Sunday, October 24, 2010

ජයග්‍රහණයේ කොන්ෆිඩන්ස් එක.....

මේ ඉරිදා සන්ඩේ ටයිම්ස් පත්තරේ පොලිටිකල් කොළමේ අපූරු හෙඩිමක් තිබුණා. "MR confident of winning LG polls.." ජනපති මහින්ද රාජපක්ශට පලාත්පාලන චන්දය ජයගත හැකි බවට තදබල විශ්වාසයක් ඇතිවී ඇත......ඔන්න ඔහොමයි තිබුණේ.

ඒ හෙඩිම ලියන්න ඇත්තේ අපේ ඇටමැස්සා බ්ලොග් සහෘදයා කියපු මුදලට ලියන හාදයෙක් දෝ යනුවෙන් මට විචිකිච්චාවක් එක්කම දෙකොනෙන්ම හිනා ගියා.

ජනපතිට පලාත්පාලන ජයග්‍රහණය ගැන විස්වාසයිලු.....හැක් හැක් හැක්......

හොඳම ප්‍රතිවාදියාව හිරේ දාලා, එජාපෙ සල්ලි, පට්ටම් දීලා දිය වෙන්නම වැඩේ සෙට් කරලා, ජවිපෙ දෙකට තුනට කඩලා, හෙල උරුමේ බලුකුක්කෝ ගානට හීලෑකරගෙන,කට ඇති පත්තර කාරයෝ මරලා, අතුරුදහන් කරලා නැත්නම් අබ්බගාතයෝ කරලා, චන්ද කොමසාරිස්ව සාක්කුවේ තියාගෙන, පොලීසිය හමුදාව ලව්වා චන්ද වැඩ කරවාගන්න, උසාවි ලව්වා විරුද්දකාරයෝ බොරුවට නඩු පටවලා රිමාන්ඩ් කරව ගන්න පූර්ණ බලයක් ආරුඪකරගෙන ඉන්න, උදේ ඉඳන් රෑ වෙනකන් හැම පත්තරේකම, චැනල් එකකකම ගුණ ගී, බැති ගී බලහත්කාරයෙන් දමා ගන්න ඇම්.ආර් උන්නැහේට දිනන්න කොන්ෆිඩනස් එකක් නැත්නම් දිනන කොන්ෆිඩන්ස් තියෙන්නේ සාධාරණේට චන්ද කරන,  පොලීසිය නීතියට වැඩකරන, කොඳු නාරටි ඇති රජයේ සේවකයෝ ඉන්න පත්තකර කාරයෝ ඉන්න රටවල නායකයින්ටද බොලල්ලා?

හැක් හැක් හැක්

Tuesday, October 19, 2010

දෙවියන්ට සැළකීම

"ජනතාවට සේවය කිරීම, දෙවියන්ට සේවය කිරීම බඳුය....." අපි ජනාධිපතිතුමා මෙහෙම කියුවේ උතුරු පලාත් සංවර්ධනය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමකදී. (Source)

එතුමා කියපු කතාව ඇත්තය. ජනතාව චන්දයදී නායකයින් පත්කරන්නේ තමන්ට වැඩක් කරගන්නටය. ඒ අනුව දේශපාලන නායකයින්ගේ රාජකාරිය ජනතාවට සේවය කිරීමයි. රාජකාරිය දේවකාරිය බවට පිලිගැනීමක් අප රටතුල ඇත. ඒ අනුව රනතාවට සේවය කරන නායකයින් සැබැවින්ම දෙවියන්ට සේවය කරනවාක් මෙන් කැපවී සිටිය යුතුය.

අවාසනාවකට, එතුමා කියන ඇත්ත එතැනින් නවතී. ජනාධිපතිතුමා ඇතුලු රටේ බලය මුළුමණින්ම නතුකරගෙන ඉන්නා රාජපක්ස පවුල ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ යහපතට හා ජනතා සේවයටද? තැන තැන වරායවල්, පාරවල් හැදෙන බවත් මුඩුක්කු පැල්පත් කැඩෙන බවත් ඇත්තය. ඒත් නායකත්වය නියමාකාර ලෙසම රටත් ජනතාවටත් සේවයකරන බවට ඇති සාක්කිය කුමක්ද?

ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය හෝ මාධ්‍ය නිදහස ඉල්ලා නොසිටින බවත්, ඉල්ලා සිටින්නේනේ පාර හදා දෙන්න, වැව් අමුණු හදා දෙන්න වගේ සංවර්ධන කටයුතු බවත් රජගෙදර හා ඉන් පිටත ඉඳගෙන කඹුරන කේවට්ටයින් නිතරම කියන කතාවකි. ඒ කතාව සැබෑවුනත් රාජපක්ශලා කරන්නේ ඇත්තටම රටට හා ජනතාවට උවමනා සංවර්ධන කටයුතුද නැතිනම් තමන්ගේ මඩිය තරවෙන ව්‍යාපෘති පමණක්ද යන්න සිතා බැලිය යුතුය. අනෙක් අතර හම්බන්තොට වරාය, ගුවන්තොටුපොල, ක්‍රීඩාංගනය හ අනෙකුත් මෙකී නොකී හම්බන්තොට ව්‍යාපෘති හා රටවටේ පාරවල් කිහිපයක් හැදීම සන්\වර්ධනය නම් අපට වැඩිකළක් නොගිහින්ම සංවර්ධිත රටක් ලෙස ලෝකයා හමුවේ පෙනිසිටිය හැකිය. පසුගිය දසවසරකටත් වැඩිකාළයක් නොනවත්වා සෑම වසරකම 10% වැඩි ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යන චීනයටත් තව අවුරුදු 20ක්වත් යනතෙක් ලඟාකරගත නොහැකි තත්වයකි රාජපක්ශලා හෙට අනිද්දා වෙනකොට මේ රටට ලබාදෙන්නට යන්නේ.

එහෙත් ගැත්තන්ගේ මාධ්‍ය හරහා පුම්බන මේ ඇස්බැන්දුම් සංවර්ධනය පිටුපස තිබෙනා ඇත්ත ඉතාම ඛේදජනකය. රටේ පිරිමින්ගෙන් වැඩිදෙනෙක් රටයන්නට දතකයි, නර්ස් නෝනලා පුහුණුකරන්නේත් රටේ සෞඛ්‍යය නගාසිටුවීමට වඩා ඇමරිකාවේ, කැනඩාවේ තිබෙන හෙදි පුරප්පාඩු පිරවීමටය. සියයට අසූවක් අනූවක් පහේ ශිෂ්‍යත්ව විභාග කඩඉම මුලුමණින්ම අසමත්වෙයි. පොලීසියකට ගොස් සාධාරණයක් ඉටුකරගැනීමට ලොකු මහත්තයෙක් ගෙන් ටැලිෆෝන් කෝල් එකක් අත්‍යාවශ්‍යය වී ඇත. නැතිනම් පැමිණිල්ල පවා ලියවෙන්නේ හිතූමනාපෙට බලසම්පන්න එකෙක් ගැවිලා ඉන්නවානම් උන් බේරෙන විධියටය. මැරයින්ගෙන් ගුටිකා පැමිණිල්ලක් දැමීමමට පොලීසියට ගිය විට ගුටිකාපු එවුන්ම අල්ලා හිරේ දමා ලැජ්ජා නැතුව නිදහසට කාරනා කියන්නට පුලුවන් පොලීසියක් ජනපතිතුමාගේ අයියන්ඩීගේ අනුහසින්, අනුමතයෙන් බිහිවී ඇත.

වෙළඳපොලේ බඩු කොච්චර ගණන් වුනත්, මාධ්‍යකාරයෙක් ඇසූවිට, "බඩු හරි ලාබයි, අපි හරි ජොලියෙන් ඉන්නේ..." කියා කිවයුතුය. නැත්නම් අවි ආයුධු නිවෙසෙන් හමුවීමට හෝ කසාද බඳිනවා යයි පොරොන්දුවී සල්ලි අරගෙන බැන්දේ නෑ කියලා නඩුවක් හරි වැටෙන්නට පුලුවන.

ආණ්ඩුවේ චන්ඩින්ට, බැලයින්ට, කසකාරයින්ට, වන්දිභට්ටයින්ට මහා වන රක්ශිතවල හෝටල් හදාගත හැකිවුනත්, තමුන්ගෙම ගෙට කඩාගෙන වැටෙන්නට යන තමුන්ගේ වත්තේ ඇති කොස්ගස පර්මිට් එකක් නැතුව කැපුවොත් ඌට හිරේ යන්න වෙනවාමය.

