බලබල බෝක්කු උඩටවී ස්වයංවින්දනය කොරන තරුන පරපුරක් බිහිවීමේ අවදානමක් ඇති බවද ඔබ වහන්සේට දැනුන්දෙන්නට කැමැත්තෙමු.

මේ කරුණු සියල්ලම සලකා බලලා නාසි ජර්මනියේ කොලාක් මෙන්, මේ සිංහල බෞද්ධ නාසි රයිකයේත් පිරිමින්ගේ අමාරු ඇරගන්නට සෙක්ස් ඩෝල් ව්‍යාපෘතියක් ආරම්භ කරුවොත් නරකදැයි යෝජනා කිරීමට කැමැත්තෙමු. බෝනික්කිව හදාගන්නට අනුරූ අවශ්‍යනම් ඇනර්-කෙල්ල හෝ ලොකු සයිස් එකෙන් ඕනෑ අයට පබා කුමාරී අනුරුවෙන්ද සාදා දෙන්නට පුලුවන. වැහීගෙන යන ගාමන්ට් ෆැක්ටරි සෙක්ස් ඩෝල් ෆැක්ටර් බවට හරවා ග්‍රාමීය ආර්ථිකයට නව ගැම්මක් ලබාදෙන්නටත් අපේ ඇනර්ලා, පබාලා ඇමරිකාවට යුරෝපයට අපනයනය කොට ඩොලර් උපයන්නටත් හැකිවෙනු ඇත. සිලෝන් ටී වලට කරනවාක් මෙන් අඩුපාඩු නැති හොඳම බෝනික්කියන් රට පටවා ඩැමේජ් වෙච්ච ඒවා අඩු ගාණට ලෝකල් මාකට් එකේ විකුනනට පුලුවන.

නාසි ජර්මනියේදී මේක ටොප් සීක්‍රට් මිලිටරි ප්‍රොජෙක්ට් එකක් වුනු නිසා ගෝඨා අයියාටම වැඩේ බාරදෙන්න පුලුවන. මනෝවෛද්‍යවරයා වෙනුවට ඕනෑ නම් මර්වින් සිල්වාගේ සේවය ලබාගන්නට පුලුවන. ඔබතුමා රටේ සියලුම ප්‍රශ්ණ පෞද්ගලිකවම මැදිහත්වී විසඳනවාක් මෙන් මේ ගැටලුවටත් පෞද්ගලිකම මැදිහත්වී බෝනික්කී ව්‍යාපෘතිය වහාම අරඹන්නට නියෝග දෙන්නේනම් රටටම යහපතක් වේ. නෝනලාටත් හස්බන්ඩාට බෝනික්කෙක් අරගෙනදී සැනසිල්ලේ නිදාගන්නට පුලුවන්වනවා ඇත.

Tuesday, November 9, 2010

එස්.බී, අන්තරේ, ජවිපෙ, ශ්‍රීලනිපෙ හා සන්නද්ධ අරගලය

හැමෝම මේදවස්වල අන්තරේ හා ඇස්.බී. හෙවත් ආණ්ඩුව සමග යන මාරාන්තික සටන ගැන ලියන නිසා මටත් ලියන්නට හිතුනේය. සමහර අය කෙලින්ම අන්තරේට වැඩය, සමහර අය ඇස්.බීට කෙලින ගමන් සාටකරාජ්‍යය ආරක්සාකරගැනීමට ලියති. චන්ද මැසිම වුනු ඇස්.බියාට සපෝට් එකට ඉන්නේ බොහොම ටික දෙනෙකි. මොන කෝනයකින් වුවත් මේවා ගැන ලියන බොහොමයක් බ්ලොග්කරුවන් මට වඩා බ්ලොග් අවකාශයේ බොහෝ සීනියර් නිසා එතුමන්ලාගේ නම්, බ්ලොග්වල නම් ලියා ඇදගෙන නා ගැනීමට මට අවශ්‍ය නැත. එහෙත් කිවයුතු දේ හිතෙන විධියට කිව යුතුය. නැත්නම් බ්ලොග් ලිවීමෙන් වැඩක් නැත. ඒ නිසා මම මෙසේ කියමි (ලියමි);

88-89 ඉතිහාසය

මුලින්ම එස්.බී.ගේ ශිෂ්‍ය සටන් පැටිගිරිය මතක් කල බ්ලොග් සටහන ගැන කිව යුතුය. මට ජවිපෙ හෝ අන්තරය ආරක්ශා කිරීමේ කැක්කුමක් නැත. 88-89 කාලයේ උසස්පෙල සිසුවෙකු වුනු මට එකල ජවිපෙ අන්තරේ (දේශවිමුක්ති ජනතා ව්‍යාපාරය / ශිෂ්‍ය සටන් මධ්‍යස්ථාන / කම්කරු සටන් මධ්‍යස්ථාන / කුඩාපොල බල ඇණිය ) ගැන හොඳ වැටහීමක් තිබේ. එකල ඔවුන් (ජේවීපී / අන්තරේ සිසු උද්ගෝසන මෙහෙයුම් කරුවන්) කල දස්කම්, විස්කම් මට හොඳින් මතකය. සුදු යුනිෆෝම් ඇඳගෙන පොත් ගොඩකුත් එක්ක ජවිපෙ හා සම්බන්ධ පාසල් සිසුන් සමග හොරෙන් පාසැලට ඇතුලුවෙන ඔවුන් උදේ 10-11 වනවිට කෑකෝ ගසා ගුරුවරුන් බියවද්දා සිසුන්ව පංතිවලින් එලියට ගෙන "උද්ගෝසන" වල යෙදවූ හැටිත්, පොලීසිය පැමිණිවිට උන්ව ඇවිස්සීම සඳහා "පොලිස් බල්ලෝ" යයි කෑගසමින් ගල්ගසා පොලීසිය කඳුලු ගෑස් ගැසීමට අවුස්සා ඉස්කෝලෙ කොල්ලන්ට මෝඩ පොලිසිය දිගට හරහට කඳුලුගෑස් වලින් බැට දෙද්දී කලින් සැළසුම් කරගත් ආකාරයටම පස්සා ගේට්ටුවලින් ඔය සටන් නායකයින් පැනගිය ආකාරය මට හොඳින් මතකය. අන්තිමට මෝඩ පොලීසියත් උද්ධච්ඡ යූඇන්පී ආණ්ඩුවත් බලු බැනුම් ඇසුවේය, දෙමවිපියන්ගේ, පොදු ජනතාවගේ වෛරයට පාත්‍රවිය. සිසුන්ට ජීව උණ්ඩවලින් වෙඩි තබමින් මිනී මැරූ පොලිස් මැරයින්ට උසස්වීම් දෙමින්, 5/6 බලයේ උණ නිසාම තමුන්ට සියල්ලම පාළණය කරගත හැකිය යන මෝඩ සිතුවිල්ලෙන් ජේ ආර් ගේ ආණ්ඩුව ගිය ගමන නිසා අවසානයේ ජවිපෙ ජනතාවගේ ගැළවුම් කරුවාබවට පත්විය. ජවිපෙ මොන මිනිය මැරුවත්, චිට් වලින් නිළනොවන ඇඳිරිනීති දමමින් ජනජීවිතය විනාශකලත්, කඩයක් ඇරපු පලියට මිනිස්සුන්ගේ අතපය කැපුවත්, ජවිපෙ සතුරෙකුගේ මළමිනිය පවා කරමතින් ගෙන නොයා යුතුය යනුවෙන් පට්ට-තිරිසන් නීති දැම්මත් "මේ රට හදන්න කොළ්ලන්ගේ ආණ්ඩුවක් (ජවිපෙ ආණ්ඩුවක්) එන්නට ඕනෑය" යන අදහස මිනිසුන් එලිපිටම කියන්නට ගත්තේ ජවිපේ-අන්තරේ-සටන් මධ්‍යස්ථාන වල දක්ශ උපායමාර්ග නිසා නොව ජේ.ආර්ගේ ආණ්ඩුවේ උද්ධච්ඡ මරිකම නිසාමය. ඒතරමටම බලයෙන් මත්වූ එජාපය මිනිස්සුන්ට එපාවී තිබුණි. තරුණ අසහණයට විරැකියාවට හේතු නොසොයා, ඈත පෙදෙස්වලට සංවර්ධනය ගෙන නොගොස් කොළඹම දියුණුකරමින් සිංගප්පූර් කිරීමේ හීනය පස්සේ යාම නිසා අවසානයේ දකුණේ, උතුරු මැද, වයඹ හා මධ්‍යම පලාත්වල තරුණයින් දස-දහස් ගණනක් "කොල්ලන්ගේ ආණ්ඩුවක්" පිහිටුවා ගනිමුයි යනුවෙන් ජවිපෙ දුන් පෙත්තෙන් මත්වී ටයර් සෑයවල් වල ගංගා ඇළදොලවල අවසන් ගමන් යන්නට විය. ඇත්ත කතාව එයය.

එනම් අද ඉන්නා ආණ්ඩුවේ බක පණ්ඩිතයින් 88-89 මහා විනාශය තනිකරම ජවිපෙ මත පටවන්නට උත්සහා කළත්, එහි පදනම දැම්මේ ජේ ආර් ගේ උද්ධඡ්ච පාලනය මිස වෙන කිසිවක් නොවේ. ජවිපෙ සිදුකලේ ජේ ආර් දැමූ පදනම මත සිය බලය අල්ලාගැනීමේ යාන්ත්‍රණය ගොඩනැගීම පමණකි. එය මහින්ද, සාම-ගිවිසුමට තිබූ ජනතා විරෝධය රටේ බලය අල්ලාගැනීමට ඉනිමගක් කරගත්තා වැනිය. වෙනස ජවිපෙ සිය ඝාතකයින් ලවා පොලිටි-බියුරෝවේ තීරණ අනුව මිනී මැරීම හා මහින්ද ආරක්ශක කවුන්සිලයේ තීන්දු මත සරත් ෆොන්සේකා ලව්වා මැරවීමයි.

එපමනක් නොව, අද සමහර බ්ලොග් ලියන සහෘදයින් අන්තරේ සටන්වලට එජාපෙ නිහඬ එකඟතාවයක් දෙමින් කාළකණ්නි සතුටක් ලබන බව කිව්වත්, එදා 88-89 කාලයේ ජවිපෙ සටනට ශ්‍රීලනිපය එලිපිට දුන් සහය ගැන කිසිවක් නොකියන්නේ 88-89 කාලයේදී ඔවුන් ඉපදී නොසිටි නිසාද (සමහරුන් සැබැවින් ඉපදී නැතුවා හෝ ජංගිය තෙමාගන්නා වයසේ පසුවන්නට ඇත ) නැත්නම් වුවමනාවෙන්ම අමතක කර නිසාදැයි සොයා බැලිය යුතුය. එකල ජවිපෙ සටනට ශ්‍රීලනිපය හදවතින්ම ආශීර්වාද කලේය. මිළමුදල් පමණක් නොව ජවිපෙ උද්ඝෝශණවලදී, පොලීසිය සමග වීදි සටන් වලදී, ටවුන් හෝල් එකේ එකවර බස් දුසිම් ගණනක හුලන් අරිද්දී , බස් ඩිපෝ පිටින් ගිණි තැබීම් වලදී, පිටකොටුව බෝ ගහ යට භික්ශු සටන් වලදී, රජයේ ගොඩනැගිලි විනාශකිරීම් වලදී සිය පිරිස් බලය ජවිපෙට ලබාදුන් බව මම පෞද්ගලිකවම දන්නා කරණයකි. ඒ මාගේ ලඟම ඥාතියෙකු එකල ශ්‍රිලනිපයේ සුවිසල් බළකනුවක් වූනිසාත්, තොලකට තෙමාගත් විට කටවැඩ නැතුව දෙඩවීමේ පුරුද්ද ඔහුට තිබුණු නිසාත්ය.