ජනපති උන්නාන්සේ මේවා නොදන්නවා නොවේය. හොඳින්ම දන්නා නමුත් ඔය හැම අවනීතියකින්ම, අවනඩුවකින්ම වාසි විඳින්නේ තමුන්ගේම බැලයින්, වන්දිභට්ටයින් බව දන්නා නිසා එතුමා ඇස් කන් නෑහුනාවගේ ඉඳිමින් සතියට සැරයක් ජනමාද්දියවල තඩි හෙඩ්ලයින් දැමිය හැකි ගැලරියේ කතාවක් කියයි. එතුමා දැන් කරන එකම රාජකාරය එයමය.

ඒ අනුව උන්නැහේ සේවය කරන්නේ ජනතාව හෙවත් දෙවියන්නට නොව තමුන්ගේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරනා යමපල්ලන්ටය. දෙයියන් ගැන කියන්නේ කතාවට විතරය. ඇත්තටම උන්නැහේ දෙයියන්ට කෙලවලා ඉවරය. ඒත් ඉතින් එක අතකට දෙයියන්ට පින්දෙන්න උගන්නන, රජුන් හුනස්නෙන් නැගිට පසඟ පිහිටුවා වැඳ ගෞරව කරන මහා සංඝරත්නයට කොරලා තියෙන දෙය දිහා බැලුවාම රාජපක්ස උන්නැහේ ඔය සේවයකරනවා යයි කියනා දෙයියන්ට කෙලවලා තියෙන හැටි මදියි කියලත් හිතෙනවාය.

Wednesday, October 13, 2010

ඔබාමා ෆොටෝශොප් සෙල්ලමට පසු චීප් ගෙස්ට් උණ

මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාට, තමන් ලෝකයේ පිලිගත් නායකයෙකු බව පෙන්වා සිටීමට ඇත්තේ පුදුමාකාර  ආශාවකි. කෙතෙක් වලිකෑවත් ආශාව ඉස්ඨකරගැනීමට නොහැකිවීම නිසා දොලදුකක් සෑදී ඇති බව පෙනේ. නවදිල්ලියේ පොදුරාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උත්සවයේ ආරාධිත අමුත්තා බවට රටවටා ප්‍රචාරයක් ගෙනගොස්, ඉන්දීය තානාපතිකාර්යයාලයේ විරෝධය නිසා කතාව හෙමින්ම අකුලාගැනීම රාජපක්ශ ලෝක නායක මේනියාවේ අලුත්ම වටය වී ඇත.

එතුමා හා එතුමාගේ කේවට්ට රැළ සිතාගෙන සිටින්නේ ලෝකයේ වෙනත් රටවල (දියුණු රටවල පමණක් නොවේ) කටයුතු සිදුවන්නේද ලංකාවේ දේශපාලන භූමිකාවේ වැඩ සිදුවෙන ආකාරයටම කියායි. ලංකාවේ ඕනෑම ජඩ වැඩක් කල එකෙකුට ආණ්ඩු බලය ඇත්නැම් ජාතික නායකයෙකු විය හැකිය.

විමල් වීරවංශ නැමති ආත්මවංචනිකයාට ජාතික නායකයෙකු ලෙස පෙනී සිටිය හැකිවී ඇත්තේ එබැවිනි. මිනින් ලංකා අඩු මිල ගුවන්යානා සමාගමෙන් කෝටි ගණන් සොරකම් කරගත් සජින් වාස් අද කෝටිපති ව්‍යාපාරිකයෙක් හා ජනාධිපතිවරයාගේ හිතවත්ම ප්‍රාදේශීය දේශපාලකයෙකු ලෙස ඔහු සමග නිළ විදේශ සංචාරවල පවා යෙදෙන්නේ එබැවිනි. මෙවැනි තව ගොඩක් අව-ජාතික නායකයින් රජපස අනුහසින් බිහිවී ඇතත් පිටු ගණන් ලිවිය නොහැකි නිසා දෙදෙනෙකුගෙන් නැවතිය යුතුව තිබේ.

රාජපක්ශලාගේ දුර්දාන්ත වැඩපිලිවෙල ගැන රටේ ජාතික පුවත්පත්, රූපවාහිනී නාලිකා නිහඬව සිටින්නේ ජීවිතාශාව, තම ව්‍යාපාරික කටයුතු ආරක්ශාකර ගැනීම මෙන්ම බොරු චෝදනා යටතේ සිරගතවීමෙන් වැලකී සිටීමට බව අපි සැවොම දන්නා නිසා ජනමාධ්‍යවලට චෝදනා කිරීමෙන් පලක් නැත.

රටේ වගකිවයුතු මිනිසුන් නිහඬව සිටිනා නිසා රාජපක්ශලා සිතාගෙන සිටින්නේ ලෝකයත් එසේමය කියලා වන්නට ඇත. ලෝකයේ රටවල් එලිපිට මහින්ද රාජපක්ශ ජනාධිපතිවරයාට කිසිවක් නොකියන බවත්, රාජතාන්ත්‍රිකව ලබාදිය යුතු ගරු සැලකිලි ලබාදෙන බවත් සැබෑවකි. එහෙත් එසේ රාජපක්ශට සැළකිලි ලැබෙන්නේ එතුමාට ලෝකයෙන් ඇති සැළකීම, ගෞරවය නිසා බව රාජපක්ශලා සිතාගෙන සිටිනවානම් එය ඉමහත් විහිලුවකි.

රාජපක්ශලා වටකරගෙන ඉන්නා හොරු රැළගැන හොඳ වැටහීමක් බොහෝ රටවල්වලට ඇත. වැදගත් සෑම රටකටම තමන්ගේ රජයට තොරතුරු වාර්තාකරන රාජ්‍යතාන්ත්‍රික තොරතුරු ජාල හා ඔත්තු සේවා ඇත. ලංකාවේ අහිංසක මිනිසුන්ට කොළේ වැහුවාට ඉංදියාවට, චීනෙට, ජපානෙට කොලේ වහන්නට රාජපක්ශ සමාගමට නොහැකිය. මෙරට සිදුවෙන්නේ කුමක්ද යන්න මේ සියලු රටවල් හොඳින් දැන සිටී. රාජපක්ශතුමාට හා කේවට්ටයින් නොදන්නේත් මේ ටිකමය.රාජපක්ශ ජනාධිපතිවරයාට සැළකුම් ලැබෙන්නේ ඔහු වදගත් රාජතාන්ත්‍රිකයෙකු ලෙස ලෝකය සලකණ නිසා නොව, ලෝකයේ රටවල් සියල්ලකම රාජ්‍යනායකයෙකුට ලබාදිය යුතු ගරුසැළකිල්ල, ආරක්ශාව හා වරප්‍රසාද පිළිබඳව සම්ප්‍රදායන් තිබෙන නිසාය.

රාජපක්ශ වැනි නායකයෙකුට වුවද නොපැකිල එම සැළකිලි ලබාදීම ලෝක ප්‍රජාවතුල එම රටවල වැදගත්කම හා එම රටවල්වල නායකයින්ගේ ගෞරවය ආරක්ශා ආරක්ශා කිරීම සඳහා ගන්නා පියවරයන් පමණකි. යම් ලෙසකින් රාජපක්ස ජනාධිපතිවරයාට රාජ්‍යනායකයෙකුට ලබාදිය යුතු ගරු සැළකිලි ලබානොදී සිටියහොත් එයින් කැළලක් වන්නේ තම රටටම පමණක් බව ඔවුන්ගේ පිලිගැනීමයි. රාජ්‍යනායකයෙකුට සලකන්නට නොදන්නා රටක් ලෙස පාච්චල් වීමට ඔවුන් කැමතිනැත.