එපමණක් නොව එකල එජාප මහලේකම් වුනු හර්ශ අබේවර්ධනගේ ඝාතනයේ පටන් ජවිපෙ සිදුකල සියලු එජාප නායක ඝාතන ශ්‍රීලනීපය නිළවශයෙන් නොවුනත් අන් සියලූම ආකාරවලින් අනුමතකලා පමණක් නොව සාධාරණීකරණය කලේය. අද එජාපයේ නිහඬ අනුමැතිය ගැන කුණු හබ්බ ලියන සාටක ඔස්තාර්ලාට මේවා මතක නැත (දන්නේ නැත). එදා ජවිපෙ මිනීමරු දේශපාලනයට අවශ්‍යය මානසික ශක්තිය හා ජනතා සහය ලබාදුන්නේ ශ්‍රීලනිපය මිස වෙන කවුරුත් නොවේ. අද ජේවීපිය (අන්තරේ=ජේවීපී) තවත් සන්නද්ධ අරගලයකට ලෑස්තිවෙනවා යයි තප්පු-ලන්නේ එදා ජවිපෙ සන්නද්ධ අරගයලට, මිළමුදල්, රැකවරණ, පිරිස් බලය හා ජනතා සහයෝගය ලබාදුන් එවුන්ය. ඔවුන්ට අද මුල අමතකවීම අප ජාතියේ ස්වභාවය මිස උන්ගේ වරදක් නොවේ.

මේ ක්‍රියාදාමයේදී "දිවයින" පත්තරයේ ක්‍රියාකලාපය ගැනද කිවයුතුමය. දිවයින මැරිලා ඉපදී ඇත. එදා 88-89 කාළයේ ජවිපයේ නිළ නොවන ජාතික පුවත්පත වුනේ දිවයිනයි. එදා ජවිපේ සටනට න්‍යායාත්මක සහය හා ජනමනස හැඩගැස්වීමේ මෙහෙයුම සිදුකලේ දිවයිනයි. ජවිපෙ සිදුකල ඕනෑම අසමජ්ජාති ක්‍රියාවක් (උදා: සාගරිකා ගෝමස් ඝාතනය / ප්‍රේමකීර්ති ඝාතනය ) උඩින් ලාවට හෙලා දැක, ඇතුලු පිටු පුරාවට සාධාරණීකරණය කලේ අන් හැමටමත් වඩා දිවයිනය. එකල රාවය සඟරාව (දැන් පුවත්පත), හිරු පුවත්පත, විවරණ සඟරාව වැනි විකල්ප ප්‍රකාශණ බයට හෝ හැබෑවට ජවිපෙට කඩේ ගියත්, ජවිපෙ මාධ්‍ය මෙහෙයුමේ පුරෝගාමියා වුනේ දිවයින පත්තරේය. ජවිපෙ හා දිවයිනේ මේ කුප්‍රකට ප්‍රේමය කොතරම් දුරදිග ගියා දැයි කිවහොත් එකල ජවිපෙ, එජාපයේ ප්‍රාදේශීය දේශපාලකයින්ට ලබා දුන් ආඥාවක මෙසේ සටහන් විය.

"පණට ආදරේ ඇත්නම් එජාපෙ දේශපාලනයෙන් වහාම ඉවත් වෙයල්ලා. ඉවත් වුනු බවට දැන්වීමක් දිවයින පත්තරේ දාපල්ලා..."

ඔන්න ජවිපෙ අණ. දැන්වීම දැමිය යුත්තේ දිවයිනේමය. වෙන එකක දැම්මොත් ආඥාවට කීකරු නොවුනු නියාවෙන් යටිගම් බලා යන්නට සිදුවිය. එකල ජවිපෙ සමග රමණය කල ශ්‍රිලනිපයේ සලෙලුන් මෙන්ම එකල ජවිපෙට ඇඳිවත උනා නොමිලේ කොරන්නට දුන් දිවයිනේ මාධ්‍ය ගණිකාවන්ටද මේ සියල්ලම අද අමතකය. උන් මැරී ඉපදී ඇත. දිවයින පත්තර කන්තෝරුවේ පුස්තකාලයේ තියෙන පරණ පත්තර ටිකක් අවුස්සලා බලන්නට යයි මම දිවයින මාධ්‍ය නරිප්පඩයින්ගෙන් ඉල්ලා සිටිමි. 88-89 කාළයේ මොහිණීගේ බඩට බබා දුන්නේ දිවයිනේ උන්මය. දැන් වැදගත් පාඨකයින් ගැන ටී.වී එකේ දැන්වීම් දමයි. ජවිපෙ අනාගත සන්නද්ධ අරගලය ගැන දොඩවමින් එස්.බීට මුක්කු ගසමින් රෙද්ද උස්සයි. මේවා තකතිරු යූඇන්පී කරයින්ට මතකත් නැත. හැම මගුලම කටපාඩම් කරගෙන දෙසාබාන ජවිපෙ උන්නැහෙලාටත් මේ ටික පොතේ නැති නිසාදෝ අමතකය. අද දිවයිනට අනුව, ඇස් බී උන්නැහේ හරිය. ජවිපෙ තවත් සන්නද්ධ අරගලයකට අර අඳියි. එදා ජවිපෙ සන්නද්ධ අරගලයට කත් ඇද මිය ගිය තරුණ තරුණියන්ගේ ලේ අත්වල තැවරී ඇති නිසාදෝ දිවයින එදා මෙන් නොව අද ජවිපෙ සන්නද්ධ අරගලයට විරුද්ධය.

ජවිපෙ සන්නද්ධ අරගලයකට ලෑස්තිවෙනෝ!! - එස්.බී ඇතුලු සාටක රැළ

කිව යුත්තේ මෙයයි. එදා මෙන් නොව අද ජවිපයට සන්නද්ධ අරගලයක් ගැන සිතීමටත් නොහැකිය. කරනවානම් අතන මෙතන පොඩි බෝම්බයක් පුපුරවා, නැත්නම් හිටගෙන නිදාගෙන ඉන්නා පොලිස් කොස්තාපල් කෙනෙකුට දෙකක් ඇණ රයිෆලයක් උදුරාගෙන ගොස් එකෙකුට දෙන්නෙකුට වෙඩි තැබිය හැකිය. අහිංසකයින් කිහිපදෙනෙක් මරාදැමිය හැකිය. ඉන් එහාට කලහැකි කජ්ජක් නැත. අද ඉන්නා මිලිටරිය 88-89 කාලයේ හිටි මිලිටරියට වඩා වෘත්තීමය මට්ටමෙන් උසස්ය, පිරිස් බලයෙන් දෙතුන් ගුණයකින් වැඩිය, නහුතයටම සන්නද්ධ වී ඇත, ආරක්ශක වියදම් වැඩිවෙනවා මිසක් අඩුවෙන්නේ ඇත ,බුද්ධි-ජාල රට වටා එලා ඇත. ඒ නිසා එදා කල සෙල්ලම අද බැරිය. එදා දිවයින කාරයින් ජවිපෙට කත් අදමින් යහතින් සිටියත් අද වෙන්නේ බුරුත්තටම ලසන්ත සමග සැතපෙන්නටය.