රටපාවා දෙන්නේ නෑ, සුද්දන්ට රට විකුණන්නේ නෑ කියමින් ගැලරියට කෑගසමින් රට චීනාට හා ඉන්දියාවට ලියාදෙමින් සිටිනා රාජපක්ශ චර්යාව මුලු ලොවම හොඳින් දනී. ඒ නිසා රාජපක්ශට දියයුතු සැලකිල්ල දුන්නත් ඉන් එහාට කිසිවක් නොකරන්නට එම රටවල් වගබලාගනී. ඡායාරූපයක් ගත්තත් එය නිළ සම්ප්‍රදායට අනුව අවශ්‍යතාවක් ඇතිනම් පමණක් මිස වෙන කිසිම විටෙක රාජපක්ශ ජනාධිපතිවරයාට එවැනි අවස්ථා නොලැබෙන්නේ එබැවිනි. රාජපක්ශ වෙනත් රටකට ගියවිට ඔවුන් හැසිරෙන්නේ තමුන් අකමැති කරදරකාර නෑදෑයෙක් ගෙදරකට ආවිට ගෙදර ඇත්තන් හැසිරෙන විධියටමය. දිය යුතු සැළකිල්ල දෙන මුත් ඉන් එහාට මුකුත් නැත. යන්නේ කවද්දැයි දින ගනිමින් සිටීම එවැනි නෑයන් ආවිට ගෙහිමියන්ගේ පුරුද්දයි.

විස්සක් යන්නට ඕනෑ රාජ්‍යතාන්ත්‍රික සංචාරයට එකසිය විස්සක් දක්කාගෙන යන මෝඩ නායකයාට විදෙස් රටවල් වල රාජ්‍ය නිළධාරීන් කාටවත් නෑසෙන්නට මොනවා නොකියනවා ඇත්ද? සියගණන් බත්බැළයින්, හොර ගෑණුන්, කොමිස් කාක්කන් ජනාධිපති දූතමණ්ඩල සාමාජිකයින් යයි ලේබල් අලවාගෙන ප්ලේන් පිටින් ගොඩබසින විට එම රටවල් වල රජයේ උසස් නිළධාරීන් පමණක් නොව මැති ඇමතිවරුන් පවා උපහාසයෙන් සිනාවෙනවා නොඅනුමානය. මේ මිනිස්සුන් මේ පුච්චන්නේ ඒ රටේ දුප්පත් මිනිහාගේ සල්ලිනේදැයි මෙහේ සිටිනා රාජපක්ශවාදී මෝඩ දේශප්‍රේමීන්ට නොසිතුනාට ඒ රටවල්වල සිටිනා නායකයින් හොදින් තේරුමගත්තාට සැකනැත.

මේවා ගැන වගේ වගක් නැති එතුමා " මුන්ට මං වගේ ජගතෙක් එක්ක පොටෝ එකක් ගන්නට එන්නට බැරි ඇයිදැයි "  සිතමින් විස්සෝපවෙමින් ඉන්නවා ඇත.

දැන් උන්නැහේ හිතාගෙන ඉන්නේ පොදුරාජ්‍යමණ්ඩල ක්‍රීඩා උලෙල සමාප්තකිරීමේ නිළ උත්සවයේ නිළ ආරාධිතයා වෙන්නට එකම සුදුස්සා තමා කියා වන්නට ඇත. ඉංදියාවේ ජනාධිපති පටෙල් නෝනා, සිං අගමැතිතුමා, අගමැති සිං පිටුපසින් සිටිනා ඉන්දියාවේ කිරුළු නොපන් රැජින සෝනියා ගාන්ධී යන කවුරුවත් මේ ගරුකටයුතු රාජකාරියට සුදුසු නැත. සුදුසු එකම එක්කෙනා අපේ රාජපක්ශ මහරජතුමාම පමණි...

මේනියාවක තරම!

Thursday, October 7, 2010

"ඉල්ලුවොත් සමාව දෙනවා" හෙවත් සුනඛපෝතක වීමෙන් ගැලවීමේ මෙහෙයුම

"පිලිවෙලකට ඇවිල්ලා සමාව ඉල්ලුවොත් දෙඤ්ඤං හාමුදුරුවනේ...මම වෛරකරන්නේ නෑ......"

මේ ලෝකය පිලිගත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතභාවය හිමි, ප්‍රෞඪ ඉතිහාසයක් ඇති රටක නායකයාගේ ප්‍රකාශයකි. ඔහු රාජ්‍යත්වයේ සංකේතය වන දළදා වහන්සේගේ නිළ භාරකාරයායි. තමා බෞද්ධයෙකු බව කියමින් අනෙක් නාකයයින්හට අබෞද්ධයින්, පාවාදෙන්නන්, දේශද්‍රෝහීන් යයි ප්‍රසිද්ධියේ චෝදනාකරන විධායක ජනාධිපතිවරයායි.

භික්ශූන් වහන්සේගේ අවවාද අනුශාසනා වලට අනුකූලව රට පාලනය කරනවා යයි තමන්ම නිතර කියාගන්නා මේ මහා බෞද්ධයාගෙන් දේශපාලන සිරකරු ජෙනරාල් සරත් ෆොන්සේකාට සමාව දී නිදහස් කරන ලෙස රටේ පිලිගත්, ගෞරවයට පාත්‍රවුනු සංඝනායකයින් පිරිසක් ඉල්ලා සිටියේ නොබෝදාය. ඒ ඉල්ලීම කරනු ලැබුවේ ඉතා වැදගත් ලෙස, නිසි ප්‍රසිද්ධියක් ලබාදී, නිසි පිළිවෙලකයට අනුවය.

පිලිවෙලකට ඉල්ලුවොත් සමාව දෙනවා කියූ රාජ්‍යනායකයා නිහඬය. ඕපාදූප කොළම් කාරයන් දේශපාලන ඕපාදූප තීරු ලිපිවල ජනාධිපතිතුමා කලායයි කියමින් දමන පල්බොරු හැරෙන්නට සංඝරත්නයේ ඉල්ලීමට පිලිතුරක්වත් නැත. පෙනෙනා විධියට සංඝරත්නයේ ඉල්ලීම වැදගත් ලෙස සිදුකර නැත, රටේ ප්‍රධාන බෞද්ධයාගෙන් නිළ පිළිතුරක් නැත්තේ එබැවින් විය යුතුය.

ඉල්ලිම කර ඇත්තේ හිරකාරයා නොවන බැවින් කිසිදු ප්‍රතිචාරයක් අනවශ්‍යයයි තර්ක කරන කේවට්ටයෝද සිටිති. සිනහවට කාරණය නම් ෆොන්සේකා තරඟ බිමට එනවිට සංඝාඥාවක් නිකුත්කොට වැඩේ නවත්වන බවට සඟ පිරිසක් ප්‍රකාශකරනවිට එය කරතියාගෙන රටවටේ දුවගෙන ගියේත් මේ කේවට්ටයින්ම වීමයි. ප්‍රකාශය ෆොන්සේකාට විරුද්ධවනම්, එය නිළ ප්‍රකාශයක් වීම ඉබේම සිදුවෙයි. නැත්නම් ප්‍රකාශකයින් රටපිලිගත් භික්ශූන්වහන්සේලා වුවත් පයිසයකට මායිම් නොකල යුතුය. ජේවීපී කාරයෙක් හෝ කොන්ද පණ ඇති යූඇන්පී එකෙක් ප්‍රකාශය කරානම් ඌ ඉන්ස්ටන්ට් දේශද්‍රෝහියෙකි.

සිදුවන්නේ කුමක්ද?

සිදුවන්නේ කෙසේහෝ රජතෙමේ බලුවීම වැලැක්වීමේ දැවැන්ත මෙහෙයුමකි. ෆොන්සේකා හිරේ ගියේත් වීරයෙකු ලෙස බව දැන් වාසලට වැටහී තිබේ. ඔහු සිරකරුවන් අතර, ජේලර්ලා අතරද වීරයෙකි. වීරයාට පිලිගැනීමක් ලැබෙන්නට ඔබාමා සමග හිනාවෙන බව පෙනවන ෆොටෝශොප් කරපු ඡායාරූප අවශ්‍යය නැත. යන යන තැන මිනිසුන් හිස නමා සැබෑ වීරයා එනවිට බුහුමන් දක්වයි. හුනස්නෙන් නැගී සිටී. වාසල කුකන්නට මෙන්ම දඩෝරියන්ටත්, හාම්පුතාලාටත් ඉවසන්නට බැරි මේ පිලිගැනීමයි. පට්ටම් ගලවා හිරේ දමා නැතිකරන්නට වලිකෑවද විරුවාගේ රැස් ප්‍රභාව තව තවත් වැඩියේ. රජාට ෆොටෝශොප් නැතුව ජාම බේරාගත නොහැකිවෙමින් තිබේ. පුදුමාකාර උභතෝකෝටිකයෙකි. බෝම්බ ගසා මැරුණේ නැති එකා හිරේදමා නසන්නට, වලලන්නට නොහැකිබව මේ මස්තිශ්ක වලට අවබෝධවන්නේ නැත. එලාර සමග යුධයට ගිය ගැමුණු රජූ වීරයා වුනා මිස ඔහුගේ ජෙනරාල්ලා වීරයන් නොවුනු බවද වාසල කේවට්ටයින් නිතර පවසයි. ඒ නිසා ජෙනරාල් ෆොන්සේකාගේ වීරකමට පැවැත්මක් නැතයි තරක කරයි. ඒත් ගැමුණු වීරයා වුනේ ෆීල්ඩ් එකේ සටන් කල නිසා බව අමතකය. කොතෙක් වලිකෑවද ෆොන්සේකාගේ රැස් ප්‍රභාව මකන්නට නොහැක්කේ එබැවිනි. ගල උඩ සටන් කොට දිනූ එකා වීරයා වෙනවා මිස කට්-අවුට් පප්පලා වීරයින් ලෙස ජනහදවත් තුලට ඇතුලු නොවේ.