ආණ්ඩුවත් මේ බව හොඳින් දනී. ඒ නිසා ඔය සන්නද්ධ අරගල කතාව ආණ්ඩුවට සිය නිරුවත වසාගෙන ජනතාව මර්ධනය කරගණිමින් තවත් වසර විස්සක් තිහක් බලයේ ඉන්නට හැකි ආකාරයේ පරිසරයක් හදා ගැනීමට සතුරෙකු නිර්මාණය කරගැනීමේ උත්සාහයකි. ජවිපෙ සන්නද්ධ අරගලය එනවෝ යයි කෑගසන්නේ ඒ නිසාය. ඇත්තටම ජවිපෙ සන්නද්ධ අරගලයක් කරන්නට ලෑස්ති වෙනවා නම් ආණ්ඩුව කෑ ගස ගසා නිකන් ඉන්නේ නැත. එහෙනම් ගෝඨා අයියන්ඩී සිය ටීම් එකත් එක්ක මේ වෙනකොටත් සටන පටන් අරගෙනය. මේ වන විට අඩුම ගානේ අන්තරේ බුවාලා, ජවිපෙ වෘත්තිය සමුති බුවාලා දුසිම් දෙක තුනක් වත් සුදු වෑන් වලින් ගෙනිහිල්ලාය. ජවිපෙ මූලස්ථානෙට පොලීසිය සීල් තියලාය. ඒ නිසා ජවිපෙ සන්නද්ධ අරගලය බොරු බයිලාවක්ම පමණකි. සන්නද්ධ අරගලයකට විහිලුවකට හරි ජවිපෙ ලෑස්ති වෙනවානම් ඊට වඩා සුදුසුදේ ඔවුන් සමූහ-සියදිවිනසා ගැනීමකට යාමයි. ඒ මන්ද යත්, අවසානයේ සිදුවන්නේ එයම නිසායි. එය 88-89 කාලයේදි වුනාට වඩා අධිකවේගයෙන් වනු ඇත. වෙන්නේ මොකක්දැයි සිතන්නටත් පෙර අරගලය මිහිදන් වනු ඇත.

එස්.බී හා පෞද්ගලික විශ්වවිද්‍යාල සටන

එස්.බී ඉස්සරහට දාලා ආණ්ඩුව කරන්නේ ගේමක්. ව්‍යවස්ථා සංශෝධනය වගේ ඕනෑනම් පෞද්ගලික විශ්වවිද්‍යාල පනතත් සම්මත කරගන්න පුලුවන්නේ?

මේ එක් බ්ලොග්කරුවෙකගේ තර්කයයි. අන්තරේ අද නිව්ස්වල ඉන්නේ වැඩියෙන්ම මුදල් ගන්නා විශ්වවිද්‍යාලට විරුද්ධ සටන නිසාත්, ඇස්.බී තුමා සල්ලි ගන්නා විශ්වවිද්‍යාල කෙසේහෝ පිහිටුවමී යනුවෙන් සිහ නාද කොට ඇති නිසාත් මේ ගැන සොයා බැලිය යුතුය. ව්‍යවස්ථා සංශෝධනයක් යනු නීතියකි. සාමාන්‍ය ජනයාට එදිනෙදා ජීවිතයේදී බල නොපාන්නකි. එය මොන ක්‍රමයකින් හෝ සම්මතකරගෙන කීකරු ශ්‍රේෂ්ඨාධිකරණය ලව්වා ව්‍යවස්ථාවට එකඟයි යනුවෙන් කියවාගත්තානම් එතනින් එහාට විරුද්ධවාදීන්ට කල හැකි කජ්ජක් නැත. මොනවාහරි ලොකු දෙයක් කරන්නට හැදුවොත් ශ්‍රේෂ්ඨාධීකරණයට අපහාස කරනවා යනුවෙන් නඩුවක් ගෙන්වාගෙන, අස්සවාගත හැකිය. එතකොට ඉල්ලන් කෑම හැර වෙනයම් දෙයක් ඉතුරු නොවේ. ව්‍යවස්ථා සංශෝධනය සිදුකරගෙන ආණ්ඩුව යහතින් ඉන්නේ "ශ්‍රේෂ්ඨාධිකරණ තුරුම්පුව" නිසාය. මිනිසුන් බහුතරය ශ්‍රේෂ්ඨාධිකරණයට ගරුකරනතෙක් ඔය සෙල්ලම කළ හැකිය. කොතෙක් කල් එම ගෞරවය තිබේවීදැයි වැඩියෙන්ම සිතිය යුත්තේ අගවිනිසුරුතුමාය. කොයිදේටත් සීමාවක් ඇති බවත් සිමාව ඉකමණින් එනබවත් උගතෙකු වුනු එතුමාට කියාදිය යුතු නැත.

විශ්වවිද්‍යාලයක් ඔය විධියට බලෙන් නීතියක් සම්මතකරගෙන පිහිටවිය හැකිද? විශ්වවිද්‍යාලයක් යනු භෞතික ආයතනයකි. එය සාර්තකවීමට එයට දරුවන් ඇතුලුකිරීමට දෙමාපියන් කැමතිවිය යුතුය. එසේ කැමතිවන්නේ ඒ දරුවන් ලබන උපාධියට නිසි වටිනාකමක්, පිලිගැනීමක් ලැබේයයි සහසුද්දෙන්ම ස්ථිරවුනු විටය. එපමණක් නොවේ. දරුවන්ගේ ආරක්ශාවත්, උපාධිය අවසන්කරන තෙක් විශ්වවිද්‍යාලය පවතීද නැත්නම් ආණ්ඩු මාරුවකදී වාශ්පවේවේදැයි සැකයක් දෙමාපියන්ට ඇති නොවිය යුතුය. මේ සැක සංකා දුරුකරන්නට නම් පෞද්ගලික විශ්වවිද්‍යාල පනතක් සම්මත කරගෙන පමණක් පුලුවන්ද? උදේ සිට රෑවෙන තෙක් සිය දරුවන් නිදහස් අධ්‍යාපනය කාදමන ජාතියේ සතුරන් බව රටට පෙන්වමින් පොලීසියත් එක්ක මරාගන්නට යන අන්තරේ සටන් තිබෙන තෙක් දෙමව්පියන් සිය දරුවන් මහන්සියන් හම්බකරගත් මිලමුදල් වියදම් කොට පනතෙන් සම්මතවුනු පලියට පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යවන්නේ යයි සිතිය හැකිද? කිසිසේත් නැත. සල්ලිත් වියදම් කර දරුවන් අතරමන් කරන්නට දෙමව්පියන් සූදානම් නැත.

එසේ නම් විසඳුම කුමක්ද?

අන්තරේ. එස්.බී සටන කියවිය යුත්තේ ඔතැන ඉඳගෙනය. එස්.බී අන්තරේ එක්ක හැප්පෙන්නේ, ආණ්ඩුව එස්.බීට ඕනෑ විධියට අන්තරේ මල්ලිලා කූඩු කරන්නේ ඒ අනුවය.

එස්.බීට පිස්සු හැදිලාවත්, ආණ්ඩුව එස්.බීව නැතිකරන්නට පෞද්ගලික විශ්වවිද්‍යාල මඩගොහොරුවේ එස්.බීව වැට්ටුවා වත් නොවේ. නැත්නම් එස්.බී දුන් වැඩේ අනාගෙන මඩ නාගන්නවා වත් නොවේ. මට වගකීමෙන් කිවහැක්කේ, එස්.බී මේ ක්‍රියාත්මක් කරන්නේ රජයේ ඉහලම තැන්වල, පූර්ණ අවබෝධය හා සහය ඇතුව ඉතා සූක්ශමව සැළසුම් කරගත් ක්‍රියාදාමයක් බවයි. මෙහි පලමු අරමුණ ජවිපේ පණක් ඇති එකම අංශය වන අන්තරය විනාශකර දැමීමයි. මේ සඳහා ඕනෑම මිලක් (අහිංසක හෝ අහිංසක නොවන සිසු ජීවිත) ගෙවීමට රජය අදිටන් කරගෙන ඇති බවත් මගේ තර්කයයි. කොටි වනසන්නට ඕනෑතරමක් දෙමල සිවිල් ජීවිත නසන්නට නොපැකිලුනු රජය, රටේ ජනතාව නිතරම වපරැසින් බලන විශ්වවිද්‍යාල සිසුන් අවශ්‍ය ගණනක් වලපල්ලට යැවීමට නොපැකිලෙනු ඇත. "ඔය මැරෙන්නේ දෙමළුනේ" කියා ජනතාව නිහඬව හිටියාක් මෙන්ම විශ්‍යවිද්‍යාල සිසුන් මැරෙන විට "ඔය කැම්පස් කාරයෝ පාඩම් කරලා උපාධිය අරගෙන රටට සේවය කරනවා වෙනුවට පොලීසිය එක්ක ගහගන්න යනවාට හොඳ වැඩේ" කියමින් නිකන් සිටිනු ඇති බව මගේ විස්වාශයයි. හොඳින් නොව නරකින් අන්තරය විනාශකරගත් පසු යලිත් ජවිපය හිලෑ කරගෙන දෙකට තුනට කඩා ගැනීම හෝ අන්තරයත් සමගම විනාශකරදැමීමට පුලුවන. අන්තරය හා ජවිපෙ මේ අසුවී සිටින්නේ එස්.බීගේ උගුලක මිස, එස්.බී ජවිපෙ හෝ ඔහුගේ සතුරන්ගේ උගුලක හසුවී නැත. සුදුස්සාට සුදුසු රාජකාරිය පැවරීමටත්, උපරිමයෙන් සහයදී කාරිය කරවාගැනීමට රාජපක්ස ජනපති රුසියෙකි. සරත් ෆොන්සේකා, කෙහෙලිය මේ සඳහා හොඳ නිදසුන්ය. එස්.බී තෙවන හොඳම නිදසුන වනු ඇත. ජවිපෙ නැසූ වීරයා වීමේ භාග්‍යය ඔහුට උදාවී ඇත.

මේ නිසා එලිපිට සටනක් කොට අන්තරය (ජවිපෙ ) රට වනසන ද්‍රෝහීන් බවට හංවඩුගසා (යුද්ධයට විරුද්ධ වූවන්ට එකල ජවිපෙ කලාක්මෙන්) ඔවුන් වනසා දැමින්ය යුතුබවට ජනමතය ගොඩනැංවිය යුතුය. එය කරන්නට හොරෙන් සටන් කොට නොහැක. මාවිල් ආරු මෙන් එලිපිට සටනක් කල හැකි, සටන සාධාරණීකරණයකොට බහුතර ජනතාවට අලෙවිකල හැකි අන්දමේ එකක් විය යුතුය. එස් බී මේ සිදුකරන්නේ එයයි. ඔහු උවමනාවෙන්ම අන්තරය ප්‍රකෝපකරමින් සටනට ඇද ගෙන ඇත. දැන් සටන ඇරඹී ඇත. වැඩියෙන්ම ප්‍රකාශණ බලය (media power), පිරිස් ශක්තිය හා ජනතා සහය ඇති පාර්ශවය ජයගනු ඇත. මේ සියලු ශක්තීන් ඇත්තේ ජවිපෙ/අන්තරේටද නැතිනම් එස්.බී ප්‍රමුඛ රාජපක්ශ යාන්ත්‍රණයටද?

Sunday, November 7, 2010

දැයට සෙවණ!