හිරේ යැව්වත් විරුවාගේ ප්‍රභාව එසේම නිසා සමාව දුන්නොත් තවත් රජ බලුවේ. බොරු නඩු පැටවූ බව තහවුරුවේ. හිරේ දිගටම ඉන්නට හැරියොත් මැන්ඩෙලා කෙනෙකුට පන්නරය ලැබෙනු ඇතැයි උපදෙස්ද නොලැබී තිබෙන්නට බැරි නැත. ගොඩ යන්නට ඇත් එකම මාර්ගය කෙසේහෝ ෆොන්සේකාව මාලිගාවට ගෙන්වාගෙන " මට සමාව දෙන්න" කියා කියාවා ගැනීමය. එවිට ෆොන්සේකා මහා පාපොච්චාරණයක් කොට හඬා වැටී සමාව ඉල්ලුවායයි දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කොට තව යුද්ධාධිකරන දුසිමකටවත් කරන්නට බැරිවෙන ෆොන්සේකා වැරදිකාරයා කිරීම සිදුකොට රජගේ ජාම බේරාගත හැකිය.

අසූචිබුදින්නන් වටකොට ගෙන ඉන්න එතුමාට, සිංහයින් සාගින්නේ මැරෙන්නට ගියත් තණකොල බුදින්නේ නැති බව අමතකවී ඇත. එය එතුමාගේ අවාසනාවය.

Wednesday, October 6, 2010

ගිරග්ග සමජ්ජ

ජනපති දෙවැනි ධුර කාලයේ දිවුරුම් දීමේ රාජ්‍ය උළෙල අනුරාධපුරයේදී

අනුර බාලසූරිය

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය දෙවන ධුර කාලයේ දිවුරුම් දීමේ රාජ්‍ය උත්සවය ලබන මස 18 හෝ 19 දින ඓතිහාසික අනුරාධපුර රාජධානියේදී උත්කර්ෂවත් අන්දමින් සිදුකිරීමට නියමිතය.

දෙවන ධුර කාලයේ දිවුරුම් දෙන දිනයේදී මාගම්පුර වරායට පළමු නැව සේන්දු වීමත් සමඟ එදින මෙරටට ඓතිහාසික දිනයක්‌ බවට පත්වනු ඇතැයි යෞවන කටයුතු ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා පැවසීය.

තවත් නැටුමකට සියල්ල සූදානම් වෙමින් තිබේ. මේ නැටුමත් ඓතිහාසික නැටුමක් බව පැවසේ. දෙවැනි පදවිප්‍රාප්තිය වෙන දිනයේම මාගමට පලමු නැව පැමිණීමත් මහත්වූ ඓතිහාසිකමය සන්ධිස්ථානයක් වන බව ඩලස් කියා දිවයින වාර්තාකර තිබේ. ඇත්තය පදවිප්‍රාප්ත වනවිටම නැවක් ඒම වියසිදුරෙන් අහසබැලීම වැනි අවම සම්භාවිතාවිතාවයක් ඇති සිදුවීමකි.