දිණමිණ කතුවැකිය : දැයට සෙවන
ශ්‍රී ලංකාව ඈත අතීතයේ පටන් ම වනගහනයෙන් අලංකෘත වූ රාජ්‍යයක් ලෙස පැවැතිණි. පුරාණ රජවරු වනය හා ගහකොළ ආරක්ෂා කිරීම සඳහා වෙන ම නීති පැනවූහ. අනවසරයෙන් වනය හෙළන්නාට දැඩි දඬුවම් ලැබිණි. පොදුවේ ගත් කල සියලු දෙනා ම වෘක්ෂලතා රැකීමට බැඳී සිටිය හ. ඔව්හු ගහකොළට හා සතා සීපාවාට ආදරය කළහ. 1940 පමණ වනවිට ද මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වෘක්ෂලතාදියෙන් වැසී තිබිණි. එහෙත් පසුකලෙක ක්‍රියාත්මක වූ ලිහිල් නීති නිසා ද, වන ජාවාරම් නිසා ද, නැවත වන වගාවක් නොසිදුවූ නිසා ද වනගනය ශීඝ්‍රයෙන් පහත වැටිණි. අද මුළු භූමියෙන් පහෙන් එකක කොටසක්වත් වනය සඳහා වෙන් වී නැත.
රට පාලනය කළ නායකයන් ගේ ප්‍රතිපත්ති ද වනය කෙරෙහි බල පෑවේ ය. අප ගේ ප්‍රධාන වැසි වනාන්තරය වූ සිංහරාජය මැදින් පාරවල් කැපූ යුගයක් තිබූ බව අපට මතක ය. සිංහරාජය හා එහි සම්පත් විදේශීය කොම්පැනිවලට ලියාදීම සඳහා පිඹුරුපත් සකස් කළ යුගයක් තිබූ බව ද අපට මතක ය. රටට ආදරය නොකරන පාලකයන් වනයට ආදරය කරත්ද? දැන් ඒ සියලු අඳුරු යුගයන් හමාර කොට අලුත් යුගයකට පැමිණ තිබේ. මේ යුගයෙහි එක් විශේෂත්වයක් වන්නේ මවුබිමට, ජාතියට හා ස්වභාව ධර්මයට ආදරය කරමින් කටයුතු කිරීම ය.

ඉහත ප්‍රතිපත්ති අනුව යමින් දීප ව්‍යාප්ත වන වගාවක් හා වෘක්ෂලතා සංරක්ෂණ වැඩසටහනක් පාරිසරික අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ. පළමුව දිවයින පුරා පැළ ලක්ෂ එකොළහක් සිටුවීමේ වැඩසටහනක් යෝජනා විය. අද එය පැළ දොළොස් ලක්ෂය ද ඉක්මවා පැළ ලක්ෂ විසිදෙක දක්වා ව්‍යාප්ත වී තිබේ. සෑම දිස්ත්‍රික්කයක ම සෑම ප්‍රදේශයක් ම ඇතුළත් වන සේ වැඩසටහන ක්‍රියාත්මක වේ. පරිසරයට කවදත් හිතවත් ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා විසින් මේ වැඩසටහනට නායකත්වය දෙනු ලැබේ. උත්සවවලට වඩා ක්‍රියාකාරිත්වයට මුල් තැන දුන් පැළ සිටුවීමේ වැඩසටහන අනාගතය බලා සැලසුම් කරන ලද අගනා වැඩසටහනක් සේ පෙන්වා දිය හැකි ය.
දිණමිණ කතුවරයා කියන විදියට දැන් ඇත්තේ ස්වභාව ධර්මයට ආදරය කරන පාලනයකි. කතාව ඇත්තටම ඇත්තය. බැසිල් වැනි ආණ්ඩුවේ දේශපාලන ලොක්කෝ පමණක් නොව, රජයේ සේවයේ නිරත ආණ්ඩුවට ගැතිකම් කරන ලොක්කෝද, ගුවන් හමුදාපති වැනි සද්දන්තයෝද වනාන්තරයට දැඩි ලෙස ආදරය කරති.

කොතරම් ආදරේද යත් සිංහරාජයේ, නකල්ස් කඳුවැටියේ වැනි මෙකී නොකී වනාන්තර, දුලබ ලෝක උරුමයන් ලෙස, තර්ජනයට ලක්වී ඇතැයි පරිසර සංවිධානවල රතු පොත්වල සටහන් වුනු වැසි වනාන්තර තුල කාමර දහයේ පහලොවේ ගෙවල් සාදාගන්නේ නිවාඩුපාඩුවේ තම පවුල, ඥාතිමිත්‍රාදීන් හා දැසි දස්සන් පිරිවාරගෙන මේ වනාන්තර අස්සට රිංගාගෙන වනාන්තරයට ආදරය කරමින් කල් ගතකිරීමට නොවේද?

තරුණියකට ආදරය කරන තරුණයින් සතියේ වැඩි කාළයක් ඇයත් සමග ගතකරයි, ඒ ආදරයේ ඇති දැඩි බව නිසාමය. ආණ්ඩුවේ ලොක්කන් කරන්නේත් මේ දේම නොවේද? මෙලෙස කැලෑ අස්සේ මහා මන්දිර තනාගන්නේ ට්‍රිලියම් පාක් වැනි සුඛෝපබෝගී එපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක සුපිරි ගෙයක් ගත නොහැකි නිසාද? නැත. එක ටෙලිෆෝන් කෝල් එකකින් කාටහරි විකුණන්නට අත්තිකාරම් ගෙන ගිවිසුම් ගසා ඇති නිවසක් වුනත් බලෙන් ලබාගැනීමේ හයිය මොවුන්ට නැතුවාටද? නැත්නම් ඇක්සස් සුමල් මහත්තයාගේ ෆෝට්‍රස් සුපිරි හෝටලයේ වීක්-එන්ඩ් එක ගතකරන්නට මුදල් හදල් නැතුවාටද? එහෙම ගැටලුවක් නැත. මෙලෙස හොඳම වනාන්තර, වැව් තාවුලු, නැගෙනහිර ඇති ලස්සනම් මුහුදු වෙරලවල් පදාස පිටින් බුත්තියට ලියාගන්නේ, වැඩකට නැති කබල් පන්සල් ඩෝසර් කොට නිවාඩු නිකේතන හදන්නේ ස්වභාවධර්මයා සමග ජීවත්වීමේ ආසාව නිසාමය.

සිකුරාදාට වැඩ ඉවරකොට හාමිනේ හෝ හොර හාමිනේද කැටුව කිසි වියදමක් නැතුව පරිසර හිතකාමීලෙස වතුරෙන් දුවන ගුවන් හමුදා හෙලිකොප්ටරයකට නැගීගෙන නකල්ස්වල, සිංහරාජයේ නැත්නම් රටේ වැඩිදෙනෙක් දන්නේවත් නැති, ඒත් මුලු ලෝකයම සිය පොදු උරුමයක් ලෙස නම්කරගෙන ඇති, තවමත් හඳුනානොගත් වටිනා බෙහෙත් පැලෑටි හා සත්වයින් ජීවත්වෙන, නොයිඳුල් වන පියසක හදාපු මන්දිරේට දුවන්නේ සතාසීපාවා සමග ගහකොල සමග ඇල්මෙන් බැල්මෙන් සිටින්නටය. ආදායමක් නැතත් තමුන්ට යන්න බැරි තරම් වැඩ අධික කාලයකට (එනම් ව්‍යවස්ථා සංශෝධනයක් හෝ චන්දයක් ඇති කාලෙට) සල්ලිකාරයින්ට හා සුද්දන්ට කුලියට දී සොච්චම් මුදලක් ලබාගෙන ලයිට් බිල් වතුර බිල් ටික ගෙවාගන්නට පුලුවන්නේද, නාකි වුනාම නිදහසේ භාවනා කරමින් තවුස් දම් පුරමින් ඉන්නට පුලුවන් නේදැයි යන පරම පවිත්‍ර චේතනාවලින් මේ මන්දිර, තානායම් හා හෝටල් තනාගෙන තිබේ. එහි කිසි වරදක් නැත.. බංගලාව මුරට හිටුවා ඇති හමුදාවේ, සිවිල් ආරක්ශක බලකායේ කොල්ලන්ට වුවද ඔය වනාන්තර තවත් වැඩි දියුණු කරන්නට, ටිකක් ඈතට වෙන්න ගන්ජා පැල ටිකක්, එනසාල් වගාවක් වුනත් දාගන්නට පුලුවන. ඒවත් පැලෑටි නිසා ගැටලුවක් නැත.

දිණමින කතෘතුමා කියන විධියට ඇත්තටම අප දැන් අඳුරු යුගයෙන් එලියට පැන ඇත. දැන් අපි එලිය දකිමින් සිටිමු. එදා ප්‍රේමදාස මහත්තයාගේ කාලයේ කණ්ඩලම වැව් තාවුල්ල ලඟ හෝටලයක් හදන්නට යනවා, දඹුල්ලේ ලෝක උරුමය, කෘශි සංස්කෘතිය වලපල්ලට යනවා යයි බොරුවට බෙරිහන් දුන්, උපවාස කල අඳුරු යුගය අපට මතකය. දැන් නකල්ස් වල, සිංහරාජයේ හා තවත් වන රක්ශිතවල මොනවා කෙරුවත් බොරුවට උඩ පනින මෝඩයින් නැත. මෝඩකම අන්ධකාරයයි. දැන් අපි ආලෝකයේ සිටින නිසා පරසරවේදී ඩොලර් කාක්කන්ට ඕනෑ ඕනෑ විධියට නටන්නට ඉඩ නැත. අපි දැන් මෝඩ නැත.

කාලෝචිත ලෙස අපි අඳුරෙන් එලියට ආවා මෙන්ම, පරිසර අමාත්‍යාංශයේ පැල විසිලක්ශයේ වැඩසටහනද ඉතා කාලෝචිතය. වැසිවනාන්තර නිවාඩු නිකේතන බවට පත්වීගෙන යන නිසා දැන් රටපුරා පැළසිටුවා හැම ගමකම වැසිවනාන්තරය බැගින් පිහිටුවා ගත හැක. ඔය විසිලක්ශයෙන් සීයට විසිපහක් ලොකුමහත් වුනත්, ඒ ටික මොනතරම් වටිනා ලී කන්දරාවක්ද? පාසැල් ලමයින්, සමුර්ධි අහිංසකයින් ලව්වා මෙසේ පැළසිටුවා ලොකු මහත්කර ගතවිට, තවත් අවුරුදු විස්සකින් විතර (පියරජතුමා තාම තරුණයිනෙ) නාමල් කුමාරයා රජවුනු පසු එයාගේ ගෝලයින්ට ඒ ගස් කපාගෙන විකුණාගත හැකිය. එවිට දැයට සෙවන කෙසේ වෙතත් ගෝලයින්ගේ හිසට සෙවනට අලුත් ගෙවල් ටිකක් හදාගත හැකිය.

Saturday, November 6, 2010

අත් අඩංගුවට පත්වීමේ බිය....නොහොත් දිඨ්ඨ ධම්මවේදනීය කර්මය


Source : ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් ලිපිය

ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී ජන මාද්දිය වලට කවදාක්වත් (ජීවිතාශාව නිසා) වාර්තාකිරීමට නොලැබෙන අපූරු පුවතක් ඉංදියාවේ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ වෙබ් සංස්කරණයේ පළකොට තිබුණා.

ඒ අප මහරජාණෝට සිද්ධවුනු වස ලැජ්ජාවක් ගැන ප්‍රවෘත්තියක්.

එතුමාණෝ පුරාණ සිරිත් පරිදි, මහජන මුදල් කම්බස් කරමින් මොකක් හෝ පඩ ආරාධනාව ලැබුණු වහාම පිටරට දිවීමේ සම්ප්‍රදාය අනුව මෙවරත් එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිංහල සිසුන්ගේ ආරාධනය පරිදි එහිදී සුද්දන්ව කම්බස් කිරීමේ දේශනයකට යන්නට නැට්ටුවන් බෙරකාරයින් හා ඇත්ගොව්වන්ද සපිරිවරාගෙන ලක ලෑස්ති වුනා.