ලෝකයේ වරායවලට නැව් එන්නේ, නැවේ කප්පිත්තාට ඕනෑ වෙලාවට නැත්නම් නැවේ ගෙනයන බඩුවල අයිතිකාරයන්ට ඕනෑ වෙලාවට මිස ජනාධිපතිකෙනෙකුගේ ටයිම් ටේබල් එකට නොවේ. ඒ වෙන රටවලය, දියුණු වරායවලය. ඒත් ඉතින් ලංකාවේ නම් මේ ට්යිමින් සෙට්වෙන්නේ පුදුමාකාර විධියටමය. හැමදේම කැරකෙන්නේ එතුමාට ඓතිහාසික ෆොටෝ ඔපර්චූනිටි එකක් දෙන්නට, හැම චැනල් එකකම ලයිව් නොපෙන්නා බැරිවෙන විධියටය. 

ඔය කියන මාගම වරායට භාන්ඩයක් යවන්නට නැවක ඉඩක් වෙන්කරගන්නට කිසිම නැව් ඒජන්තයෙකු හරහා තවම බැරිය. පදවිප්‍රාප්තියේදී සේන්දුවෙන නැවේ ඉඩ තියේවිදැයි කියන්නටත් බැරිය, ඊට පස්සේවත් පුලුවන් වෙයිදැයි දන්නේ නැතිය. කරදියවරෙන් පස්සේ වරාය බලන්නට ගිය එවුන් "මොන් හුත්තක්ද ඕයි, කෝ වතුර?" කියලා අහල පහල එවුන්ගෙන් අසමින් කරදිවර දා බඩයන්නට කොමෙන්ට්‍රි දුන් ටීවී චැනල් නිවේදකයින්ගේ මෑණිවරුන් මතක්කරගත් ආකාරය අපි සියැසින් දැක්කෙමු.

ඒත් එතකොට නැටුම නටලා, සල්ලි පුච්චලා ඉවරය. ප්‍රභාකරන් ගොයියා කිව්වාවගේ සති දෙකේ මතක කාලය දැන් ඉවර නිසා දැන් අලුත් නැටුමකට නිමිත්ත එළැඹී ඇත.

වැඩේට ගෙන්න ගන්නා නැවට ( ප්‍රායෝගිකවනම් ලොකු බහුදින ට්‍රෝලර් බෝට්ටුවක් මිස නැවක් විය නොහැකි බව අපිට හිතෙන්නේ අපි දේශද්‍රෝහීන් නිසාම වන්න ඇත ) ගෙවන ගාන, ඕක ලයිව් දෙන්නට රූපවාහිනී විකාශ චන්ද්‍රිකා සමාගමට ඩොලර්වලින් ගෙවන ගාන, පදවි-ප්‍රාප්ති ගිරග්ග සමජ්ජයට අනුරාධපුරයට හා මාගමට පටවන දසදහස් ගණන් බත්බැලයන්ට, ආරක්ශක හමුදා පොලිස් බලඇණිවලට වාහනවලට, රියදුරන්ට, අලි ඇතුන් නැට්ටුවන් හා අනෙක් සැරසිලිවලට පුච්චන මහජන මුදල් සම්භාරය ගැන කතාවක්වත් නැත.

මේ පුච්චන්නේ මැද-පෙරදිග ඇණ ගසාගෙන ගුටිකකා කඹුරන රජ්ජුමාලාවන්, කොරියාවේ ජපානේ ඉතාලියේ පව්ගෙවන මිනිසුන් හා ඇඟලුම් කර්මාන්තයේ දුක්විඳින ගැහැණුම් මෙරටට ගෙන්වාගන්න ධන සම්පත බව මේ නරුමයින් මදකට හිතන්නේ නැත.

බල්ලන්ට දෙන බත් ඇටයත් මහජන මුදලින් දන්දෙන මහ රජ්ජුරුවෝත්, කෝවට්ටයෝත් කටුකන බැලයෝත් උරා බොන්නේ මේ රටේ සාරය බවත් අනාගතය බවත් මිනිසුන් තේරුම්ගෙන නැගී සිටින තුරු මේ ගිරග්ග සමජ්ජ සංදර්ශණ සන්නිය කෙලවර වෙන්නේ නැත. කරදියවර බලාගන්නට ගොස් මඩගොඩේ සුලුදිය පහරක් බලාගෙන සිට බඩගින්නේ ගෙඩ්ගරගියාක් මෙන් හැමැදෑමත් රැවටෙනු ඇත.