ඔය අස්සේ එතුමාගේ කේවට්ට උපදේශකයින් සිය ගණනකින් එකෙකුට පරණ පත්තර කෑල්ලක තිබූ, ලන්ඩනයේදී ආජටිනාවේ හිටපු ආඥාදායක පිනෝශේ අතඩංගුවට ගැනුනු බවට වුනු ප්‍රවෘත්තිය අහම්බෙන් කියවන්නට ලැබී දුවගෙන ගොස් රජතුමා ලඟ වැඳවැටී පරන පත්තර කෑල්ල පෙන්වා සිටියා. පරාණ භයෙන් මුසපත් වුනු වීරධීර අප මහ රජාණෝ ලන්ඩන් යන්නට බඩු පැක් කරමින් සිටි සියගණනක් බැලයින්ගේ ප්‍රාර්ථනා සුන් කරමින් ගමණ කැන්සල් කරා..

තමන්ට හිටපු එකම නියම ප්‍රතිවාදියා බොරුචෝනා මත සිපිරිගෙට යැවූ මහ රජාණන්නට ලන්ඩන් වලදී අත් අඩංගුවට පත්වෙන්නට සිද්දවේයයි යන බියෙන් ගමන් අවලංගු කරන්නට සිදුවීම දෛවයේ සරදමක්.

සැබෑ වීරයින් කවුද, බොරු වීරයින් කවුදැයි හඳුනා ගැනීමට මෙයම හොඳ නිමිත්තක් නොවේද. නොකල වැරදිවලට මහ-උළුගෙයි නොතැප දරු පවුලත් සමග ඇමරිකාවට පැනගැනීමට ජෙනරාල්ට කරන්නට තිබුනේ "මට සමාව දෙන්න ජනපතිතුමණි" කියන වචනටික කොළකෑල්ලක ලියා රජගෙට යැවීම පමණක් නොවේද? එහෙත් එලෙස නිවට නියාලු බවට පත්නොවී සිපිරිගෙය තෝරාගත් ජෙනරල් වරයාත්, තවමත් මෙරට විධායක ජනාධිපතිධූරය හොබවන, නීත්‍යානුකූල ලෙසට තේරීපත්වූ බවට මැතිවරණ කොමසාරිස් හා අධිකරණය පිලිගන්නා රටේ නායකයා, පැන්ශන් ගිය ඒකාධිපතියෙකු ලන්ඩනයේදී අල්ලාගත්තා යන කරුණ මත විදේශ සංචාරයක් මගහැරීම මොනතරම් බියගුලු කමක්ද?

ලෝකයේ කිසිම තැනක බලයේ සිටින නායකයෙක් තවත් රටකදී අතඩංගුවට පත්වී තිබේද? එවැනි දෙයකට ලෝක ජනමතය ඉඩදේද?

ප්‍රශ්ණදෙකටම පිලිතුරු "නැත" යන්නයි.

ජනපතිවරයා සැබෑවීරයෙක් නම් කලයුත්තේ, "කොටි ඉත්තන්නට ඕනෙනම් මට නඩුදාන්න කියපල්ලා, ස්කොට්ලන්ඩ් යාඩ් කාරයනි පුළුවන්නම් මාව අත්ඩංගුවට ගනිල්ලා ඔන්න මම ආවා.." කියලා රාජ්‍යනායකයෙකු ලෙස ලංඩන් නුවරට ගොඩ බැසීමයි.  එහෙත් කාඩ්බෝඩ් වීරයින්ට, ජනමධ්‍යතුලින් සැමදා පිම්බෙන, වීරයින් සිපිරිගෙට යවා පාලුගෙයි වලන් බිඳින වෘශභයින්ට එවන් පුරුශ ශක්තියක් ඇත්නම් වෙසඟනන්ටද පතිවත රැකිය හැකිය. සරමේ සුලුදිය වැගිරීමට "ස්කොට්ලන්ඩ් යාඩ්" නම ඇසුනත් ඇත.

රුසියාව, චීනය, ඉංදියාව වැනි මිතුරු රටවල්,  ත්‍රස්තවාදි-හිතවාදී කල්ලියක නඩුවක් නිසා කිසිවිටකත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ එක මයිල්ගහකට හෝ කරදරයක් වෙනවාට විරුද්ධ බවත්, ලොවටමට හිසරදයක් වුනු ත්‍රස්තවාදය පරාජය කල ලෝකයේ එකම රටේ නායකයාට ත්‍රස්ත හිතෛශීන්ගේ නඩුවක් නිසා විලංගු වැටනවාට ත්‍රස්ත තර්ජනයට මුහුණපා සිටින බ්‍රිතාන්‍යයේ ජනතාව හා දේශපාලන නායකයින් වුව දැඩිලෙස විරුද්ධ වෙන බවවත් මේ බයගුල්ලන්ට මතක්වෙන්නේ නැත.

සිකුරට මතක් වෙන එකම දෙය නම් "මම ජෙනරාලයාවට බොරුවට හිරේ දැම්මා වගේ ලන්ඩන්වලදී මාවත් බොරුවට අල්ලලා හිරේ දායිද දන්නේ නෑ..." කියන නිවට සිතුවිල්ල පමණකි. (රජ උන්නැහේ හිතාගෙන ඉන්නේ බ්‍රිතාන්‍යයේ යුක්තිය පසිඳලින්නේත් ලංකාවේ අගවිනිසුරුතුමා කියලා වෙන්න ඇති...ඒකනෙ ඔච්චර බය)

මහ රජතුමනි, මේ ආත්මයේම පලදෙන්නට පටන්ගෙන ඇති, තවම පලදෙන්නට ආරම්භවුනා පමණක් වුනු කරුමයකි ඔය ඔබ කරගත්තේ. ස්වභාවික යුක්තිය, මන්දිරයේ කනබොන ජනමාධ්‍ය ලොක්කන්ට වෙනස්කල නොහැක. නුඹේ සිතද නුඹට පාලනය කල නොහැක. දිව කෙතෙක් බොරු කිව්වත් නුඹේ සිත ඇත්ත දන්නා නිසා නොබෝ දිනකින් ලන්ඩන් නොව නවදිල්ලියට යාමට පවා නුඹට දෙවරක් සිතන්නට වනු ඇත.

ආයුබෝ වේවා මහරජාණනේ!!!